Tuesday, February 18, 2014

වන මල් - WILD FLOWERS

ගොවිපලේ තාප්පෙන් එපිට බැලුවම තියෙන්නෙ කෙලවරක් නැති කාන්තාරය. ඉදහිට තියෙන කටු පදුරක් ගහක් නිසා මේ භූමියට ‍යන්තම් කොල පැහැයක් ලැබෙනවා. වියලි කාලයට හැමදේම අළුකරලා දාන්න වගේ හමාගෙන එන ගිනි හුලගත් එක්ක මේ බිමේ ගහක් කොලක්, සතෙක් සිව්පාවෙක් ඉන්නව කියල හිතා ගන්නවත් බෑ. සීත කාලයට උදේට ගලාගෙන එන තුෂාරයෙන් එකතු කර ගන්න පිනි බිදු හැරුනම මේ වාලුකාවට දිය පොදක් අරන් වැස්සක් ඇද හැලෙන්නෙ අවුරුද්දකට අතේ ඇගිලි වලින් කියන්න පුලුවන් දින ගනනක් විතරයි.  ඒත් විශ්වාස කරන්න! මේ භුමියේ වියලුනු පදුරු වල කැදලි හදන කුරුල්ලො ඉන්නව විතරක් නෙමෙයි, ඉරට හිනා වෙන මල් කැකුලුත් පිපෙනවා. මේ ඒ වන මල්.

මේ මල් බහුතරයක් හරිම පුංචි. ඕනෑකමින් බැලුවේ නැත්නම් සමහර ඒවා පේන්නෙත් නෑ. ඉතින් මේවා ගන්නත් උදව් උනේ මගේ sigma 70-300mm DG Macro කියන close-up කාචය.

ලොවම හැඩ කරනවෙය් වහසිබස් නොදෙඩුවත්
දුටු මතින් හිත් අරන් නෙලන්නට නොසිතුනත්
නෙක් ගැහැට විදදරන් රැදෙන්නට හැකිඋනත්
අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ..

කවිය මගේ නෙමෙයි ඔන්න. මගේ ගොඩක් පරන පින්තුරෙකට මගේ යෙහෙලියක් ලිව්ව එකක්.



මේ උඩ මලේ පොහොට්ටු 


ඇයි අපි මල් නෙමෙයිද 




Alpha alpha කියන සත්ව පාලනයේදී වැදගත් වන පැළෑටියේ මල් 





 උඩ පින්තුර දෙක නම් මම මීට කලින් කටාර් සිනමා ගම්මානය බලන්න ගිය ගමනේ පින්තුර එකතුවට එකතු කරපුවා. මෙතනටත් අදාල නිසා එකතු කළා.


සුදු පාට මල් පින්තුර අල්ලන්න හරිම අමාරුයි. ඉක්මනින් අධි අනාවරණයට ලක් වෙනවා.


මේ මල් දැක්කේ අහම්බෙන් වගේ. හරිම පුංචි මේවා. මේවා දැක්ක ගමන් මට මතක් උනේ අපේ ගම පළාතේ හරි හරියට හැදෙන කරඹ පැදුරු. කරඹ මල් තරම් මේ මල් නම් ලොකු නෑ. එත් පඳුර නම් කරඹ වගේම කටු තියෙන පඳුරක්.




අද, ඊයේ සහ පෙරේදා.

 ඔන්න මේ මල ගැන නම් කතාවක්ම තියෙනවා. අපේ හිත මිත්‍රයෙක් නුවර එළියේ පැත්තේ චාරිකාවක් ගිහින්. නුවර එළියේ ඉතින් මල් වලට හරි ප්‍රසිද්ධයි නේ. ඔය අතරේ අපේ මිත්‍රය දැකල ඔය කණුවක් අයිනේ හරි ලස්සන කහ පාටට මල් පිපිලා තියෙන මේ උඩ තියෙන ජාතියේ පැලයක්. ඉතින් මනුස්සය ආසාවට මෙයින් පැල කිහිපයක් ගලවාගෙන ගෙදර අරන් ඇවිත් අම්මට දුන්නලු "අම්මේ මෙන්න මම අම්මට මල් පැල ටිකක් ගෙනාවා" කියල.
"උබ නුවර එළියේ ගිහින් තකහනියේ අබ පැළද ගලවන් ආවේ. උබට පිස්සුද?" කියල ඇහුවලු.

12 comments:

  1. ලස්සන පින්තූර ටික...ඔය කහපාට මල් යායක් මම ඉන්න හරියේත් තියෙනවා..පින්තූර කීපයක් ගන්න හැදුවත් මට හරියන විදියට ආවේ නෑ.....DSLR එකකට තමයි දැන් ටාගට් එක...

    ReplyDelete
    Replies
    1. අප්පේ දැන් ඉතින් ඕක ගන්න කල් නින්ද යන්නේ නැති වෙයි. මමත් කාලයක් තිස්සේ බලන් ඉදල තමයි කැමරාව ගත්තේ. එත් ඉවර නෑ. දැන් අලුත් ලෙන්ස් එකක් ගන්නේ කවද්ද කියල බලන් ඉන්නේ.

      Delete
  2. //අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ..// 'ගත්තොත් ඔප දමා - අප ද මැණික් තමා' කිව්වලු.. :)

    අද පින්තූර වලින් මට වැඩියෙන්ම ලස්සන පලමුවෙනි එක.. අන්තිම කතාව තමා මරු... චමින්ද ගෙ බොලොග් එකත් නිතරම හැඩ වැඩ වෙන පාටයි.. :D

    ReplyDelete
    Replies
    1. ඔව්. තාම මම හරියන අච්චුවක් හොයනවා. නිතර නිතර වෙනස් කරන එක හොද නෑ නේ. :)

      Delete
  3. ලස්සනයි මචං.. මටත් හිතයි ෆොටෝ ගැනිල්ල ආයෙම පටන් ගන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුති. පටන් ගන්න. පටන් ගන්න.

      Delete
  4. මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා... !

    ReplyDelete
    Replies
    1. පෙනෙනවා දකිනවා කියනා ඒවා. හරිද මන්ද

      Delete
  5. woow නියමයි ,,ලස්සනයි ,,බ්ලොග් එකේ අකුරු ගොඩක් පොඩි වෙලා අයියේ පැහදිලි නැහැ හදන්න ඒක

    ReplyDelete
    Replies
    1. ස්තුති. මේ අච්චුවේ අකුරු පොඩිවට පෙන්නන්නේ. ඔන්න පොස්ට් එකේ අකුරු ලොකු කලා.

      Delete