Sunday, September 9, 2012

අම්මගෙ රෙද්ද

අව පැහැ ගැනුනත්
දැලි කුනු පිරුනත්
මගෙ හිසට සුව දෙන
උකුල් යහනේ ඇතිරූ
ඇතිරිල්ල..

Tuesday, September 4, 2012

කටුස්සා

මක් වෙනවද
වෙනස් කෙරුවට
පැහැ
පැවැත්මට මිස
කුහක කමකට නෙවෙයි
මම ....




pic by me
location- hanthana

Sunday, August 19, 2012

ඔබ මගේ හිරු ...........





මකා ගනදුරු 
දිවිය කල සරු
මගේ ලොව  හිරු 
ඔබය් අමයුරු.......  

කිරණ චණ්ඩවූ 
දිවි කතර සැදු
ඒ චණ්ඩ හිරු 
ඔබය් වූ රුදු........ 

දැවෙන කතරත් 
කෙම් බිමකි සිතු 
ඔබ මගේ හිරු 
පතමි නිරතුරු......


පින්තුරේ චමින්දගෙන් 

Saturday, August 18, 2012

අපිත් මල්. ඇයි අපි ලස්සන නැද්ද?



ලොවම හැඩ කරනවෙය් වහසිබස් නොදෙඩුවත්
දුටු මතින් හිත් අරන් නෙලන්නට නොසිතුනත්
නෙක් ගැහැට විදදරන් රැදෙන්නට හැකිඋනත්
අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ......

පින්තුරේ මගේ
කවිය ඇගේ (කෞෂල්‍යා කුලතුංග)

Friday, August 17, 2012

නමුනුකුල හා සහචරයෝ








ඊයේ නමුනුකුල පාමුලට ආව බව කීවනේ. අද උදේ පාන්දරම නමුනුකුල දිහා බලාගෙන මඩොල්සිම කන්ද දිගේ ගොඩ දුරක් යන්න ලැබුන. ඇත්තටම නමුනුකුලයි, සහචර කදුවැටි ටිකයි මාව වසගයටම ගත්ත. හවස ආපහු ඒ පාර දිගේම ආපහු එනකොට මගේ ෆෝන් එකේ කැමරාවට නිවනක් නැති උනා. මේ ඒ වෙලාවේ කැමරාවේ සටහන් වෙච්ච රූප ටිකක්. මම චායාරූප ශිල්පියෙක් නොවන බවත්, මේ චායාරූප  එතරම් හොද නොවන මෙගා පික්සල් 5ක කැමරාවක සටහන් උන ඒවා බව සලකනු මැනවි.

Thursday, August 16, 2012

කදු හිසේ තුරු හිස

මේ මහ වලාකුලු
කඩා හලුනොත්නම් 
අනෝරාවක් වෙලා
තනි මං
කොහොම රැක ගන්නද
නුබව නොතෙමී..