Friday, February 13, 2015

මුඩුබිමේ අවසන් සේයා සටහන්

මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ. 

මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්. 

කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.
හිරු උදාව

  

සවස් යාමයේ Purple Island



මේ පැස්බරාගේ පින්තුරේ සටහන් කර ගත්තෙ අපේ ගොවිපල අසල තියෙන පොඩි සත්තු වත්තකදී

 කටාර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට වෙන්න තියෙන අල් කූට් බලකොටුව නරඹන්න ගිය අතරෙයි පහල පින්තුර ටික සටහන් කර ගත්තේ. 






ආපසු..

ජිවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරලිලා. සති දෙකකට කලින් මං මැදපෙරදිග මුඩුබිමේ රැකියාවට සමුදීලා මවු බිමට පය තිබ්බා. විවාහයෙන් මාසෙකට පස්සෙ පිටිසර ගම්මානයක පුංචි ගුරු නිවහනක තනියම ඇගිලි ගනිමින් හිටපු බිරිදගේ තනිකම මකලා ලඟින් ඉන්න මොහොතකට අවකාශයක් ලැබුනා.
අවුරුදු දෙකකට කලින් සීමාවාසික පුහුණුව අතර මඟ දාලා ගියපු එකේන් නම් මට සෑහෙන පාඩුවක් උනා. අවුරුදු හය හතකට පස්සෙ රජයේ සේවයට බඳවා ගන්න ගොන්නට එකතු වෙන්න තිබිච්ච අවකාශය වැහිලා ගියේ ඒ පුහුණුව සම්පූර්ණ නොකල නිසාමයි. ඒත් ඉතිං මෑතකදි ආයෙමත් කොටසක් බඳව ගන්න බවට ආරංචි උනු නිසා තමයි මේ සීමාවාසික පුහුණුව හැකි ඉක්මනින් ඉවර කර ගන්න අදහසින් හදිසියේම අපහු ආවේ. ඒත් ඉතිං මේ තියෙන දේශපාලන වාතාවරණය එක්ක ඔය දේවල් වෙනස් වෙයිද කියලා කවුද දන්නෙ.
කොහොමින් කොහොම හරි, අපේ ගම් පලාතේන් ජනාධිපතිවරයෙකුත් පත් කර ගත්තයින් පස්සෙ මගේ සිමාවාසික පුහුණුවේ මගහැරුන කොටස ආයෙමත් පටන් ගත්තා. ස්ථානය රජයේ කිරි ගොවිපලක්. අප්පේ කියලා වැඩක් නෑ. මෙතන වැඩ නම් අන්තිමයි.
ඉතිං, ටික දවසකට කලින් වෙනම ලෝකයක හිටිය මං දැං ආයෙමත් මං ඇත්තටම අයිති පොලවේ, පරන බයික් කට්ටක් පැදගෙන, රැකියාවකට යනවා.