Wednesday, March 26, 2014

මාර්තුවේ තරු ගමන - star trails


පොලරිස් හෙවත් උතුරු තරුව වටේ 

මාර්තු මාසේ ඉවර වෙන්නත් ඇවිත්. මං එකම එක පෝස්ට් එකයි පල කරල තියෙන්නෙ මේ මාසෙට. අපොයි වෙච්ච දෙයක්. එක අතකට එහෙම නොවුන නම් තමයි පුදුමේ. මේ මාසේ මුල ඉදලම අන්තර්ජාල සම්බන්දතාව ලෙඩ දුන්නා. ගෙවිච්ච දවස් 25න් 7ක් විතර තමයි ජාල සබදතාව  තිබුනෙ අපට. ඉදල හිටල ජංගමෙන් ඇවිත් බ්ලොග් කියවලා ගියාට මොකද පෝස්ට් එකක් දාන්න විදිහක් තිබුනෙ නෑ. මේ පෝස්ට් එකත් කොටන්නෙ ජංගමේ ජාල සම්බන්තාවෙන් උඩුගත කරන්න හිතාගෙන. වැඩිය නෑ. මේ සැරේ පින්තූර 2ක් විතරයි. මේ තාරකාවල ගමන් මඟ හෙවත් star trails. කලිනුත් පරණ star trail කිහිපයක් පල කළා මං. 

පිංතුර 2ක් උනාට මේ දවස් කිහිපයක මහන්සිය. හඳ නැති, වලාකුළු වලින් බාධාවක් නැති රැයක් හොයා ගන්න එක, වැඩේට හරියන කලුවර, ආලෝක දූෂණය අවම තැනක් හොයා ගන්න එක, දවල් කාලෙක තැනට ගිහින් composition එක ගැන අදහසක් ගන්න එක ආදී  එකී නොකී මෙකී වැඩ ගානක් කරන්න ඕන මේ පින්තූරයක් ගන්න කලින්. ඊට පස්සෙ අදාල රෑ කැමරාව ත්‍රිපාදෙ ගහලා, දුරස්ත පාලකයක් හරහා එක දිගට පැයක් විතර පින්තුර ගන්න එකත් එපා වෙන වැඩක්. තට්ට තනියම පාලු තැනකට වෙලා කට්ට කලුවරේ පැය ගානක් ඉන්න ගියාම එපා වෙනවනෙ. ඒ හින්දම මං මේ පිංතූර ගැනිල්ලට යොදන උපරිම කාලය පැයයි. වැඩි කාලයක් ගත්ත නම් වඩා ලස්සන පිංතූරයක් ලබා ගන්න පුලුවන් අන්තිමේදී.

ඇත්තටම මොනවද මේ පින්තුර? සරලවම කියනවා නම් මේකයි. පෘතුවිය තමන් වටේට කරකැවෙනවලු නේ. ඒ නිසා ඉර නැගෙනහිරින් නැගලා බටහිරින් බැහැල යනවා වගේ අපට පේනවා. අපට ලගින්ම තියෙන තරුව වෙච්ච ඉර වගේම ඈතින් තියෙන අනිත් තරුත් ඒ විදිහටම නැගෙනහිරින් පායලා බටහිරින් බැහැල යනවා. ඒ කියන්නේ ඉර වගේම තරුත් ඉතාම හිමින් අහසේ ගමන් කරනවා. පියවි ඇහැට නොපෙනෙන මේ තරු වල ගමන තමයි මේ පින්තුරේ සටහන් වෙලා තියෙන්නේ. කැමරාවේ ෂටරය දීර්ඝ කාලයක් ඇරලා තියලා මේ තරු වල ගමන සටහන් කර ගන්න එක තමයි මේ වගේ පින්තුරයක් ගැනීමේදී කරන්නේ. කැමරාව ත්‍රිපාදයක නොසෙල්වී තියල තත්පර 30ක් ෂටරය ඇරලා තිබ්බම, තිතකට වඩා ටිකක් දිගටි රේඛා ස්වරුපයෙන් තමයි තරුවක් සටහන් වෙන්නේ. ඒ වගේ එකදිගට පින්තුර ගණනාවක් අරන් ඒවා ඇඩෝබිගේ පින්තුර කඩේ (Adobe Photoshop) පිහිටෙන් එක මත එක ගොඩ ගහල  (Stack) තමයි මම මේ තරු වල ගමන් මාර්ග සටහන් කර ගත්තේ.  
උඩ තියෙන පින්තුරය උතුරු දිශාවට එල්ල කරලා ගත්තු එකක්. සමකයට ඉහලින් තියෙන රටක ඉන්න නිසයි මේ උතුරු තරුව වටේ ගමන් කරන දර්ශනේ සටහන් කර ගන්න ලැබුනේ මට. පහල පින්තුරය දකුණු අහස දිහාට කැමරාව එල්ල කරපු එකේ ප්‍රතිපලයක්. මේ වගේ පින්තුර කිහිපයකට තැන් අවට කාන්තාරයේ හොයාගෙන තිබුනත් වලාකුළු පිරිච්ච අහසයි, අපිව රවට්ටන්න වගේ හිටපු ගමන් වැටෙන වැහි බින්දු දෙක තුනයි හරියට බාධා කරනවා. නැත්නම් මේ පොස්ට් එකට තව පින්තුර 3ක් වත් අඩුම තරමින් එකතු කරන්න තිබුනා. 



ප. ස. 
කලින් පොස්ටුවේ සවුදි කටාර් ගැටලුව ගැන ලියන්න කියල ඉවාන් සහ චන්දන කරපු ඉල්ලීම නිසා මං ඒ ගැන මෙතන ලිව්වා. මේ බ්ලොගේ  පින්තුර වලටම ප්‍රමුඛතාව දෙන නිසයි මේකේ ඒ ගැන ලොකු විස්තරයක් නොලිව්වේ. 


16 comments:

  1. මේ ජාතියේ පින්තූරයක් ගන්න මාත් ආසයි.. ලස්සන පින්තූරේ..
    ඒක නෙමෙයි.. මම බැලුවා කවුද මේ වීරේ කියන්නේ කියලා. බැලින් නං ඉස්සර හිටපු එකාමයි නෙහ්... :d

    ReplyDelete
    Replies
    1. ස්තුති මදූ. ඔව් ඉසර හිටපු එකම තමයි. නම වෙනස් කරලා පොඩ්ඩක් හැඟුනා

      Delete
  2. උඩ තියෙන රූපෙ දැක්ක ගමන් පෙනුනෙ අපේ සීගිරිය වගේ. ඒ හැඩේ.

    ReplyDelete
    Replies
    1. අපොයි මේ ඒ තරම් විශාල පර්වතයක් නෙමෙයි. පුංචි ගලක්

      Delete
  3. අද ලොකු විස්තරයක් එක්ක දාලා නේ.. නියමයි ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. ටිකක් විස්තරේකුත් ලිව. ස්තුති

      Delete
  4. ගොඩාක් ස්තූතියි. ඔයාගෙ බ්ලොග් එක ගොඩක් වටිනවා. අලංකාර, වටිනා පිංතූරවලින් පිරිල. අවසරයි නම් මේ පිංතූර සේව් කරගත්තට කමක්නැත්ද?

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපොයි සේව් කර ගන්න. මම මේ නීති පනවල තියෙන්නේ පින්තුර හොරකන් කරලා තමන්ගේ වගේ පල කරන අයට විතරයි.
      ඒ පැත්තට ඇවිත් ගිය ඔන්න මමත්

      Delete
  5. ලස්සන පින්තූර දෙක. විස්තරේ අනුව පේන්නෙ පින්තූර ගන්නත් 'ලස්සන' කට්ටක් කාල තියන බවයි. :)

    පින්තූර ගන්නත් සෑහෙන ඉවසීමක් ඕන නේ... ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. හොද කට්ටක් කෑවා. හොද ඉවසීමක් ඕන තමයි පින්තුර ගන්නත්. එත් මට නැත්තෙත් ඒකයි

      Delete
  6. ඉලීම ඉටු කිරීම් ගැන ස්තුතියි . පින්තූර ටිකනම් එල. අද විස්තරය නිසා අගේ වැඩි වුනා

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉවාන්. දිගටම මේ වගේ විස්තර ලියන්න බලාපොරොත්තු වෙනවා

      Delete
  7. නියමයි විස්තරේ ලියුවට ස්තුති , මං ආසම දේවල් දෙකක් ගැන ඔයා ලියලා තියෙන්නේ, තාරකා සහ චායරුපකරණය

    ReplyDelete
  8. පළවෙනි පින්තූරෙට මම මාර ලයික්..

    ReplyDelete
    Replies
    1. :)) ඒක වඩා හොදයි කියල හිතුන නිසයි උඩින්ම දැම්මේ

      Delete