Tuesday, February 25, 2014

හුදෙකලා ගවේෂණ

නෙලා දෝතින් 

ආර්ථික සමෘද්ධිමත් කම අති ලෝකේ ඉහලින්ම ඉන්න රටක් මේ කාන්තාර දේශය. මෑතකදි මං කියවපු ලිපියකට අනුව ලෝකයේ වැඩිම මිලියනපතියන් ඝනත්වයක් තියෙන්නෙ මේ කටාර් රාජ්‍යයේ අග නගරය වෙච්ච දෝහා නගරයේ. ඇත්තටම මේ රට කියන්නෙ දෝහා නගරයටයි. කටාර් රාජ්‍යය කියල කියනවට වඩා බහුතරයක් දෙනා මේ රට හදුන්වන්නෙ දෝහා කටාර් කියන නමින් නේ. ඒකෙන්ම තේරෙනව නේ කටාර් රාජ්‍යය කියන්නෙ දෝහා නගරය බව. ඉතින් මේ තරම් පොහොසත් නගරයක් මොන තරම් දියුනු ඇත්ද? කොයි තරම් ලස්සන ඇද්ද?

මීට වසරකට විතර කලින් දෝහා ගුවන්තොටෙන් ගොඩ බැහැල මාව එක්ක යන්න ආ වාහනේ නැගල මං මේ නගරයෙන් එලියට ආවා. මුලින්ම සුපිරි වාහන් පිරුනු වීදී පහුකරන් අධිවේගී මා‍ර්ගයකටත්, එතනින් මිනිස් පුලුටක් තියා ගහක් කොලක් වත් නැති වියලිච්ච් කාන්තරේ මැද්දෙනුත් ආපු මම නතර උනේ කාන්තරේ මැද තියෙන ගොවිපලක. එදා ඉදන් මාස කිහිපයක් යන තෙක් මං මේ තාප්පයෙන් එලියට ආවේ කිහිප විටක් විතරයි, වාහනයක් ලැබුනයින් පස්සෙ ඕනම මොහොතක එහා මෙහා යන්න හැකියාව ලැබුනත් මේ විශාල නගරයට නම් මං ගියේ අත්‍යවශය කාරනා වලට විතරමයි. මොකක් හෝ කාරනාවක් නිසා මේ විසල් නගරය ගවේෂනය කරන්න උවමනාවක් මට ඇති උනේ නෑ. මේ නගරයේ මං දන්න කියන කිසි කෙනෙක් නැති නිසාත්, නොදන්න නගර‍යක් ගවේෂනය කරන්න උද්‍යෝගයක් තියෙන හිත මිතුරු සගයෙක් නැති වීමත් මේකට හේතු වෙන්න ඇති. ඒ නිසා මේ නගර කොතරම් දියුනුද, ලස්සනද කියල අදහසක් පල කරන්න තරම් මං දෝහා නගරය දැකලා නෑ.

ඒ වෙනුවට ගොවිපලේ තාප්පයෙන් එපිට තියෙන හිස් කාන්තාර  භූමිය ගවේෂනය කරන්න මං ටිකෙන් ටික පුරුදු උනා. නිදහස් හිරකරුවෙක් වගේ කියලා සමහර විට මට දැනෙන මේ ගෙවෙන  ජිවිතයේ තනිකම දැනෙන මොහොතවල් වල මං මේ කාන්තාරේ වටේ ඇවිද්දා. සිව් සක දාවකයක් හෙවත් ෆෝ වීල් ඩ්‍රයිව් නොවුන මගේ වාහනේට වද දෙමින් මම කාන්තාරේ පුරා ඇවිද්දා. විශේෂයෙන්ම මට ගෙවාගන්න අමාරුම දවස් උනු නිවාඩු දවස් වල. මේ ගමන් වලදි මං දුටු දේවල් සටහන් කර ගත්තේ මගේ කැමරාව.

ඉතිං මේ විදිහට පහුගිය සතියේ නිවාඩු දවසක මං වාහනේ කාන්තාරය දිහාවට කැරකුවා. කලින් ගවේෂනය නොකරපු ඉසව්වකින් පටන් ගත්ත ගමන කුරුල්ලො කිහිප දෙනෙක් පස්සෙනුත් , අන්තිමේ බටහිර ක්ෂිතිජයේ හැංගෙන ඉර පස්සෙනුත් ගමන් කරල තමයි නැවතුනේ. මේ ඒ ගමනේ සටහන් කර ගත්ත පින්තුර. අල්ල ගත්ත හොදම පින්තුරේ තමයි උඩින්ම දැම්මේ.

ගොඩ බිම නැව් 

නැවකුයි, පොඩි පහේ බෝට්ටුවකුයි 

ජිවන සටන

රිටි පන්නය


මිට වඩා ලං වෙන්න දුන්නෙම නෑ

තවත් කුරුල්ලෙක්. මේ ඇමරිකන් කුරුළු හමුදාව 


පාළු නැසීම 




camouflage - crested lark මියුරු ගායකයෙක්  



සමබර - මාල කොබෙයියා

සිමා මායිම් නැති 




ලොකු - පොඩි 

තනියට ඉන්නම් 







ගමන් සගයා


20 comments:

  1. රිටි පන්නයයි ලොකු පොඩි යි මට වැඩියෙන් ලස්සනයි. අර ඔටුවගෙ ඉස්සරහ කකුල් එකට බැඳල ද තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් වැඩියෙන්ම කැමති ඒ දෙකට තමයි.
      ඔටුවො නිදැල්ලෙ අරිනකොට මේ විදිහට කකුල් ගැට ගහල තමයි දාන්නෙ.ේතකොට හයියෙන් දුවන්නබැරි නිසා වෙන්න ඇති.

      Delete
  2. පලවෙනි පින්තූරෙයි ලොකු පොඩි එකයි මරු....එතකොට චමින්දගෙ උදව්වට කවුරුත් නැද්ද? වාහනේ GMC Acadia එකක් වගේ... (o)

    ReplyDelete
    Replies
    1. රාජකාරි කරනකොට නම් උදව්වට ඉන්නව ගොඩක්. විශ්වවිද්‍යාලයේ එකට හිටපු සගයො දෙන්නෙකුත් ඉන්නව මගෙ ගොවිපලේම. ඒත් 3දෙනාට වෙන වෙනමයි නිවාඩු ලැබෙන්නෙ.
      මේක GMC terrian එකක්

      Delete
  3. ලොකු පොඩි කියන ෆොටෝවට උඩින් තියෙන්නේ දේශ සීමාවද? අපූරුයි ඔය වාහනේ ෆෝ වීල් නැද්ද? පෙනුමේ හැටියටනම් තියෙන්න ඕනේ වගේ (h)

    ReplyDelete
    Replies
    1. නෑ. ඒ අපේ ගොවිපල් ලග තියෙන තව ගොවිපලක සීමාව.
      ෆෝ වීල් නැති එක තමයි මේකෙ එකම අඩුව.

      Delete
  4. මේ emoticon ටික කොහොමද දැම්මේ ?

    ReplyDelete
    Replies
    1. මේවා මේ අච්චුව templet එක දැම්මම නිකම්ම ආවා.
      ඒක නෙමෙයි මොකද ඉවාන්ගෙ බ්ලොග් එක අපට එන්න බැරි වෙන්න වහල දාල තියෙන්නෙ

      Delete
  5. ඔබගේ ශෛලිය අනුව ඔබ ලියන්න බෝම ටිකයි නේ.. ඒක නිසා ඒ ටික කියවන්නාට පැහැදිලිව අපහසුවකින් තොරව කියවන්න හැකි වෙන විදියට හදන්න. ඔබ මේ අකුරු වෙන තැනකින් ගෙනැත් අලවන නිසා ලයින් අතර ස්පේස් එක පවා වැඩි කරන්න ඕන. ජය වේවා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් විට බ්ලොගර් එකේමයි ටයිප් කරන්නෙ. ඒත් මේ අච්චුවේ අකුරු පොඩිවට පෙන්නන නිසා අකුරු වල ප්‍රමානය වැඩි කරනවා. උත්සහ කරන්නම් මීට වඩා කියවන්න ලේසි විදිහට හදන්න

      Delete
  6. නි‍යමයි චමින්ද. අදමයි මේ පැත්තට ආවෙ.

    පින්තූර ටික නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට. ස්තුති.

      Delete
  7. ඒක නෙමේ.. කාන්තාරේ ඉදලා ඔටුවෙක් පිටේ ගිහින් නැද්ද ? මම නම් ගිහින් නෑ.. යන්න ආසයි. මරු අත්දැකීමක් වේවී ඒක.. :)
    පින්තූර ගැන කියන්න දෙයක් නෑ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තාම නෑ නේ අවස්තාවක් ලැබුනෙ. පහුගිය කාලේ මෙහෙ පැතිරෙන්න ගත්ත MERS කියන ලෙඩේ මේ ඔටුවන්ගෙන් එනව කියල කියපු නිසා මම බයේ හිටියෙ ඔටුවෙක් ලගට යන්නවත්. ඒත් දැන් නම් ආසයි ඔටුවෙක් පිටේ යන්න

      Delete
  8. පිංතූර ගැනනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ ලස්සනයි කියලා තමයි මචං..

    ReplyDelete
  9. අප්පා දෝහා නගරේ මැද්දෑවේ ඉන්නවට වඩා ඔහොම ඉන්න එක හොඳයි. ඔබටනම් දවසකින් දෙකකින් නගරය එපා වෙයි.අපිට ලස්සන ෆොටෝ ටිකක් බලන්න පුළුවන් ඔහොම ඉන්නකොට . අර අං තියෙන සුදු මුවෝ එහෙම දැක්ක නැද්ද? මමත් කාලයක් දෝහා ඉඳන් අල්කොර් ගියා උදේ හවා . එතකොට තැන තැන පොඩි ගොවිපල දැක්කා .

    ReplyDelete
    Replies
    1. ඔව්. මම කැමති නගරයෙන් ඈත් වෙලා මේ ඩොටේ කාන්තාරෙ ගෙවෙන ජීවිතේට. ඒත් කැමති නගරේ වටේ ඉද හිටල ඇවිදින්න තියෙනව නම්. විෂේශයෙන්ම රෑට.
      ඔය කියන්න ජාතියේ මුවෝ ඉන්නව අපේ ශේක්ට අයිති අනෙත් ගොවිපලක. වෙලාවක ගිහින් පින්තුර ටිකක් අරන් එන්නයි හිතන් ඉන්නෙ.

      Delete
  10. මම මේ ඔබේ බ්ලොග් සටහන් දිගේ පස්සට පස්සට ඇවිදින ගමන්.මමත් එක සැරයක් දෝහා නගරයට ගියා රාජකාරී වැඩකට. මට ගන්න බැරි උන චායාරූපයක් ගැන අදහසක් දෙන්නම්... මට මතක විදියට ගුවන් යානා බාන්න හරි , අහසට නග්ගන කොට හරි මහ පාරට සමාන්තරව බොහොම ලන්ගින් යනවා නේද..
    තාර පාරේ ගුවන් යානයේ ඡායාව වැටුනම එතන පින්තූරයක් තියෙනවා කියලා හිතුනා

    ReplyDelete