Saturday, October 25, 2014

සෝමාවතිය පුදබිම හා රක්ෂිතය අවට | සුන්දර රජරට


කලින් පොස්ට් වල සදහන් කළා වගේ නිවාඩු කාලේ වැඩිය ඇවිදින්න කරන්න ඉඩ කඩක් ලැබුනේ නැති උනත් සෝමාවතිය රක්ෂිතය හරහා කිහිප වරක් එහාට මෙහාට යන්න නම් මට අවස්තාව ලැබුණා. ඒ දැනට අපේ නිවහන වෙච්ච පුංචි ගුරු නිවාසය තියෙන්නේ සෝමාවතිය රක්ෂිතයේ මායිමේ වෙච්ච නිසයි. ඔය ගමන් බිමන් අතරේම සෝමාවතිය පුද බිමට ගොඩ වෙන්නත් අවස්ථා දෙකකදී ඉඩකඩ ලැබුණා. ඉතින් මේ සටහනේ පළකරන්න යන්නේ ඒ අවස්ථා වලදී එකතු කර ගත් පින්තුර ටිකකුයි. 
සෝමාවතිය පුද බිම සහ පින්තුර ගැන කතා කරන නිසාම මේ ගමන් වලදී මගේ අවධානය යොමු වෙච්ච දෙයක් ගැන සදහන් කරන්නත් ඕන. ඒ පුජා භුමිය පුරාම විවිධ දින වකවානු සටහන් කරමින් පලකරලා තිබුණු පින්තුර රැසක් ගැනයි. පුජා භුමිය පුරා එල්ලලා තිබ්බ මේ පින්තුර වල සදහන් කර තිබුනේ සෝමාවතිය ස්තුපයෙන් විහිදෙන රැස් මාලාවල් බවයි. එත් මේ පින්තුර වලින් බහුතරයක් හවසක හෝ උදයක කෙලින්ම හිරුට මුහුණලා පින්තුර ගැනීම නිසා ඇති වෙච්ච lens flare කියන දෙයයි සටහන් වෙලා තිබුනේ. ඒ වගේම රාත්‍රී කාලයේ ඩිජිටල් කැමරාවලින් පින්තුර ගැනීමේදී, කැමරාව හෙලවීම නිසා ඇතිවෙන විකෘති පින්තුරත් අද්භූත පින්තුර බව කියල පල කරලා තිබුනා. මුලින්ම මේ නොදැනුවත්කම නිසා කල දෙයක් විදිහට හිතුනත් පොටෝෂොප් මෘදුකාංග භාවිතා කරලා සමහර පින්තුර සංස්කරණ කරලා පිටසක්වල ජීවින් ආදී කතන්දරත් එකතු කරලා තිබුන දැක්කමයි හිතුනේ මේක අහිංසක සැදැහැවතුන් රවට්ටන්න හිතා මතා කරපු දෙයක් බව. ඒ විතරක් නෙමෙයි ඒ හැම තැනකම අහවල් විශ්වවිද්‍යාලයේ අහවල් පිඨයේ හිටපු වැඩබලන පිඨධිපති අහවල් ස්වාමින් වහන්සේ කියල ලොකුවට සදහන් කරලත් තිබුනා. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිතා මතාම මේ වගේ මුසාවාදා පුජා භුමියකම පළකරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියල නම් මට තේරෙන්නේ නෑ.
කොහොම කොහොම හරි ඒ කතාව පැත්තකින් තියලා මෙන්න බලමු සෝමාවතිය ස්තුපය සහ සෝමාවතිය රක්ෂිතය අවටදී මං එකතු කර ගත්ත පින්තුර ටික. 



















මේ පින්තුරේ පොඩි දෝෂයක් තියෙනවා. ක්ෂිතිජ රේඛාව ඇදයි. පලකරන්න ඔන්න මෙන්න කියලයි ඒක දැක්කේ 

ඔන්න අපි සෝමාවතිය රක්ෂිතයට ඇතුළු උනා. 


මහවැලි ගඟ හරහා
දිය හිඳුන මහවැලි ගං ඉවුරේ
විදුලින් වැටෙන් එහා රක්ෂිතයේත් මිනිස් ක්‍රියාකාරකම් - ඈතින් පෙනෙන්නේ දිඹුලාගල කදු වැටිය 


Wednesday, October 22, 2014

වැව් ඉස්මත්තේදී | සුන්දර රජරට 1

රජරට හෙවත් වැව්බැඳි රටේ ප්‍රසිද්ධ වැවක් වුනු පැරකුම් සමුදුර ලඟින්මයි අපේ ගෙදර තියෙන්නේ. කලින් පොස්ට් එකේ කියපු විදිහටම නිවාඩු කාලයේ තිබුණු කාර්යබහුල කම නිසාම හිතාගෙන හිටපු විදිහට මේ තරම් ළගින් තිබ්බ වැව් බැම්ම පැත්තට යන්නවත් වෙලාවක් තිබුනේ නෑ මට.

ඒ වුනත් දවස් ගානකට පස්සේ වැව් ඉස්මත්තේ සුන්දර දිනයක් ගත කරන්න නම් අවස්ථාවක් ලැබුනා. එදා ලැබුණු අවසරයෙන් කැමරාවත් අරන් අපි (ඔව්.. ඔව්.. 'අපි' තමයි) වැව් ඉස්මත්තේ ටිකක් ඇවිදින ගියා. දීර්ඝ නියගයේ බලපෑම නිසාම වැව සැහෙන්න හිදිලා ගිහිං තිබුණා. ඒ වුනත් සුන්දරත්වයෙන් නම් අඩුවක් නෑ. 

ඉතිං මෙන්න සුන්දර රජරට වැව් ඉස්මත්තකදී මගේ තෙවෙනි ඇසේ ගැටුණු දේවල්.

එගොඩහ ඉවුරේ 

වතුර ටික නිල් කැටේට තිබුනට මොකෝ දන්ඩි පැටියෙක්වත් නෑ (අසල හෝටලයක තටකයකදී) 







රැවටිලිකාර අහස - වලාකුළු වලින් සැරසුනත් වැහි බින්දුවක් වත් නැති හැටි 


මං කන්දටත් වඩා උසයි 

මේ නම් වැව් බම්මේදී ගත්ත එකක්.






විවර තුඩුවා 


ගායකයා



තවත් චායා රූප ශිල්පිනියක් මුණගැහුනා නේ 

ජංගමයෙන් ගත්ත පැනොරාමාවක්

ඔය ඉන්නේ 'අපි' - ත්‍රිපාදයේ පිහිටෙන් selfy එකක් ගත්තා  

Sunday, October 12, 2014

පාරාදීසයක ගෙවුනු නිවාඩුවක මතක සටහන්

අගෝස්තු මාසෙ මුල් දිනවල මං නිවාඩුවට ලංකාවට ගොඩ බැස්සනෙ. මේ වගේ කාන්තාරෙක ඉදලම එන්න ඕන අගෝස්තු මාසේ ගිනි අව්වට ඉරි තලලා ගිය ලංකාවෙ රජරටත් කොයි තරම් සීතලද, සුන්දරද කියල දැනෙන්න. නිවාඩුවක් උනත් ලංකාවේ ගෙවපු දවස් 40 බොහොම කාර්යබහුල කාලයක් උනා. ඒ නිසාම හිතාගෙන හිටපු තරම් මගේ කැමරා ඇහෙන් වැඩක් ගන්න ලැබුනෙ නෑ. අඩුම තරමේ අපේ ගෙදර වැටෙන් එහා පැත්තෙන් තියෙන පොලොන්නරුව පුරාවස්තු වල එකම එක පින්තුරයක් ගන්නවත් මට අවකාශයක් ලැබුනේ නෑ. කොහොම වුනත් මේ නිවඩුවේදි ගෙදර ඉන්න ලැබුනු දවස් කීපයේදි එකතු කරගත් පින්තුර කිහිපයක් තමයි මේ. 

වතුසුදු





මම තරහයි

ජිවිතයක් බිලිගත් ආදරයක් 



තව ටිකක් ලං වෙන්නකෝ

අනතුරක සේයාවක් 

අවාසනාව 
රහසක් 

අපේ ගෙදර බලු යාලුවෝ තුන්දෙනත් පින්තුර වලට පෙනී ඉන්න ඕන කිව්වා. ඒ ය තමයි ඔය පහල ඉන්නේ
කියාරා කුමාරි

කළු මහත්තුරු 

ටිමී හෙවත් මිටී 
බ්ලොග් එකටත් පොඩි වෙනස් කමක් කළා. කාලෙන් කාලෙට බ්ලොග් එකේ නම වෙනස් කරන්න හිතෙන එක නම් ලෙඩක්ද කොහෙද.