Wednesday, February 5, 2014

අතුරුදහන් උනු මිතුරා - LOST COMPANION

මේ වාලුකාවේ  තනිකඩ ජීවිතය පටන් ගත්තේ මීට අවරුද්දකට විතර කලින්. හිත මිත්‍රයෝ වටකරගෙන ජිවිතේ ගෙවපු මම මෙහෙදී මගේ තනිය, දුක, සැප, බෙදා ගන්න අලුත් හිතවතෙක් මෙහෙදී හොයා ගත්තා. මං ජීවත්වෙන ගේ ඇතුලේ හිටියේ අපි දෙන්න විතරයි. කන බොන එක බෙදා ගෙන කාල, තියෙන එකම ඇඳ බෙදා හදාගෙන මගෙත් එක්ක ජිවත් උනේ මේ මිත්‍රයයි. රාජකාරි ඉවර කරලා මම එනකල් ඇඳට වෙලා හොදට නිදා ගන්න මේ සගයා මම එද්දී මාව පිළිගන්න ඉස්සරහට එන්න හිටිය එකම කෙනයි. දවල් දවසම කම්මැලි කමට ගෙට වෙලා ඉන්න මෙයාගේ රාජකාරි පටන් ගන්නේ බොහෝ වෙලාවට යන්තම් අදුර වැටුනට පස්සෙයි. මේ වෙලාවට එලියට යන මෙයා සමහර දවස් වලට ආපසු එන්නේ උදේ පාන්දරටයි. එත් මීට මාසෙකට කලින් එහෙම හවස් වරුවක එලියට ගියපු සගයා ආපහු නොආවේ කවදාවත් නොහිතපු විදිහට.
ඔව්. උඩ පින්තුරේ ඉන්නේ මගේ ඒ හිතවතා තමයි. පුසෙක්. මීට කලින් කිසිම දවසක පුසන්ට ඇලුම් නොකරපු මාව සසල කරපු මගේ හිත මිත්‍රයා උනේ ඔය පුසා තමයි. මම මේ නුහුරු රටේ තනි වෙලා මාසෙකට විතර පස්සේ හරිම පුංචි කෙසග පුස් පැටියෙක් වෙච්ච මෙයාව මම මගේ කාමරේට අරන් ආවේ තනියට හිත මිත්‍රයෙක් ඕන කියල දැනුනු නිසා. සුනකයන්ට කැමති කෙනෙක් උනත් මම කවදත් පූසන්ට කැමැත්තක් තිබ්බේ නැත්තේ ස්වභාවයෙන්ම පුසන්ට උරුම වෙච්ච ආඩම්බරකාර, අර්ධ වල් (semi-wild) ගති ලක්ෂණ නිසයි. ඒආඩම්බරකම මගේ යෙලෝ ෆෙලෝටත් බින්දුවක්වත් අඩු නොවී පිහිටලා තිබ්බා. ඉදල හිටලා කොහෙන් හරි අල්ලාගෙන එන මී පැටියෙක්, කුරුල්ලෙක් නිසා අර්ධ වල් ස්වභාවයත් හොදට පෙන්නුම් කළා.
පුංචි පැටියෙක් විදිහට මගේ නවාතැනට ආපු යෙලෝ මගේ තනිකම මැකුවා විතරක් නෙමෙයි වට පිටාවේ ඉන්න හැමෝගෙම හිතවතෙකුත් උනා ටික කලෙකින්ම.  එත් හදිස්සියේම අතුරුදහන් උන මේ හිත මිතුරාගේ අඩුව මට තදින්ම මට දැනෙන්න ගත්තේ හිතා ගන්නවත් බැරි විදිහටයි. මුල් දවසේ බයක් නොදැනුනේ සාමාන්‍යයෙන් ප්‍රජනන කාලයේදී පුසන් මේ විදිහට දවස් දෙකක් තුනක් අතුරුදහන් වෙලා ඉන්න එක සාමාන්‍ය දෙයක් නිසයි. එත් දෙවන දවසේ  ඉදන් මුළු ගොවිපලෙත්, අවටත් සෝදිසි කරලා බැලුවත් යෙලෝ ගැන කිසි තොරතුරක් අද වන තුරුත් හොයා ගන්න නෑ.
අව්රුද්දක වගේ කෙටි කාලයක් මගේ ලග හිටපු මේ මිතුරා අතුරුදහන් වෙලා මේ වෙනකොට මාසයක් ඉක්ම ගිහිල්ල. හිතා ගන්නවත් බැරි විදිහට අතුරුදහන් උන යෙලෝආපහු එයි කියන බලාපොරොත්තුව දැන් මගේ හිතින් නැති වෙලා ගියාට ඒ අඩුව නම් තවමත් මට හොදින් දැනෙනවා. කැමරාව අරන් මම වටපිටාවේ පින්තුර අල්ලන වෙලාවට සමනල්ලුන්ට කුරුමානම් අල්ලන ගමන් මගේ තනියට රැදෙන මිතුරාගේ අඩුව දැනෙනවා. උයන පිහන වෙලාවට ලගටම වෙලා ඉන්න, මස් මාළු උයන දවසට පිස්සුවෙන් වගේ කෑ ගහන මිතුරාගේ අඩුව දැනෙනවා.
නොහිතපු විදිහට මගේ හිත සසල කරපු ඒ මිතුර වෙනුයි මේ පුංචි සටහන සහ පින්තුර මතක එකතුව

පුංචිම දවස්වල 

මම අරන් ආව කැහැටු පූස් පැටියා 



අයියා බරටම වැඩ 







මේ කටුස්සව අල්ල ගන්න පුළුවන් නම් දවල් කෑමට 


කොච්චර නිදා ගත්තත් නිදිමත අඩුවක් නෑ අප්පා 








යෙලෝ ද අවුල් 

පින්තුර ඇල්ලිල්ල අතර තුර 







30 comments:

  1. ලොකුම ලොකු කඳුළු කැට දෙකක් මටත් නොදැනිම කම්මුල් දිගේ ගලාගෙන ගියා මේක කියවගෙන යනකොට වීරෙ ......

    ReplyDelete
    Replies
    1. මාසයකට වඩා ගෙවිල ගිහිල්ලත් තාම නැති පාළුව දැනෙනවා.

      Delete
  2. mamath ada jiwath venne me wage ma kesageta hitapu eth dan harima hadakara mage adambara kara pusi chuti nisai..mama prarthana karanawa oyage yellow aith oyage langata enna kiyala

    ReplyDelete
    Replies
    1. මාසෙකටත් වඩා ගෙවිල ගිහින් නිසා මගේ බලාපොරොත්තු නම් හේදිලා ගිහින්. සමහර සත්තු අපේ ජිවිත වල කොටස් වෙනවා අපට නොදැනීම

      Delete
  3. බල්ලන්ට වඩා පූසන්ට තමයි මං කැමති.. අපේ ගෙදර අන්තිමට හිටපු පූසව මතක් වුනා. උන්, උන්ගෙ හැසිරීම් වලින් අපිටත් හොරෙන් අපිට ලං වෙනව.

    ReplyDelete
    Replies
    1. මම නම් ගොඩක් කැමති බල්ලන්ට. එත් මෙයා නිසා මම පුසන්ටත් කැමති උනා.

      Delete
  4. මම පුසන්ට කැමතියි බල්ලොන්ට වඩා. සමීප කෙනෙක් වෙන්වුනහම දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ විතරක් නෙමෙයි. මෙයා පහුගිය අව්රුද්දේම මගේ තනියට ලග හිටපු එකම කෙනා.

      Delete
  5. ඇත්තටම තනෛකම කියන දේ අපි හැමොටම මානසිකව ලොකු ගැටලුවක් නේද..? සමහරුන්ගේ අඩුව අපට දනෙන්නේ ඒ ගොල්ල අයේ නො එන්නම අපෙන් ඇතට ගියමනේ

    ReplyDelete
    Replies
    1. පිට රටවල ඉන්න අපට ඒ තනිකම වැඩිය දැනෙනවා. ඔව්. ඔබ කිවා වගේ අඩුව දැනේනේ ඇතට ගියාම තමයි

      Delete
  6. අපේ ගෙදරත් ඉන්නව එකෙක්.. ඌට මට වඩා අපෙ අම්ම ආදරෙයි.. මෙන්න ඌ ගැන ලියපු එක...

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පුසෝ නැතත් බල්ලෝ නම් ඉන්නවා. කොල්ලෝ තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක් වෙච්ච අපේ අම්මගේ තනියට දැන් ගෙදර ඉතුරු වෙලා ඉන්නේ එක කොල්ලෙකුයි බල්ලෙකුයි විතරයි. අපේ අම්මත් එයාට පන වගේ ආදරෙයි. තමන්ගේ පුතාලා ඇතට ගියත් හැමදාම තනියට කකුල් දෙක ලගට වෙලා ඉන්න බල්ලට ආදරේ කරන්න වටිනවා නේ.

      Delete
  7. ලස්සන ගාෆිල්ඩ් කෙනෙක් !

    ReplyDelete
    Replies
    1. ඔව්. එයා මම දැක්ක ලස්සනම පුසෙක්.

      Delete
  8. සමීපම කෙනෙක් වෙන් වුනාම හිතට දැනෙන දුක ගැන ඉතින් හිතා ගන්න පුළුවන්..

    ReplyDelete
  9. හැමදාම වගේ ලස්සනම පින්තූර ටිකක්..තනියම ඉන්න වෙලාවට ලඟ ඉන්න තිරිසන් සතාට වුනත් අපි පුදුම තරම් ආදරේ වෙනවා.එහෙම කෙනෙක් වෙන් වුනාම දරාගන්න අමාරුයි තමයි...

    ReplyDelete
    Replies
    1. මුල් පින්තුර ජංගමයෙන් අල්ලපු පින්තුර. මාසයක් ගෙවිල ගිහිල්ලත් මේ තරම් දුකක දැනෙනවා

      Delete
  10. ලස්සනයි ,,ශෝක් ,.,මටත් මගේ චාර්ලි මතක් උනා ,,

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ උද ඔමාලි කියල නමකින් කමෙන්ට් දාල තිබ්බෙයි අපුර්වී වෙන්නැති කියලයි. චාර්ලි කොහෙද? ලංකාවේද ඉන්නේ.

      Delete
    2. චාර්ලි මැරුණා අයියේ, මං පෝස්ට් එකක් ලියලා තියෙනවා ,ඔයා ආසාවෙන් කියවාවි , චාර්ලි මං ලංකාවෙන් ඇවිත් දවස් 6 විතර යනකල් කාලා බිලා නැහැ ,එයා මැරුණා, මට අදටත් මාර දුකයි, චාර්ලි මට ආදරේ කරපු තරම්, එයාගේ මුළු ලෝකෙම මං, එහෙම පුසෙක් මන් දැකලා තිබ්බේ නැහැ , ඉස්කෝලේ ගිහින් එනකල් ඉන්නේ වැට අයිනට වෙලා මන් ගෙදර ආවම මන් ලගමයි

      Delete
  11. ලස්සනයි. සත්තුන් අපිට තියෙන ආදරේ අපිට දැනෙන්නේ අපි තනි වුණු වෙලාවටයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩක් තනිකමින් ඉන්න මිනිස්සු ගොඩ දෙනෙක්ගේ තනියට සත්තු ඉන්නවා මම දැකල තියෙනවා

      Delete
  12. මේක කියෙව්වාම මට හිතුනේ පුසව හොයාගන්න විකීට උදවු කරන්නේ කොහොමද කියලා. ඒත් මොනවා කරන්නද. අපි ඉන්න අපාර්ට්මෙන්ට් එකේ දැන් දවස් ගානක ඉඳන් දැන්වීමක් ගහලා තියෙනවා නැති උන පුසෙක් හොයාදෙන්න උදවු කරන්න කියලා. ඒ දැන්වීම අද උදේ ටිකක් ලොකු කරලා ආයෙම ගහලා තිබ්බා. කාන්තාරේ ඉද්දී ඔයවගේ ලඟින් හිටි සමීපතමයෙක් අතුරුදන් වුනාම ඇති වෙන මානසික සාංකාව මට හිතා ගන්න පුළුවන්. මොකද මමත් ඔය ළඟ පාතකනේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මම ඉන්න ගොවිපල් වටේම තියෙන්නේ කාන්තාරේ. ගොවිපල ඇතුලේ නම් හැම අගලකම මම එයාව හෙව්වා. එලියට නම් ගිහින් ඉන්න විදිහක් නෑ. මාසයකුත් ඉක්ම ගිය නිසා දැන් මට එයා ආයෙත් එයි කියලා ලොකු බලාපොරොත්තුවක් නෑ. ඔබේ අසල්වැසියාගේ පුසා නම් එන්න ඉඩ තියෙනවා දින කිහිපයකට කලින් නම් නැති උනේ.

      Delete
  13. පූසා ෆුල් ෆොටෝ ජෙනික් පොරක්නේ ..මලේ නැත්තම් අනිවා ඌ එනවා .බොරුනම් බලන්න

    ReplyDelete
    Replies
    1. එයා එන එකක් නෑ ආය. මම හිතන්නේ මොකක් හරි කරදරයක් වෙන්න ඇති කියල

      Delete
  14. හරිම දුකයි නේද සුරතල් නැති වුන විටදී. මිට දවස් 10කත පෙර මගේ ආදරණිය මිතුරා උන බෙන්ජි (කොකල්ස් ස්පානියෙල්) මෙලොව හැර ගියා. මේ මොහොතේ ඔහු නිසා ඇසට කඳුළු එන එක නවත්වා ගන්න බැහැ.

    ReplyDelete
  15. දුකයි සහෝදරයා... මොනා කරන්නද .. අහිමිවීම මේ ජීවිතේට උරුම කරන අපි මේ ලෝකෙට උපදින්නේ කියල හිතාගෙන හිත හදාගමු...

    ReplyDelete