Thursday, February 13, 2014

බළල් ගොවිපළ - CAT FARM

පුසෝ අමුතු සත්තු ජාතියක්. ගෘහාශ්‍රිත සතෙක් උනත් අර්ධ වල් ලක්ෂණ තියෙන, අමුතු හැසිරීම් තියෙන පුසා මිනිස්සුන්ට තියෙන සමීප කම දෙවෙනි වෙන්නේ සුනකයන්ට විතරයි කියලයි මට හිතෙන්නේ. ගිය සතියේ අතුරු දහන වෙච්ච මගේ යෙලෝ ෆෙලෝ කියන පූස්  මිතුරාගේ පින්තුර ටිකක් පල කළා නේ. මේ පාර වෙන පුසෝ  ටිකකගේ පින්තුර ටිකක් තමයි එකතු කර ගත්තේ පල කරන්න. කිරි ගොවිපලක් වුනු මගේ  රැකියා ස්ථානයේ හැම අස්සක මුල්ලකම පුසෝ පිරිලා ඉන්නවා. ඕන තරම් එල කිරි, මස් තියෙන නිසාද මන්ද. අපේ ඉන්දියානු මිතුරෙක් නම් කියන්නේ මේක හරක් ගොවිපලක් නෙමෙයි, පූස් ගොවිපලක් කියලයි. ඒ තරම්ම පුසෝ. කොහොමත් මේ අරාබි රටවල් වල බල්ලෝ ඇති කරන්නේ නැති නිසාමද මන්ද, අපේ රටවල අයාලේ යන බල්ලන්ගේ තැන මෙහෙ අරන් ඉන්නේ පුසෝ. ඉතින් පශු වෛදයවරයෙකුත් වෙච්චි, කැමරාවකුත් අතේ තිබිච්චි, මගේ ලගත් පුසන්ගේ පින්තුර නැත්නම් ඉතින් ලොවෙත් නෑ තමයි. (පුසා සහ පශු වෛද්‍යවරයා ගැන කතාවක් කතන්දර බ්ලොගේත් ලියල තිබුන. ලින්ක් එක දාන්න ලිපිය හොයා ගන්න බැරි උනා.)
පින්තුර ටික දාන්න කලින් ඔන්න ඔහේ පුසො ගැන මතක් වෙන කරුණු ටිකකුත් පිළිවෙලක් නැතුව කොටලා දාන්නම්.
  • කට්ටිය කියනවානේ පුසොයි ගැනු ළමයිනුයි එක වගේ කියල. අල්ලලා වඩාගන්න හදනකොට හුරලා පැනල යනවලු. ගන්නන් නොගෙන ඉන්නකොට ඇවිත් ඇගේ ඇතිල්ලෙනවලු.
  • ඊජිප්තුවේදීලු මුලින්ම මෙයාලව ගෙවල් වලට පුරුදු කරන තියෙන්නේ. 
  • මියෝ අල්ලන්න තමයි වැඩිපුරම ප්‍රසිද්ධ. මාංශ භාක්ෂකයෙක් වෙච්ච මෙයාලට අපි දෙන කෑම වලින් අවශ්‍ය කරන පෝෂණ අවශ්‍යතා ඔක්කොම පියව ගන්න බෑ. ඒ නිසා දඩයම අනිවාර්යයෙන්ම කරන්න ඕනා. ඒ නිසා මීයෙක්, කුරුල්ලෙක්, ලේනෙක් අල්ලන්නම ඕන පුසෙක් උනාම.
  • තියුණු ශ්‍රවනයක්, ඉවක් වගේම රාත්‍රියේ හොද ඇස පෙනීමක් තියෙනවා. ඒ වගේම මුනේ තියෙන රැවුල් ගස් (whiskers) හරිම සංවේදී. 
  • Acetaminophen නොහොත් paracetamol නැත්නම් පැනඩෝල් කියන්නේ පුසන්ගේ මාරයෙක්. මිනිස්සු කෝකටත් තෛලේ විදිහට පාවිච්චි කරන මේ බෙහෙත කිසිම විටෙක පුසෙකුට, බල්ලෙකුට නම් දෙන්න එපා. මීට අමතරව චොකලට්, සුදු ලුණු, ලුණුත් මද වශයෙන් විෂ සහිතයි. 
  • සුපිරිසිදු සතෙක්. පනාවක් වගේ කටු සහිත දිව පාවිච්චි කරලා නිතරම නාන මෙයාල හරිම පිරිසිදුවට ජිවත් වෙනවා. 
  • ජලභීතිකාව කියන මාරාන්තික රෝගය පතුරන්න දායක වෙන සතෙක්. ඒ නිසා එන්නත් කරන එක වැදගත්.
  • ලිංගික ක්‍රියාවලිය හරිම රළු විදිහේ එකක් (ROUGH). පිරිමි සතා ගැහැණු සතාගේ බෙල්ල හපාගෙන තමයි පිට උඩට නගින්නේ. පිරිමි සතාගේ ලිංගයේ තියෙන කටු (SPINES) නිසා මේ ක්‍රියාවලිය ටිකක් වේදනාකාරී කියලයි කියන්නේ. වැඩේ ඉවර උන ගමන් ගැහැණු සතා පිරිමි සතාව කන්න පනිනවලු ඒ නිසා. ඔන්න බෙල්ල හපාගෙන ඉන්න පින්තුරෙකුත් මම අල්ල ගත්තා. 
දැන් ඉතින් පින්තුර ටික බලමු.



පොලව ඇදයි 



කව්රු හරි කීවද මම අවාසනාවන්තයි කියල.?


අම්මේ මෙන්න මු මොකද්ද එකක් අපේ දිහාට දික් කරනවා.










මේකා නම් මල පෙරේත පුසෙක්. කන්න ගියාම බඩ උස්සගෙන ඉන්න බැරි වෙනකල් කනවා.





අහිංසකයි රටක් වටි

මේ ඉන්නේ බෙල්ල හපාගෙන, පිට උඩ නැගගෙන 

19 comments:

  1. නියමයි ඔයාට වෙනම ශෛලියක් තියෙන්නේ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති දේශකයාණනි. ජයවේවා

      Delete
  2. මගෙ කමෙන්ට් එක ස්පෑම් වෙලාවත් ද ? ;((

    ReplyDelete
    Replies
    1. නෑ නේ. ස්පෑම් එකේ නෑ. මොකද උනේ. අයෙත් දාන්න බලන්න. [-(

      Delete
    2. එහෙනම් මොකක් හරි අවුලක් යන්න ඇති...
      මේකෙ තියන සමහර පින්තූර මට මගෙ අන්තිම බලල් මිත්‍රයාව සිහි ගන්වනවා. බලල්ලු අපි ලඟදි උඩුබැලි අතට පෙරලෙන්නෙ, විශ්වාසය පල කරන්න කියල මං අහල තියනව..

      මෙහෙ ගෙදරකත් ඉන්නව බලල්ලු 10 ක් විතර. උන් රෑට රණ්ඩු වෙනකොට කෑ ගහන සද්දෙයි, ප්‍රජනන කාලෙටද කොහෙද මහා හයියෙන් බේස් වැඩි කරල ඤාව් ගාන සද්දෙ තමයි අහන් ඉන්න බැරි. අර ලිංගික අපහසුතාවය කොටින්ටත් තියනව ලු නේද ? උන් බෝ වීම අඩුවෙන් සිද්ධ වෙන්නෙ ඒ නිසා කියල කොහෙන් හරි කියෙව්ව වාගෙ මතකයි..

      //Acetaminophen නොහොත් paracetamol නැත්නම්// එතනින් පටන් ගන්න විස්තරේ නම් සෑහෙන්න වැදගත්. පස්සෙ කාලෙක හරි ප්‍රයෝජනවත් වෙයි.

      මං දැක්ක පත්තරේක තියනව මැදපෙරදිග පැත්තෙ සංගීත භාණ්ඩ වෙලඳ සැලක බලල්ලු බර ගාණක් නිදහසේ ඉන්න පින්තුරයක්. ඒකෙ අයිතිකාරය උන්ට කන්න බොන්න දීල බලා ගන්නව ලු..

      Delete
    3. කොටින්ගෙ බෝ වීම අඩු වෙන්නෙ මේ වෙදනාත්මක තත්වෙ නිසා නෙමෙයි. මේ බලල් පව්ලේ ගැහැනු සත්තු ඩිම්බ පිට කරන්නෙ ලිංගික පද්දතිය හොදටම උත්තෙජනය උනොත් විතරයි. ඒ නිසාමයි පිරිමි ලිංගයේ කටු කටු පිහිටලා තියෙන්නෙ. නමුත් මේ සදහා පිරිමි සත්තු කිහිපදෙනෙක් එක්ක එකතු වෙන එක්කත් වැදගත්. කොටින්ගෙ ගහන ගනත්වය අඩු නිසා එක ගැහැනු සතෙක්ට පිරිමි සත්තු කිහිපදෙනෙක් එක්ක එකතු වෙන්න අවස්තාව නැතිකම වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

      Delete
  3. සැහෙන හොඳ බළල් විස්තරයක්නේ විකී . ඔයාගේ නැති වෙච්ච යාලුවා හම්බුනාද ?

    ReplyDelete
    Replies
    1. අනේ මගේ පූස් සගයා නම් ආවෙ නෑ.

      Delete
  4. වටිනා බලල් විස්තරයක්. පිංතූරත් පංකාදුයි!!

    ReplyDelete
  5. පූසන්ට මම එච්චරම ආස නැති උනත් පින්තූර ටිකනම් එල..

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර ආස නෑ. එත් මම මෙහෙ ආවට පස්සෙ තනි නොතනියට හිටිය මගේ පූස් මිතුර නිසා තමයි කැමැත්තක් ඇති උනේ.

      Delete
  6. මම නං ඔය යක්කුන්ට ආසා නැ

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිරිමි අය කැමති නෑ තමයි පුසන්ට. මමත් ඉස්සර දැක්ක තැන ගල් මුල් ප්‍රහාර තමයි එල්ල කලේ.

      Delete
  7. කලු පූසෝ ඇති කරන්ඩ හොඳ නෑලූ. අවාසනාවයි කියන්නේ. නමුත් මම ඒකට හේතුව නම් දන්නේ නෑ. තව එකක් තමා බලල්ලුන්ට පන නමයක් තියෙනවාලු. ඒ විතරක් නෙමේ බලල්ලු තමන්ගේ මරණය කිට්ටු උනහම ජීවත් වෙලා ඉන්න පරිසරයෙන් ඈත් වෙනවාලූ.

    ඔය ටික තමා මේ පින්තූරු පෝස්ට් එක දැක්කහම මතක් උනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක නිසා තමයි අර කළු පුස්ගේ පින්තුරේට දැම්මේ ඒ බව ඇගවෙන මාතෘකාවක්. වාහනේකට පුසෙක් යට උනොත් ඒ වාහනෙන් වැඩක් නෑ කියලත් කියනවා.

      Delete
  8. පින්තූර ටිකනම් මරු...හැබැයි පුසොන්ට නම් ආසා නෑ මම..

    ReplyDelete
    Replies
    1. හිතුවට වඩා කට්ටිය අකමැති නේ පුසන්ට

      Delete
  9. හරිම අපුරුයි.!!!
    ඔබ පශු වෛදයවරයෙත් බව දැනගැනීම සතුටක්, මට ඔබගේ email ලිපිනය දෙන්න හැකිද? මෙන්න මගේ email ලිපිනය ayilas419@gmail.com

    ReplyDelete