Tuesday, February 11, 2014

මැස්සෙක්, මකුළුවෙක් සහ තවත් පින්තුර - Insects (Close-up)

දෙසැම්බර් මාසේ ගලන්න පටන් ගත්ත සීතල තවම මැකිලා ගිහින් නෑ. සීතල නිසාම කම්මැලි කම වැඩි වෙලා. පහුගිය ටිකේම පින්තුර ඇල්ලිල්ල හොදටම අඩු වෙලා. ටිකක් කාර්ය බහුල උන එකත් ඒකට බලපෑවා. එත් ඉතින් මගේ කොම්පිතරේ ආලෝක කාමරේ (light room) පරණ පින්තුර පුරවලා තියෙනවනේ. ඔන්න පරණ පින්තුර ටිකක් ඇදාල ගත්තා. 
මැක්‍රෝ හෙවත් පුංචි දේවල් වල පින්තුර ගැනීම ප්‍රවීන වගේම ආදුනික චායාරුප ශිල්පීන් ගොඩ දෙනෙක් කැමති දෙයක්. ඉතින් පින්තුර ඇල්ලිල්ලට ආදුනික මමත් හරි කැමති මේ වැඩේට. එත් ඉතින් සමහර ලංකික ප්‍රවීන චායාරුප ශිල්පියෝ ඔය සමනල්ලු, බත්කුරෝන්ගේ, මැස්සන්ගේ පින්තුර අරන් පලක් නෑ කියල කියනවා බුකිය පැත්තේදී නම් දැකල තියෙනවා. මම නම් විනෝදෙට මේ පින්තුර ඇල්ලිල්ල කරන නිසා මම කැමති කැමති පැත්තට මගේ කැමරාව හරවනවා. 
මැක්‍රෝ පින්තුර ගන්න ආස උනාට මොකද එකට ඕන යටිතල පහසුකම් නෑ නේ මං ලග. හොද මැක්‍රෝ කාචයක් සැහෙන්න ගණන්. දැනට මේ සෙල්ලමට වියදම් කරලා තියෙන ගාන දැනගත්තම ගෙදර මිනිස්සුන්ට හිල්ලුව විදිහ මතක් වෙනකොට නිකමටවත් එකක් ගන්න හිතෙන්නේ නෑ. කොහොම හරි මම ගත්ත බාල අඩු මිල close-up පහසුකම ඇති කාචෙන් ඇල්ලුවා පින්තුර ටිකක් තමයි මේ. ඒ නිසා මේවා මැක්‍රෝ නෙමෙයි. ලග- උඩ (close-up) පින්තුර. 
මේ විදිහෙම close-up පින්තුර ටිකක් වෙච්ච සමනල් එකතුව වැඩි දෙනෙක් දකින්න නැතුව ඇති. මෙන්න ඒ පැත්තට පාර.

මැස්සෙක් ගිය උඩ

අරුම පුදුම වියමන 

තණකොළ පෙත්තා සහ පුත්‍රයෝ  

දවස් ගානක් කන්න පුළුවන් කුණු කැල්ලක් හම්බ උනා 

මේ මල් වලත් රොන් තියෙනවා 

ගස් බඩගාන එකත් ලේසි නෑ 

මැස්සෙක්ගේ රස බලන බත් කුරෙක්.(මැස්සාගේ ඇග කටේය. ඔලුව ලියට යටින් කකුල්වල රදවගෙනය)

සර්කස් පැසිපියා - වැටුනොත් ලෙලි ගියා 

රේණු තලා මල් නොතලා 





මුදුනා 

ආඩම්බර කාර තණකොළ පෙත්තා



මගේ කරුමෙටම වගේ මම ගොඩක් කැමති මේ පින්තුර ගන්න පාවිච්චි කරපු කාචේ ඊයේ පෙරේද ලෙඩ උනා.

20 comments:

  1. ඔය අරගෙන තියෙන්නේ නියමෙට...ලෙන්ස් එක බාල වුනාට කමක් නෑ හොඳ ඇහැක් තියෙනවනේ..ලෙන්ස් එක රෙපෙයාර් කරගන්න බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තාම රෙපයාර් කරන්න තැනක් හොයා ගන්න බැරි උනා. ඉක්මනින් හදා ගන්න ඕන. බාල උනාට මම කැමතිම ලෙන්ස් එකක්.

      Delete
  2. ලෙන්ස් එකේ විස්තර ඉදිරිපත් කලානම් හොඳයි. මේ ඡායාරූප වලට අවම මට්ටමේ එඩිටිං ටිකක් කලා නම්, තවත් හොඳ මට්ටමකට ගෙන එන්න තිබ්බා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කලේ sigma 70-300mm DG Macro කියන ලෙන්ස් එක.
      "මේ ඡායාරූප වලට අවම මට්ටමේ එඩිටිං ටිකක් කලා නම්, තවත් හොඳ මට්ටමකට ගෙන එන්න තිබ්බා කියලා හිතෙනවා." කියන එකෙන් තිසර අදහස් කලේ මොකක්ද? තව සංස්කරණය කරන්න ඕන කියන එකද? ගොඩක් ඒවා මම ආලෝකය ටිකක් එහෙ මෙහෙ කරලා තියෙන්නේ.

      Delete
    2. පළවෙනි ෆොටෝ එක ගොඩක් හොඳයි. නමුත් අර පහල තියන සමහර එවගේ ගස් වල කොල පාට එහෙම ටිකක් ඉස්මතු කරලා ගත්තා නම් හොඳයි. saturation, vibrancy කියන සෙටින්ග්ස් එක්ක පොඩ්ඩක් play කරන්න. අර දුඹුරු පැහැ පසුබිමේ බත්කූරා ඉන්න එක එහෙම වටේට බැක්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් dark කරලා කූරාව හයිලයිට් කලා නම් හොඳයි.

      Delete
    3. ස්තුති උපදෙස් වලට. කිහිප දෙනෙක්ම කිවා මගේ පින්තුර වල වර්ණ මලානිකයි කියල. ආයෙත් මුල ඉදල සංස්කරණය කරන්න පටන් ගන්න ඕන මේ පින්තුර ටික.

      Delete
  3. ලස්සන පින්තූර ටිකක්...
    කලාත්මක ඇහැක් තියෙන්නේ චමින්දට... :)

    ReplyDelete
    Replies
    1. ස්තුති. මදුරංග අද පරණ ඒවා ඔක්කොම බලල තියෙනවා දැක්ක.

      Delete
  4. ලස්සනයි චමින්ද. හොඳ විනෝදාංශයක්. කැප්ෂන් ටිකත් ගැලපෙන්නම දාල තියන්නෙ. :)

    අයිලාෂ් අයියගෙ 'සැමරුම්' බ්ලොග් එකේ තිබුන කැමරාකරණය ගැන ලිපි පෙලක්ම. සමහර විට චමින්දට ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති.
      මම සැමරුම හොයාගෙන බලන්නම්. ස්තුති ඔත්තුවට

      Delete
    2. ස්තුතියි චන්දන ...

      Delete
  5. ලස්සන ෆොටෝ ටික.. සත්තුන්ගේ මේ වගේ ෆොටෝ ගන්නවා කියන එක ලේසි නෑ.. එක පාරක් මාත් සමනල්ලු ටිකකගේ ෆොටෝ ගන්න සෑහෙන කට්ටක් කෑවා..

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්. සමහර වෙලාවට මමත් සමනල්ලු පස්සේ සැහෙන්න ඇවිදලා කිසි පින්තුරයක් ගන්න බැරිව ඇවිත් තියෙනවා.

      Delete
  6. එල සහ පට්ට බලන් ගියාම සමහර වෙලාවට මැස්සොත් ලස්සනයිනේ

    ReplyDelete
    Replies
    1. ඔව්. මැස්සත් ලස්සනයි වෙලාවකට. හොද මැක්‍රෝ පින්තුරවල මිට වඩා ලස්සනයි.

      Delete
  7. Replies
    1. ස්තුති මේ පැත්තට ගොඩ උනාට.

      Delete
  8. Replies
    1. පරණ පින්තුර ටිකක් මචන්

      Delete
  9. චමින්ද මේ පින්තුර close-up නෙවෙයි මේවා අයිති වෙන්නේ මැක්‍රෝ ගණයට.

    ReplyDelete