Tuesday, December 31, 2013

සුබ නව වසරක් - Happy New Year

සැහෙන කාලයක් තිස්සේ තිබ්බ හීනයක් හැබෑ වෙලා මේ අව්රුද්දෙ අවසන් මාස කිහිපයේදී මගේ අතට කැමරාවක් ලැබුන. ලැබුන නෙමෙයි ලබාගත්ත. ඒ පිහිටෙන් යන්තම් චායාරුපකරණය ඉගෙන ගන්න පටන් ගත්ත. ඊට කලින් මේ කාන්තාරේ තනි උණු එක තමයි අනිත් විශේෂ සිද්දිය. මිට වඩා පහුගිය අවුරුද්ද ගැන සටහන් කරන්න තැනක් නෙමෙයි මේ බ්ලොග් එක.
පින්තුර නැතිව පොස්ට් එකක් පල කරන එක හරි නෑ කියල හිතුන නිසා ඔන්න පින්තුරෙකුත් එකතු කළා. මේ මම පින්තුර ගන්න ගොඩක් ප්‍රිය කරන දෙයක්. රෑ අහස 

Monday, December 30, 2013

හිරු අවරට - sunset


ටිකක් විතර පරණ පින්තුර ටිකක් මේ. මට නම් කාන්තාරේ තියෙන අල්ප වෙච්ච සුන්දර දර්ශන වලින් එකක් තමයි ඉර බැහැගෙන යන දර්ශනේ. ඒ නිසාමද කොහෙද මේ වගේ දර්ශන නිතරම මගේ කැමරාවේ සටහන් වෙනවා. මිට කලිනුත් මම මේ වගේම පින්තුරයක් පල කලා. බැලුවේ නැත්නම් පහළ ලින්කුවෙන් බලලන්න.
http://pinthorawick.blogspot.com/2013/11/desert-sun.html
 දිගින් දිගටම මේ වගේ ඉර බහින දර්ශනම පල කරන නිසා ඒවා එපා වෙලාද මන්ද? ඒ නිසාම ඊලගට මගේ කුරුළු එකතුව පල කරන්නයි හිතන් ඉන්නේ. හැම තැනම විසිරිලා තියෙන ඒ පින්තුර ටික එක තැනකට එකතු කර ගන්න ටිකක් කල් යාවි වගේ.







වහලෙට උඩින් අර්ධ සුර්යග්‍රහණයක්


ඉහල තියෙන පින්තුරේම HDR toning කිරීමෙන් පසු. ටිකක් කෘතීම බවක් දැනුනත් මෙහෙමත් ලස්සනයි කියල හිතෙනවා 


Friday, December 27, 2013

කතරක තුරු සලකුණු | TREES - THE LANDMARKS OF THE DESERT


©wmcwickramasinghe|2013
කතරකට හැම ගහක්ම වැදගත්
සජීවී උනත් අජීවී උනත්
හැම ගහක්ම
පාලු හුදෙකලා රළු වියලි බිමක
ඒකාකාරිත්වය නසන
හැම දෙයක්ම බිම් සලකුණක්
සෙවනක්
සුන්දරත්වයක්

මේ පහුගිය දවසක කාන්තරෙන් එකතු කර ගත්තු පින්තුර පෙළක්


©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

Wednesday, December 25, 2013

Blue Pensy (Junonia orithya)

එක සැරේටම කාන්තාරයේ සිතල වැඩි උනා. කලින් සැලසුම් කරපු star trail එක කරන්න යන්න තරම් හිතක් තාම පහල උනේ නැ සිතල නිසාම. රැකියාවෙත් පොඩි කාර්ය බහුල තත්වයක් ආපු නිසා අලුතින්  පින්තුර ටිකක් එකතු කරගන්න ලැබුනේ නෑ. එත් පෙරේද හදිසියේම කැමරාව අතේ තියෙන වෙලාවක මෙන්න මෙයා අහු උනා. කලිනුත් සමනල්ලු එකතුවේ පොස්ට් එකට මෙයාගේ පින්තුර කීපයක් එකතු කලා.


©wmcwickramasinghe|2013


©wmcwickramasinghe|2013


©wmcwickramasinghe|2013

Tuesday, December 17, 2013

පුරා හඳ - Full Moon

©wmcwickramasinghe|2013

ඊයේ පෝය නේ. ඒ කියන්නේ අර පොඩි කාලේ සිංදු වල ඇහුව වගේ රන් තැටියක් වගේ පිරිච්ච හඳක් අහසට එන දවස. මේ වැලි කතරේ නම් පුර හඳ දවස ලොකු වැදගත් කමක් තියෙන දවසක් නොවුනත් මම නම් ටිකක් හඳ ගැන සෝදිසියෙන් ඉන්නේ. මොකද පෝය පහු උනාට පස්සේ හඳ අහසට එන්න ටික ටික පරක්කු වෙනවා. ඒ කියන්නේ තව සතියකින් විතර හොද කළුවර අහසක් එනවා රෑට. හොදටම කළුවර දවස්, විශේෂයෙන්ම අමාවක දවස් කියන්නේ star trail, ක්ශීරපථය  වගේ අහසේ තියෙන දේවල් වල පින්තුර ගන්න පින්තුර ගන්න කියාපු දවස්. කලින් පොස්ටුවක මම දැම්ම නේ ඒ වගේ පින්තුර කිහිපයක්. බැලුවේ නැති අය මෙතනින් ගිහින් බලන්න. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ ඒ වගේ කළුවර රැයක් එනකල් මගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න.
ඉතින් ඔය සෝදිසියෙන් ඉන්න අතරේ ඊයේ හඳ දිහාට හරවපු මගේ කැමරාවේ සටහන් උණු පුරා පෝය හඳ තමයි ඔය උඩින් තියෙන්නේ.

ඒ අතරේම පෙරේදා අහස වහගෙන හිටපු කළු වලාකුළු අස්සෙන් හඳ එබිලා බලපු විදිහ මං සටහන් කරගත්තු විදිහ තමයි පහලින් තියෙන්නේ.

©wmcwickramasinghe|2013
හොද හෝ නරක කියල කමෙන්ටුවක් දාල යනවා නම් සතුටුයි ...

Monday, December 9, 2013

ඇවිදින තරු - star trail

රෑ අහසේ පින්තුර ගන්න එක මම ගොඩක් ආස දෙයක්. ගොඩ කාලෙකට පස්සේ star trail එකක් කරන්න හිතුන. එත් පෙරේද රැ එලියට ගිහින් බලනකොට හද නිකන් දැකැත්තක් වගේ අහසේ තියෙනවා. හදත් එක්ක මේ කෙරුවාව කරන්න බැරි උනත් කෝකටත් කියල කැමරාව අරන් එලියට ගිහින් පොඩි අත්හදා බැලීම් දෙක තුනක් කරලා බැලුව.
අන්තිමට හොදයි කියල හිතුනු තැනක් අල්ලාගෙන වැඩේ පටන් ගත්තත් ටික වෙලාවකින් කැමරාවේ බැටරිය බැස්ස නිසා වැඩේ දෙල් උනා. ඊට පස්සේ ඊයේ රෑ හොදට සුදානම් වෙලා ගිහින් ටිකක් විතර සාර්ථක පින්තුරයක් අරන් ආවා. පින්තුරයක් කීවට මේක පින්තුර ගොඩක් එකතු කරලා හදපු එකක්.  පැය 2ක් විතර සීතලේ ගැහි ගැහි ඉදල තමයි මේක ගත්තේ.
යටින් තියෙන්නේ කලින් දවසේ අසාර්ථක වෙච්ච එක .

Star trails + Light trails
©wmcwickramasinghe|2013

මේ කලින් දවසේ මගදී නැවතුනු එක. එකත් එච්චරම අසාර්ථකත් නැද්ද මන්ද. තව ටික දවසකින් හද පායන එක පරක්කු වෙන්න පටන් ගත්තම මේ පින්තුරේ ආයෙත් ගන්න උත්සහ කරන්නයි හිතන් ඉන්නේ.

©wmcwickramasinghe|2013

ඒ ගමන්ම පරණ ඒවා දෙකකුත් දාන්න හිතුන.

©wmcwickramasinghe|2013

උතුරු තරුව වටේ කරකැවෙන තරු
©wmcwickramasinghe|2013


Sunday, December 8, 2013

සමනල්ලු | Butterflies 2

සමනල්ලු | Butterflies පලවෙනි එක මෙතනින් බලන්න.
කලින් කිව වගේ සමහර ප්‍රවීන එහෙමත් නැත්නම් pro චායාරුප ශිල්පියෝ කියන විදිහට ගහ කොළ, මල්, සමනල්ලු පින්තුර අරන් තේරුමක් නැතිලු. එත් ඉතින් මම නම් ලස්සනයි කියල හිතෙන දෙයක් දැක්ක ගමන් කැමරාව ඒ පැත්තට මාන්නනවා.
ඔන්න එහෙම කරලා අල්ල ගත්ත තව සමනල්ලු කීප දෙනෙක්.
Painted Lady (Vanessa cardui) open wings
©wmcwickramasinghe|2013
Painted Lady (Vanessa cardui) closed wings
©wmcwickramasinghe|2013
Plain Tiger or African Monarch (Danaus chrysippus)
©wmcwickramasinghe|2013


Long-tailed Blue (Lampides boeticus)
©wmcwickramasinghe|2013

Long-tailed Blue (Lampides boeticus)
©wmcwickramasinghe|2013


Common Lime (Papilio demoleus)
©wmcwickramasinghe|2013

Common Lime (Papilio demoleus)
©wmcwickramasinghe|2013
Common Lime (Papilio demoleus) open wings
©wmcwickramasinghe|2013


African Grass Blue (Zizeeria knysna)
©wmcwickramasinghe|2013

African Grass Blue (Zizeeria knysna) open wings
©wmcwickramasinghe|2013
සමනලයන්ට අමතරව සලබයොත් අහු උනත් උන්ගේ නම් ගම හොයන එක ලේසි වැඩක් නෙමෙයි වගේ. කොහොම උනත් සලබයෝ දෙන්නෙකුත් දැම්ම ඔන්න. මේ පලවෙනි සලබයගේ පින්තුරේට මම නම් ගොඩක් කැමති.
ඇයි මිට කලින් සලබයෝ දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මි මැස්සෝ යන්න
©wmcwickramasinghe|2013


©wmcwickramasinghe|2013



Thursday, December 5, 2013

සමනල්ලු | Butterflies

ගිනි අව් කාස්ටකේ ඉවර වෙලා උෂ්ණත්වේ ටිකින් ටික අඩු වෙන්න ගත්ත පහුගිය මාසේ හතර වටේම මල් පිපෙන්න ගත්ත. ඒ එක්කම සමනල්ලූ පිරුනා. නිවාඩු දවස් ටිකකුත් හම්බ උනු නිසා කැමරාව අරගෙන ගොවිපල වටේ ටිකක් ඇවිදිනකොට තමයි මට මේ සමනල්ලු මුණ ගැහුනේ. මෙහෙ නම් සමනල්ලූන්ගේ විවිදත්වය අඩුයි කියලයි මට නම් හිතෙන්නේ. හැම තැනදීම හම්බ වෙන්නේ එකම වර්ගය. මේ අතරින් Blue pansy තමයි වැඩියෙන්ම හම්බ උනේ.
සමහර ප්‍රවීන චායාරුප ශිල්පියෝ නම් කියන්නේ සමනලයෝ, බත්කුරෝ, මල්, ගස් පින්තුර අරන් වැඩක් නෑ කියල. එත් ඉතින් මේවා දැක්කම නොගෙන ඉන්නේ කොහොමද? 

Blue pansy (Junonia orithya)©wmcwickramasinghe|2013

Blue pansy (Junonia orithya) Mating©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013
 මෙන්න මෙයත් හරිම සුලබයි. 
Colias croceus
©wmcwickramasinghe|2013

Colias croceus
©wmcwickramasinghe|2013

Colias croceus open wings 
©wmcwickramasinghe|2013
Balkan Pierrot හෙවත්  Little Tiger Blue (Tarucus balkanicus) කියන මේ පුංචි සමනලයත් සැහෙන්න සුලබයි.
Little Tiger Blue (Tarucus balkanicus) mating
©wmcwickramasinghe|2013

Little Tiger Blue (Tarucus balkanicus)
©wmcwickramasinghe|2013
Little Tiger Blue (Tarucus balkanicus)
©wmcwickramasinghe|2013
හිතුවට වඩා දිග උනා. ඉතිරි සමනල්ලු වෙනම පොස්ට් ඊලග පොස්ට් එකෙන් පල කරන්නම් 

Monday, December 2, 2013

පිනි බිදු | Dew Drops - 2

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

Sunday, December 1, 2013

පිනි බිදු | Dew Drops

©wmcwickramasinghe|2013



After the rain, here is the fog in the desert. Dew drops created from the fog is essential for the life in the desert. Here is the dew drops created by today's fog around the Farm.

දවසක් දෙකක් ඇද හැලිච්ච වැස්සට පස්සේ කාන්තාරෙට මිදුම ගලන්න පටන් අරන්. මීදුමෙන් පස්සේ හැදිච්ච මේ පිනි බින්දු කාන්තාරේ ජිවයේ පැවැත්මට ගොඩක් වැදගත් මම හිතන විදිහට. මේ අද උදේ අපේ ගොවිපලේදී මගේ කැමරාවට අහු උණු පිනි බින්දු




©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013