Tuesday, December 13, 2016

වැස්සෙන් පස්සේ රජරට 
නොවැම්බර් මාසේ මැද්දේ මහා වැහි දෙක තුනක් ඇද හැලුනට පස්සේ මං නං හිතුවේ රජරට නියගයේ අවසානය කියලයි. ඒත් ඒ වැස්ස රැවටිල්ලක් විතරයි. දැන් ආයෙත් පායනවා හිටු කියල. දෙසැම්බර් මාසෙද කියලා හිතා ගන්නවත් බෑ. කොහොම උනත් ඒ වැස්සට පළාත යන්තම් කොළ පාටට හැරිලා ආවා.
ඔය අතර තුරේ මං රැකියාවේ නියුතු වෙලා හිටපු ගොවිපලට සමුදීලා රජයේ පශු වෛද්‍ය සේවයට බැදුනා. අවුරුදු ගානකට පස්සේ ගොවිපල පරිසරයෙන් මිදිලා කාර්යාල පරිසරයක රාජකාරියට යන්නයි සුදානම් වෙන්නේ. මේ මං ඒ අතහැරලා යන සුන්දර ගොවිපලේ වැස්සෙන් පස්සේ දැකපු දර්ශනයක්.