Showing posts with label මල්. Show all posts
Showing posts with label මල්. Show all posts

Tuesday, February 18, 2014

වන මල් - WILD FLOWERS

ගොවිපලේ තාප්පෙන් එපිට බැලුවම තියෙන්නෙ කෙලවරක් නැති කාන්තාරය. ඉදහිට තියෙන කටු පදුරක් ගහක් නිසා මේ භූමියට ‍යන්තම් කොල පැහැයක් ලැබෙනවා. වියලි කාලයට හැමදේම අළුකරලා දාන්න වගේ හමාගෙන එන ගිනි හුලගත් එක්ක මේ බිමේ ගහක් කොලක්, සතෙක් සිව්පාවෙක් ඉන්නව කියල හිතා ගන්නවත් බෑ. සීත කාලයට උදේට ගලාගෙන එන තුෂාරයෙන් එකතු කර ගන්න පිනි බිදු හැරුනම මේ වාලුකාවට දිය පොදක් අරන් වැස්සක් ඇද හැලෙන්නෙ අවුරුද්දකට අතේ ඇගිලි වලින් කියන්න පුලුවන් දින ගනනක් විතරයි.  ඒත් විශ්වාස කරන්න! මේ භුමියේ වියලුනු පදුරු වල කැදලි හදන කුරුල්ලො ඉන්නව විතරක් නෙමෙයි, ඉරට හිනා වෙන මල් කැකුලුත් පිපෙනවා. මේ ඒ වන මල්.

මේ මල් බහුතරයක් හරිම පුංචි. ඕනෑකමින් බැලුවේ නැත්නම් සමහර ඒවා පේන්නෙත් නෑ. ඉතින් මේවා ගන්නත් උදව් උනේ මගේ sigma 70-300mm DG Macro කියන close-up කාචය.

ලොවම හැඩ කරනවෙය් වහසිබස් නොදෙඩුවත්
දුටු මතින් හිත් අරන් නෙලන්නට නොසිතුනත්
නෙක් ගැහැට විදදරන් රැදෙන්නට හැකිඋනත්
අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ..

කවිය මගේ නෙමෙයි ඔන්න. මගේ ගොඩක් පරන පින්තුරෙකට මගේ යෙහෙලියක් ලිව්ව එකක්.



මේ උඩ මලේ පොහොට්ටු 


ඇයි අපි මල් නෙමෙයිද 




Alpha alpha කියන සත්ව පාලනයේදී වැදගත් වන පැළෑටියේ මල් 





 උඩ පින්තුර දෙක නම් මම මීට කලින් කටාර් සිනමා ගම්මානය බලන්න ගිය ගමනේ පින්තුර එකතුවට එකතු කරපුවා. මෙතනටත් අදාල නිසා එකතු කළා.


සුදු පාට මල් පින්තුර අල්ලන්න හරිම අමාරුයි. ඉක්මනින් අධි අනාවරණයට ලක් වෙනවා.


මේ මල් දැක්කේ අහම්බෙන් වගේ. හරිම පුංචි මේවා. මේවා දැක්ක ගමන් මට මතක් උනේ අපේ ගම පළාතේ හරි හරියට හැදෙන කරඹ පැදුරු. කරඹ මල් තරම් මේ මල් නම් ලොකු නෑ. එත් පඳුර නම් කරඹ වගේම කටු තියෙන පඳුරක්.




අද, ඊයේ සහ පෙරේදා.

 ඔන්න මේ මල ගැන නම් කතාවක්ම තියෙනවා. අපේ හිත මිත්‍රයෙක් නුවර එළියේ පැත්තේ චාරිකාවක් ගිහින්. නුවර එළියේ ඉතින් මල් වලට හරි ප්‍රසිද්ධයි නේ. ඔය අතරේ අපේ මිත්‍රය දැකල ඔය කණුවක් අයිනේ හරි ලස්සන කහ පාටට මල් පිපිලා තියෙන මේ උඩ තියෙන ජාතියේ පැලයක්. ඉතින් මනුස්සය ආසාවට මෙයින් පැල කිහිපයක් ගලවාගෙන ගෙදර අරන් ඇවිත් අම්මට දුන්නලු "අම්මේ මෙන්න මම අම්මට මල් පැල ටිකක් ගෙනාවා" කියල.
"උබ නුවර එළියේ ගිහින් තකහනියේ අබ පැළද ගලවන් ආවේ. උබට පිස්සුද?" කියල ඇහුවලු.