Wednesday, January 29, 2014

දිනයක නිමාව - END OF A DAY

හවස් වරුවේ ඉර බැහැල යන්න ලං වෙද්දී අහස මවන දර්ශන බලන් ඉන්න වටිනවා. මම කොහොමත් හරිම ප්‍රියයි ඉර බැහැල යන දර්ශන පින්තුර ගන්න. ඊයේ හවස් වරුවේ ඉර ක්ෂිතිජයට ලංවෙනකොට මම කුරුල්ලන්ගේ පින්තුර දඩයමක යෙදිලයි හිටියේ. ඉර බහින දර්ශන සැහෙන්න මගේ පරිගණකයේ එකතු වෙලා තිබුනත් ඒ ගොඩට තව පින්තුර ටිකක් එකතු කර ගන්න හිතන් මම පින්තුරයක් ගන්න තැනක් හොයාගෙන ගමන් අරඹ කළා. අන්තිමේ නතර උනේ මිට කලිනුත් පින්තුර ගත්ත තැනක. මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් මේ ස්ථානයේදීම කලින් ගත්ත පින්තුරයක් දැක ගන්න පුළුවන් වේවි. 







4 comments:

  1. අපේ ජීවිතත් කවදාහරි ඕ වගේම බැහැලා යයි.. ඒ වෙනකන් කරන්ඩ කටයුතුත් ඉටු කරන්ඩ යුතුකමුත් මහ අටෝරාසියක් තියෙනවා. ඒ ටික කරලා සතුටින් බැහැලා යන්ඩයි මගේ එකම පැතුම.. !

    ඒ දවස උදා උනාම සතුටින් ඕවගේම ලස්සනට බැහැලා යාවි.... පින්තුරේ දැක්කහම මට හිතුන දේ කිව්වේ.
    ලස්සනයි පින්තූරේ

    ReplyDelete
    Replies
    1. අනිවා. කාගේත් පැතුමත් ඕකම තමයි. ඉර නම් පායද්දි වගේම බැහැල යද්දිත් ලස්සන දසුන් මවනවා.

      Delete
  2. මධුරංග කියපු එක ඇත්ත. බැහැලා යන හිරු අහසට මාරම ලස්සනක් දෙනවා, දවසම සේවය කරලා අවසාන මොහොතෙත් අහස ලස්සන කරලයි යන්නේ, අපේ ජීවිත්ත් ඔය වගේ තමයි කොච්චර තේජසකින් හිටියත් බැහැලා යන්න වෙනවා ඒත් එතකොටත් ලොකය සුවදවත් වෙනවනම් කොච්චර හොදද

    ReplyDelete
    Replies
    1. මට සින්දුවක් මතක් උන ඔබේ කමෙන්ටුව දැක්කම.
      මිනිසා සුවදයි මල සේ
      නුවනින් එළියයි හිරු සේ
      පරවී වැටෙනා
      ඒ හිරු මල මේ දෙරණේ

      ස්තුති මේ පැත්තට ගොඩ උනාට

      Delete