Friday, June 27, 2014

කවුළුවෙන් එපිට | BEYOND THE WINDOW

ජනෙල් රාමුවත් එක්කම දවල් කාලේ පෙනුම 

මේ දවස්වල උදේ පාන්දර 4 විතර වෙද්දි පායන ඉරේ එලිය  කුස්සියේ බටහිරට මුහුන දාල තියෙන ජනේලෙන් රිංගලා මගේ නින්දට බාධා කරනවා. ඒත් ඉතින් මං ලේසියෙන් පරාජය බාර ගන්නෙ නැති නිසා කොහොම හරි 5.40 වෙනකල් නින්ද අදිනවා. උදේ පාන්දර ඇහැරලා ආයෙත් නිදා ගන්න එකත් හරිම් ආතල් වැඩක්. මගෙ නවාතැනේ කාමර දෙකෙත්, කුස්සියෙත් ජනේලය ගානේ තිබ්බත්, තිර රෙද්දක් දාපු නැති එකම ජනේලය ඔය කියන එක විතරයි. කඩදාසි ටිකක් අලවලා ඕක වහල දාන්න හිතුනත්, මං ඒ ජනේලය වහල දාන්නෙ නැත්තෙ ඉදල හිටලා එලියට එබිල බලන්නෙ ඕකෙන් නිසයි. යෙලෝ ෆෙලෝ හිටපු කාලේ එයා එලියෙ ඉන්න කුරුල්ලො දිහා බලාගෙන ඥාව් කිය කිය හිටියෙත් ඔතනට වෙලා තමයි. 

නිතර නිතර මගෙ ඇහැ යොමු වෙන මේ කවුලුවෙන් එලියෙ දකින දර්ශනය වේලාවෙන් වෙලාවට මගේ කැමරා ඇහේ සටහන් වුනු විදිහ තමයි මේ. 

දවල් කාලෙට නම් විශේෂයි කියල කිසි දෙයක් නෑ. වාහන යකඩ ගොඩවල්, ඇස් රිදවන වියලි කාන්තාරෙ, හිස්ම හිස් නිල් අහසයි විතරයි. යන්තමට වගේ එහා පැත්තෙ ගොවිපලේ තියෙන ගස් කීපයේ කොල පාට ඔලු ගෙඩි ටික විතරයි ඇහැට සීතලක් ගේන දේකට තියෙන්නෙ. වලාකුලු තියෙන අහසක් නම් දවල් කාලෙක අල්ල ගන්න ලැබුනෙම නෑ මට. උඩම පින්තුරේ තියෙන්නේ දවල් දවසේ පෙන විදිහ. 

හවස ඉර ක්ෂිතිජයට ලං කරාම තමයි මේ දර්ශනේ ටිකක් හරි ආකර්ශනීය වෙන්නෙ. ඔන්න ඉතින් බලන්නකො මං හැමදාම දකින එකම දර්ශනේ උනත් වෙනස් වෙන විදිහ. 

ඒ තරම් ආස හිතෙන පින්තුර පෙලක් නොවුනත් මට හිතුන නිකමට වගේ මේ ටික පල කරන්න. සමහර පින්තුර ජංගම දුරකතනෙන් අල්ල ගත්ත ඒවා. ඊට අමතරව ජංගම දුරකතනෙන් පොඩි timelaps වීඩියෝවකුත් හැදුවා. පහළින්ම එකත් අමුනලා දැම්මා. 

ඉර හැංගෙන්න ඔන්න මෙන්න. අහසේ වර්ණ වෙනස. සුපුරුදු කැමරාවෙන් 

ජංගමයෙන් 

ජංගමයෙන්

ජංගමයෙන්



ජංගමයෙන්

ජංගමයෙන්

යන්තම් වලකුළක් - ජංගමයෙන්
කලින් දැකල පුරුදු එකක් නේද මේක. HDR tone mapping

ඇවිදින වලාකුළු 

යන්තමින් තරු එලි මතුවෙන නීල හෝරාව 

වැහි වලා ගමනේ 

මහ රැයක 


තරු පථ ටිකකුත් සටහන් කර ගත්තා 


time laps වීඩියෝව. තත්පර 5ක් විතරයි 

Tuesday, June 24, 2014

පිටස්තර ජිවිතය


ගෙදරින් බැහැර වෙලා ගෙවන මේ ජීවිතේ පටන් ගත්තෙ දැනට අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 15ක්. ඔව්, අවුරුදු 15ක් විතර ඇති. පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගෙ පිහිටෙන් කදුකරේ ඉස්කෝලෙට සේන්දු වුනේ හයවෙනි වසරේ දෙවෙනි වාරෙදියි. ඉස්කෝලේ නේවසිකාගාරයට මාව ඇතුල් කරලා තාත්තා පිටත් වෙලා ගියායින් පස්සෙ තමයි මේ ගෙදරින් පිට ගෙවෙන ජීවිතේට මූලාරම්භය තිබ්බෙ. 
එතැන ඉදන් සාමාන්‍යපෙල දක්වා ජීවිතේ ගෙවුනේ කතෝලික පියතුමන් යටතේ තිබුනු නේවසිකාගාරයේ. මාසයකට වරක් සති සති අන්තය සදහා ගෙදර යන්න අවසරය ලැබුනත්, බොහෝ වෙලාවට මට යන්නට ලැබුනේ සිකුරාදා හෝ සදුදා නිවාඩු තිබුනු දීර්ඝ සති අන්ත වල විතරයි. මාසයකට සැරයක් තාත්තා මා බලන්න ආවා. වාර අවසාන නිවාඩුවේදී විතරක් ගෙදරට වෙලා ජිවිතේ ගෙවන්න අවසරය ලැබුන ඒ අවුරුදු කීපය නිකම්ම මාව ගෙදරින් පිට ජිවිතේට හුරුකලා.  ඉද හිටලා කොල්ලෙක් එක්ක ගුටි ඇනගෙන ඇඩුවා ඇරෙන්න, මුල්ම දිනේ නේවාසිකාගාරයේ තනි උනාමවත් මං ගෙදර යන්න ඕන කියල ඇඬුව බවක් නම් මතක නෑ . ඒ තරම් බරක් පතලක් නොදැනුනු ඒ කාලයේදී මං පිටස්තර ජීවිතේට ඇබ්බැහි උනාද මන්දා. සමහර සති අන්ත වල දීර්ඝ නිවාඩුවක් ලැබුනම ගෙදර නොයා ඉතිරිවෙන පස් හය දෙනාගෙ ගොඩට බොහෝ වෙලාවට මාත් වැටුනා. 
කරපු නොසන්ඩාල කම් නිසා අපේ කල්ලියම භාර ගන්න එක නේවාසිකාගාර පරිපාලනය ප්‍රතික්ෂේප කල නිසා උසස් පෙල කරන්න පිටස්තර බෝඩිමකට මාරු වෙන්න උනා. පාසල පිටිපස්සෙ තිබුන පර්ලි ආන්ටිගේ බෝඩිමේ ගෙවපු කාලයත් අමුතුම ජීවිතයක්. සිංහල බෞද්ධ මාත්, සිංහල කතෝලික නාලෙත්, දෙමල කතෝලික ක්‍රිශාත්, මුස්ලිම් අබ්දුලුත් එකම කාමරේක නවාතැන් අරන් හිටපු කාලේ පහුගිය දවස් කීපයේම මතකයට ආවේ නැගීගෙන ආපු ගෝත්‍රවාදී රැල්ල නිසයි. උසස් පෙල අවසාන කාලෙදි මේ බෝඩිමෙන් අයින් වෙලා හිත මිතුරෙක්ගෙ නිවසක නවාතැන් ගත්තා. මේ කාලයේ තමයි මං ඉදල හිටලා හරි ගෙදර එන්න ආයෙමත් පටන් ගත්තෙ. 

උසස්පෙල ඉවරවෙලා මාස ගානක් ගෙදරට වෙලා ඉන්න අවසරයක් ලැබුනත්, වැඩි කල්  නොගිහින්ම දෙවෙනි වර පෙනී ඉන්න සූදානම් වෙන්න සිද්ද උන නිසා ආයෙමත් ගෙදරින් පිට උනා. ඒ සැරේ නම් නැවතුනේ මාතලේ පුංචි අම්මගේ ගෙදර. යන්තමින් විභාගය ඉවර කරන් ආයෙමත් ගෙදරට ගොඩ උනත්, සුපුරුදු පිටස්තර ජීවිතේ ආයෙමත් අත වැනුවා. ඒ සරසවියට. 
ගෙවල්වලටම වෙලා ඉදන් ආපු බොහෝ දෙනෙකුට වගේ මට සරසවියේ නේවාසිකාගාරයට පුරුදු වෙන්න අපහසු උනේ නෑ. 
සරසවියෙ තිබුන නිදහසත්, ලගින් ඇසුරු කරපු හිත මිතුරු කාන්ඩයත් නිසාමද මන්දා වැඩිකල් නොගිහින් සරසවිය දෙවෙනි ගෙදර වගේ දැනෙන්න ගත්තා. වෙනදට ගෙදර ගියාම හිතට සැහැල්ලුවක් දැනුනත්, සරසවි ජීව්තේදි නේවාසිකාගාරේ කාමරේට ගියාම ඊට වඩා සැහැල්ලුවක් දැනුනා. 
කොහොමින් කොහොම හරි සරසවියට සමු දුන්න දවසේ ඉදන් පටන් ගත්තෙ මාවතේ ජීවිතේ. ඒ මාස කිහිපයක සීමා වෙච්ච පලමු රැකියාව වෙනුවෙන් රට වටේ ඇවිදින්න උන නිසා. සරසවියෙන් එලියට ඇවිත් හරියටම අවුරුද්දකින් හදිසියේම ලැබුනු රැකියා අවස්තාව නිසා මේ දුරු කතරට ඉගිලෙන්න උනා. 


හැමදාම මං ජීවත් උනේ ගෙදරින් පිට උනත් මේ කතරේ ගෙවිච්ච අවුරුදු එක හමාරෙදි තරම් කිසිම දිනෙක මට ඒ ගැන ලොකු හැගීමක් දැනුනෙ නෑ. භාග වෙලාවට ඒ ලංකාවෙදි හිතුනු වෙලාවක ගෙදර යන්න අවස්ථාව තිබුන හින්ද වෙන්න ඇති. ඒ වගේම ලංකාවේ කොහේ හිටියත් මං පිටස්තරයෙක් බව දැනුනෙ නැති නිසා වෙන්නත් ඇති. අවුරුදු දෙක හමාරකට කලින් මට වඩා ලං වෙච්ච ඇය ඉදහිටවත් දකින්න ලැබෙන්නෙ නැති නිසා වෙන්නත් ඇති. මීට කලින් මං දෙමවුපියන්ගෙන් යැපුන කෙනෙක් උනත් දැන් ඔවුන් මගෙන් යැපෙන, මගේ පිහිට අවශ්‍ය අය නිසා වෙන්නත් ඇති. ලංකාවෙදි ලගින් හිටපු සමීප මිතුරො ලග පාතකවත් නැති නිසා වෙන්න ඇති. 
කොහොමින් කොහොම හරි ආයෙමත් ගෙදර යන දවස ලග ලගම එනවා. තව එකම එක මාසයයි. මාස දහ අටකට පස්සෙ. හ්ම්.. සෑහෙන කාලයක්. බලාපොරොත්තු ගොන්නක් හිතේ ගොඩ ගැහිලා. මොකද්දෝ නොදන්නා හැගීමක් මිශ්‍ර වෙච්ච සතුටක් හිතේ ගොඩ ගැහෙන්න පටන් අරන්. නෑ. නවතින්නම නෙමෙයි ගෙදර යන්නෙ. මාසකට හෝ එක හමාරකට විතරයි. පොඩි කාලයක් තමයි. ඒත් ඒ පොඩි කාලේ දිගු කාලයක් වගේ දැනේවා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.

පින්තුරේ ගත්තේ- http://www.gojhe.com/how-to-travel-in-style-topfive-travel-tips

Sunday, June 15, 2014

වාලුකා නිශාවන් - Desert Nights

අපිව පුච්චලා දාන හදන ඉර මේ කාලේ දවසින් වැඩි කොටසක් අයිති කරගෙන. උදේ පාන්දර 6 ට එලියට බහිද්දීත් ඉර අහසේ සැහෙන උසකට ගොඩ වෙලා. හවස 6 පහුවෙලා වැඩ ඉවර වෙලා එද්දිත් ඒ තරම්ම උඩකට වෙලා තරහෙන් වගේ ඔරවාගෙන ඉන්නවා. ඉර යන්තම් බටහිර ක්ෂිතිජයට ලං උනාම තමයි සැනසිල්ලක් දැනෙන්නේ. ඒ පරිසරේ උණුසුම අඩු වෙලා යන ගමන්ම, දුරකතනෙන් ගලා එන වචන වලින් හිත සිසිල් වෙන නිසා. 
කෙටි උනත් මේ ගිම්හාන රාත්‍රීන් අපිටත්, කාන්තාරයටත් ගිමන් හරින්න, සිසිල් වෙන්න ඉඩක් දෙනවා. 

රාත්‍රී අහසත් දවසින් දවස වෙනස් වෙන දෙයක්.  හඳ නගින වෙලාව, වගේම කලාව, වලාකුළු, තරු රටා, ක්ෂීරපථයේ පිහිටීම නිතර නිතර වෙනස් වෙන ගමන් සුන්දර දසුන් මවනවා. කාන්තාරයේ විශේෂත්වය  විවෘත භූමියක් නිසා දකින්න ලැබෙන පුළුල් අහස. 

වලාකුළු නැති, ආර්ද්‍රතාව අඩු, දුහුවිලි නැති සුපැහැදිලි රාත්‍රියකට සෑහෙන්න ඈතින් තියෙන දෝහා නගරයේ ගොඩනැගිලි පවා හොදින් දැක ගන්න පවා පුළුවන්. ඒ එක්කම සිවිසල් දෝහා නගරයේ විදුලි බුබුළු වලින් සිසිල් රාත්‍රී අහස ආලෝක දුෂණයට ලක් කරන ආකාරයත් කාන්තාරයේ ඉදල බැලුව හොදහැටි පේනවා. 

මේ නිශ්චල රාත්‍රීන් වල මගේ කැමරා ඇසේ සටහන් වෙච්ච පින්තුර කීපයක්. 

ගමන් සගයා රාත්‍රී අහස යට. දඩයක් කරුගේ බඳ පටියේ තරු ටික පේනවද මන්ද  


රාත්‍රිය, වෙරල සහ විදුලි ඇස් 

කම්මැලි රැයක ගොවිපලේදී 


තරු බිමට වැටිලා 

රාත්‍රියේ ගිමන් හරින තව පිරිසක් 

මේ ලොකු ඇස් තුන දැල්වුණා නම් තරු ඇස් ඔක්කොම නොපෙනී යාවි.

මෙන්න වතුරෙත් තරු ගමන් කරනවා 

ආකර්ශනීය උතුරු තරුව. මං වගේම නිසලයි.
(ආලෝක දුෂණයේ තරම පෙනේද?)

ගවයන්ට ගිමන් හරින්න ඉඩ දෙන පියසි. 

ගොවිපලේ අහස 

විදුලි බුබුළු වල බලපෑමෙන් බොද උනු අපේ නිවස. ක්ෂීරපථය 

මේ තරම් පැහැදිලි රැයකත් දෝහා නගරයට ඉහලින් එක තරුවක්වත් නැති හැටි. දෝහා ගැන දන්නා කෙනෙක්ට නම් ASPIRE කුලුන අදුර ගන්න බැරි වෙන එකක් නෑ.  

Thursday, June 12, 2014

සමර් එකේ කුරුල්ලෝ

ගිනි ගහන සමර් එක ඇවිත්. කාෂ්ටක අව්ව මදිවට ගිනි දලු වගේ හුලඟ. නොහිතපු විදිහට මැයි මාසෙ අග උෂ්නත්වය වැඩි උනත්, ගිය සති අන්තෙ ටිකක් විතර රස්නෙ අඩු උනා. එලියට බහින්න පුලුවන් විදිහෙ කාලගුණයක් තිබුන නිසා මං සෙනසුරාදා නිවාඩු දවසේ කැමරාවත් එක්ක එලියට බැස්සා.හැමදාම වගේ මගේ ඉලක්කය කුරුල්ලෝ. 


පහුගිය සෞම්‍ය කාලේ හිටපු කුරුල්ලෝ ගොඩ දෙනෙක් දැන් නැති හැඩයි. විශේෂයෙන්ම මං කැමතිම කුරුල්ලෙක් වෙච්ච Hoopoe එක්කෙනෙක්වත් පෙන්න නෑ. 



ගොවිපලේ හැම තැනම විසිරිලා ඉන්න Grey Francolin රංචු වලින් නම්  අඩුවක් නෑ. මේ දවස්වල මෙයාලගෙ රංචුවල පුංචි පැටව් පිරිල. බොහෝ විට රංචුවක ඉන්නෙ ලොකු සත්තු දෙන්නෙකුත් පැටව් දහයකුත් විතර තමයි. මේ විදිහෙ රංචු ඈතට දැක්කට කැමරාවේ සීමාවට නම් ලංවුනේ නෑ නිකමටවත්. හැංගෙන්න, පලා යන්න හරිම දක්ෂයි මෙයාලා. සමහර වෙලාවට හිමින් හිමින් ලං වෙන්න හැදුවත් ලගට එනකල් හැංගිලා ඉදලා, කැමරාව මාන්නන්න ඉඩක් නොතියම පැනලා යනවා. කොහොම හරි මට අල්ල ගන්න පුලුවන් උන ජෝඩුවක් තමයි මේ.





හැබැයි මෙහෙ නිත්‍ය පදිංචි කාරයෝ ටිකක් වන White cheaked bulbul ල නම් ඕන තරම්. 

White cheaked bulbul


කලින් ඉදහිට දකින්න ලැබුන Red Vented Bulbul එහෙමත් නැත්නම් අපි කවෘත් දන්න කොන්ඩ කුරුල්ලො නම් දැන් වැඩි වෙලා වගේ. 




මේ අතරෙ පහුගිය කාලේ පෙන්න නොහිටිය අලුත් කෙනෙක් හැම තැනම ඉන්නවා. ඒ Rufous Bush Robin. හරි ලස්සන නැට්ටක් තියෙන හරිම ක්‍රියාශීලි මෙයා වැඩිපුරම දකින්න

 ලැබෙන්නෙ බිම කෑම හොය හොය ඉන්නකොට තමයි. කලින් දැකල 

තිබුන කෙනෙක් නොවන හින්ද මෙයාගෙ ඉරියව් වැඩි ගනනක් සටහන් 

උනා.