හප්පේ බ්ලොග් පොස්ට් එකක් දාන්න බැරි උන පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල්. මේ හිරගෙයින් මිදිලා ලංකාවට පය ගහල එන්න තිබ්බ බලාපොරොත්තුව අකුලගෙන පහු බහින්න උනා මුලින්ම. ඊට පස්සේ වැඩ ටිකක් ගොඩ ගැහිලා කාර්යබහුල කමක් ආවා. ඊටත් පස්සේ තමයි දවස් ගානක් අන්තර්ජාලේ වැඩ කරන නැතුව ජංජාලයක් උනේ. යන්තම් අද ජාල ගත වෙන්න පුළුවන් විදිහට වැඩේ ගොඩ ගියා.
ඔය අතර තුරේ අපේ පරිසරේ සෑහෙන්න වෙනස් උනා. සති දෙකකට කලින් තිබුණු සිතල දේශගුණය වෙනුවට කාන්තාරෙට පුරුදු උණුසුම් දේශගුණයක් ඇතුළු උනා. කලින් තිබුණු මීදුම වෙනුවට දුවිලි වලාකුළු වලින් වට පිටාව වැහෙන්න ගත්තා. මේ සතිය ඇතුලත උෂ්ණත්වය සෙල්සියස් 39ට ආසන්න වෙනකල් වැඩි උනා. මේ යන්තම් සිතල අඩු වෙච්ච මාර්තු මාසේ. සමර් එකේ උච්චම කාලේ වෙන ජුලි, අගෝස්තු. නියර මෙහෙම නම් කුඹුර කොහොම තියෙයිද?
මේ පාරිසරික උණුසුම් වීමත් එක්කම මැද පෙරදිග දේශපාලන උනුහුමකුත් ගලන්න ගත්තා. හදිසියේම අසල්වැසි සවුදි අරාබි රාජධානියේ මුලිකත්වයෙන්, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එදිරිවාදිකම් පාන්න පටන් ගත්තා. කලාපයේ බලවතා වෙන්න දගලන පත සයිස් සවුදිය, ඇබිත්තන් කටාරයට තමන්ගේ දේශ සිමාව වහල දානවා කියල තර්ජනය කරා කියල තමයි කියන්නේ. පිට රටක එවුන් වෙච්ච අපිට ඔව්වයින් පලක් නෑ කියල හිතුනට මොකද බැරි වෙලාවත් සවුදි දේශ සිමා වැහුවොත් ඉතින් අපේ කලදවසත් එච්චර හොද වෙන එකක් නෑ.
ඔය පාරිසරික, දේශපාලන, සමාජීය ගැටළු වලට විසදුම් කල්පනා කර කර කසල මල්ලක් අතින් අරන් අපේ සුපුරුදු කුණු ගොඩ දිහාට මං ඇවිදන් ගියේ පට්ට දවාලක. දවසින් දවස උස වැඩි වෙන කුණු ගොඩට මගේ දායකත්වය දක්වලා ආපහු හැරෙන කොට තමයි මගේ ඇහැට සමනල්ලු කීප දෙනෙක් පෙනුනේ. මේ කුණු ගොඩ අස්සේ සමනල්ලු. එකෙක් දෙන්නෙක් නෙමෙයි හය, හත් දෙනෙක්ම. කුණුගොඩ අයිනේ තියෙන පඳුරු වල පුංචි පුංචි මල් පිපිලා නේ. එක මොහොතකින් කැමරාව උස්සන් මම එතෙන්ට දුවගෙන ආව.
කුණු ගොඩේ ගඳ ඉවසගෙන සමනලුන්ගෙන් පටන් ගත්ත පින්තුර ඇල්ලිල්ල ඉවර උනේ ඉවසා ගන්න බැරි තරම් බඩගින්නක් දැනෙන්න ගත්තට පස්සෙයි.
මෙන්න ඒ කුණු ගොඩ ලගින් ඇහිද ගත්ත පින්තුර ටික. ඔක්කොම පින්තුර වගේ ගත්තේ මගේ බාගෙට ලෙඩ sigma 70-300 DG Macro කාචෙන්. මම ගොඩක්ම කැමති එක තමයි උඩින්ම එල්ලුවේ.
 |
Painted lady |
 |
Blue pancy |
 |
සමනල්ලු විතරක් නෙමෙයි, සලබයෙකුත් අහු උනා |
 |
මෙයා නම් පැහැදිලි මදි. මල් පොහොට්ටුවක බිත්තර අලවන ඇබිත්තන් කෘමියෙක් |
 |
අතීත, වර්ථමාන, අනාගත පරම්පරා |
 |
alpha alpha |
 |
මේ මගේ මල |
 |
Bluethroat (Luscinia svecica) උඩ ඉන්න සමනල්ලුයි අනිත් අයයි ගොඩ දෙනෙක් නැවතුනේ මෙයාගේ බඩේ |
වෙනදා වගේම නියම පින්තූර ටික ,සවුදි කටාර් කේස් එක ගැන තව ටිකක් ලියන්න බැරිද?
ReplyDeleteස්තුති ඉවාන්. කිව්ව නිසාම ඔන්න ඒ ගැන ලිව්වා. හැබැයි වෙන බ්ලොගක. මේකෙ පින්තුර වලට වැඩි තැනක් දෙන නිසයි වැඩිය විස්තර ලියන්නෙ නැත්තෙ. පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.
Deletehttp://ektamkuluna.blogspot.com/2014/03/blog-post.html
පුලුවන් නම් ඉවාන් කියලා තියනව වගෙ දේශපාලන තත්වය ගැන තව ටිකක් ලියන්න බලමු.
ReplyDeleteපින්තූර ටික ගැන නම් කියන්නම දෙයක් නෑ. නියමයි.
ස්තුති. ඔන්න ලිව්ව ප්‍රියා http://ektamkuluna.blogspot.com/2014/03/blog-post.html
Deleteඅඩේ පට්ට ලස්සනයි නොවැ...
ReplyDeleteස්තුති ගාලු :)
Deleteපට්ට ලස්සනයි නෙ. කසල ගොඩෙන් මැණික් !
ReplyDeleteමටත් වැඩියෙන්ම ලස්සන පළමු වෙනි පින්තූරෙ තමයි. ඌෂ්ණ දේශගුණයේ වුනත්, මේ පැළෑටි ටික සනීපෙට තියනව නෙ.
පහුගිය ටිකේ සීතල නිසයි සනීපෙට හැදුනෙ. දැන් ආයෙ වේලෙන්න ගනී
Deleteපින්තූර ගැන නම් කියන්න දෙයක් නෑ.. පට්ට :d
ReplyDeleteස්තුති මදූ
Deleteඔන්න ඔබේ ආරාධනය පිලිගෙන ගොඩවුනා. අති විශිෂ්ඨ පින්තූර ගොඩක් බැලුවා. ඉක්මනින් ලංකාවට ඇවිත් මේ වගේ ලස්සන පින්තූර ටිකක් අරන් අපිටත් පෙන්වන්න. (h)
ReplyDeleteඔන්න ඔබේ ආරාධනය පිලිගෙන ගොඩවුනා. අති විශිෂ්ඨ පින්තූර ගොඩක් බැලුවා. ඉක්මනින් ලංකාවට ඇවිත් මේ වගේ ලස්සන පින්තූර ටිකක් අරන් අපිටත් පෙන්වන්න. (h)
ReplyDeleteසිග්මා වල ඔය ලෙන්ස් එක ගැන මගේ හිතේ තිබුණු තක්සේරුව මම අකුලාගන්නවා මේ ෆොටෝ ටික දැක්කම.. නියම ෆොටෝ ටිකක්. මට මතක්වෙන්නේ ලංකාව..
ReplyDeleteනියමයි, ඉතා අගෙයි.
ReplyDeleteපට්ට!
ReplyDelete