Wednesday, January 29, 2014

දිනයක නිමාව - END OF A DAY

හවස් වරුවේ ඉර බැහැල යන්න ලං වෙද්දී අහස මවන දර්ශන බලන් ඉන්න වටිනවා. මම කොහොමත් හරිම ප්‍රියයි ඉර බැහැල යන දර්ශන පින්තුර ගන්න. ඊයේ හවස් වරුවේ ඉර ක්ෂිතිජයට ලංවෙනකොට මම කුරුල්ලන්ගේ පින්තුර දඩයමක යෙදිලයි හිටියේ. ඉර බහින දර්ශන සැහෙන්න මගේ පරිගණකයේ එකතු වෙලා තිබුනත් ඒ ගොඩට තව පින්තුර ටිකක් එකතු කර ගන්න හිතන් මම පින්තුරයක් ගන්න තැනක් හොයාගෙන ගමන් අරඹ කළා. අන්තිමේ නතර උනේ මිට කලිනුත් පින්තුර ගත්ත තැනක. මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් මේ ස්ථානයේදීම කලින් ගත්ත පින්තුරයක් දැක ගන්න පුළුවන් වේවි. 







Tuesday, January 28, 2014

තුෂාරයෙන් පසු - AFTER THE MIST

අද නිවාඩුවක් ගත්තා. පහුගිය මාසේ පුරාවටම තිබ්බ දැඩි හිතල නිසාම පින්තුර අල්ලන එකත් ටිකක් අඩු වෙලයි තිබුනේ. එත් දැන් නම් ටිකක් සිතල අඩු වෙලා යනවා වගේ. හැබැයි උදේ 8 විතර වෙනකල් තද මිදුමකින් පළාතම වැහිලා යනවා. අද උදේ ටිකක් පරක්කු වෙනකල් නිදාගෙන ඉදල නැගිටලා එලියට ගියේ මේ මිදුමත් තුරන් උනාට පස්සේ. ගොවිපල වටේ ඇවිදිද්දී මගේ ඇස ඇදගත්තු දර්ශන ටිකක් ඔන්න. කලිනුත්  මම මේ වගේම පිනිබිදු පින්තුර පොස්ට් එකක පල කළා. බලපු නැති අය ඒවත් බලලම ඉන්නකෝ පහල සබැදියෙන්.

පිනි බිදු

මේ වගේ පංතුර ගන්න උචිත මැක්‍රෝ කාචයක් නැති නිසා මගේ අඩු මිල close-up කචයයි පාවිච්චි කලේ. 










මුතු වැලක් 

මකුලුවෙකුත් බරටම වැඩ



ඔය අතරේම වන මලකුත් නෙලා ගත්ත ඔන්න


කුරුල්ලෙකුත් දැක්ක එකේ පින්තුරයක් නොගෙන ඉන්නේ කොහොමද?

Saturday, January 25, 2014

ආරාධනා


©wmcwickramasinghe|2013

ගොවිපලේ දොරටුවෙන් එලියට ඇවිත් තාර පාරක් දිගේ ප්‍රධාන පාර දිහාවට ඇදෙද්දී දකුණු පසින් පෙනෙන ඉඩ කඩ මම අඩුවෙන්ම ගවේෂණය කරපු පෙදෙසක්. ගොවිපලෙන් එලියට එන හැම මොහොතකම මේ පැත්තට තිබෙන වැලි පාරක්, ඒක දිගේ එන්න කියල මට ආරාධනා කරනවා වගේ දැනුනත් ඒ පැත්තට වාහනේ හරවන්න මට වෙලාවක් තිබුනේ නෑ. මෑත දවසකදී ඒ ආරාධනාව පිලි අරන් ඒ පැත්තට වාහනේ හැරෙව්වේ ගීතයක පදයකුත් මුමුනගෙන. "අනන්තයට යන පාර දිගේ".
ඉතින් ඔය පාරේ යද්දී හිතේ මැවුණු පින්තුරෙකුත් සටහන් කර ගත්තා. ඔව්. මම දුටු පින්තුරේ වර්ණ දෙකයි. කළු, සුදු. කැමරාවේ සටහන් වෙච්ච පින්තුරේ ටිකක් හැඩ කර ගන්න මුණු පොතේ පින්තුර සමුහ වල සාමාජිකයෝ ගොඩක් උදව් කරා.

Wednesday, January 15, 2014

කුරුල්ලෝ 2 - Birds of Qatar 2


කාන්තාරයේ කුරුල්ලෝ දෙක ඔන්න ගේනවා. කලින් කුරුල්ලෝ ටික දැක්කේ නැත්නම් මෙතනින් බලන්නකෝ. මේ දවස් වල සිතල නිසා පින්තුර අල්ලන්න එලියට යැවෙන්නෙත් නෑ. හැබැයි ඒ වෙනුවට බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා වගේ. 

White-throated Munia (Lonchura malabarica)
මෙයා අපේ වී කුරුල්ලා වගේ තමයි. ලංකාවෙත් ඉන්නවද මන්ද. ටිකක් ලැජ්ජාව අඩු කෙනෙක් නිසා හොරෙන් හොරෙන් ලං වෙන්න පුළුවන්. ඒ නිසාම හොද පැහැදිලි පින්තුර ගන්න පුළුවන්. 

White-throated Munia (Lonchura malabarica)
කෝ මේ වතුර 
White-throated Munia (Lonchura malabarica)
White-throated Munia (Lonchura malabarica)
Common Myna (Acridotheres tristis)

ඔව්. මේ ලංකාවෙත් ඉන්න මයිනම තමයි 

කොහොමද මගේ කොන්ඩ ඉට්ටයිල් එක. ජෙල් එහෙම ගාලා තමයි පිරුවේ
-මයිනා-



Common Rock Thrush (Monticola saxatilis)

මෙයා Common Rock Thrush කියලයි මට හිතෙන්නේ. එත් හරියටම කියන්න නම් දන්නේ නෑ. 
මෙච්චර තමයි. මිට වඩා උස අතු නෑ. 
 Grey Wagtail (Motacilla cinerea)


Grey Wagtail (Motacilla cinerea)

White Wagtail (Motacilla alba)

ලස්සන නිතරම දකින්න ලැබෙන කුරුල්ලෙක්. සිත කාලෙත් එක්කම මෙහෙට ආපු මෙයාල මේ දවස් වල හැම තැනම දකින්න ලැබෙනවා. ගහක් කොලක් උඩ නම් නවතින්නෙම නෑ. පොලාවේම තමයි ඉන්නේ. 

White Wagtail (Motacilla alba)
White Wagtail (Motacilla alba)
Grey Francolin Francolinus pondicerianus
වටුවෝ වර්ගයක් වගෙයි පෙනෙන්නේ. හරිම සලයි අපේ ගොවිපල අවට. එත් පින්තුරයකට අල්ල ගන්න නම් ලේසි නෑ. හරිම දක්ෂයි හැංගෙන්න. ලංකාවෙත් මෙයා ඉන්නවා කියලයි කියන්නේ. එත් ලංකාවේදී නම් මෙයාව මම දැකල නෑ තාම. 
http://en.wikipedia.org/wiki/Gray_Francolin
Grey Francolin Francolinus pondicerianus


White-tailed Plover (Vanellus leucurus)කියලයි සැක කරන්නේ.
හරියටම විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කමෙන්ටුවක් කොටන්න 
Isabelline Shrike (Lanius isabellinus)

ඉදල හිටලා දකින කෙනෙක්. ගොඩක් ලගට ගිහින් පින්තුරයක් ගන්න අවස්ථාවක් ලැබුන මට.


Isabelline Shrike (Lanius isabellinus)
Hoopoe 

මම ගොඩක් කැමති කුරුල්ලෙක්. හරිම ආඩම්බර කාරයෙක්. ඊශ්‍රායලයේ ජාතික පක්ෂියාලු. අපේ අපුර්වී දන්නවා ඇති ඒ නිසා. මෙයත් ලංකාවේ දකින්න පුළුවන් කියල තමයි විකිපිඩියාව නම් කියන්නේ. 

http://en.wikipedia.org/wiki/Hoopoe
Hoopoe
Richard's Pipit (Anthus richardi)
මම අදුර  ගත්ත විදිහට මෙයා Richard's Pipit වෙන්න ඕන. අපේ ගොවිපලේ තණකොළ බිම් වල පුංචි කෘමියෝ අහුලා අහුලා ඉන්න මෙයාල ඕන තරම් ඉන්නවා මේ දවස් වල. 
Richard's Pipit (Anthus richardi)
Richard's Pipit (Anthus richardi)
Richard's Pipit (Anthus richardi)

Crested Lark (Galerida cristata
මෙයත් වර්ණවත් නැති උනත් ලස්සන කුරුල්ලෙක්. ඔලුවේ තියෙන කිරුල නිසයි අනිත් lark වර්ග වලින් වෙන් කරලා අදුර ගන්න පුළුවන්.
Crested Lark (Galerida cristata)

 Greater Flamingo (Phoenicopterus roseus

මෙයා නම් ගොඩක් රටවල් වල ඉන්න කෙනෙක් කියලයි විකිපිඩියාව කියන්නේ. ලංකාවෙත් දකින්න ලැබෙනවා නේ.  http://en.wikipedia.org/wiki/Greater_Flamingo


තෙයියත් තරිකිට
Greater Flamingo (Phoenicopterus roseus)



 පහල දෙන්නගේ නම් හොයා ගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනා.

අනේ මේ පහලින් ඉන්න අසරණයාගේ නමත්  නම හොයාගන්න බැරි උනා. 



දැනට මෙච්චරයි. ඉදිරියට තව එනවා. පින්තුර ටික ගැන මොකද හිතන්නේ කියල පහල කමෙන්ට් කොටුවේ කොටලා යන්නකෝ බලන්න. 

Monday, January 13, 2014

එදා - අද


කිසි කමකට නැතිව ගෙවිල ගිය දවස අවසානයේ එයාගේ කට හඩ දුරකතනයේ අනිත් පැත්තේ ඉදන් ගලා එන්න පටන් ගත්ත මොහෙතේ මම ඇත්තටම ජීවත්වෙන්න ගත්තා.  මම දුර රටක තනි වෙන්න කලින් මේ ඇමතුම ගැන එයා එතරම් සැලකිල්ලක් නොදැක්කුවා කියල හිතුනත් දැන් නම් මම කතා කරනකම් බලා ඉන්නවා හැමදාම. සුපුරුදු විදිහට පටන් ගත්ත දොඩමලුව ටික වෙලාවකින් අපි ලේසියකට ඇදලා නොගන්න අතීතයකට ඇදිලා ගියා.
"ඇත්තටම ඇයි ඔයා අවුරුදු ගානක්ම මට කැමැත්ත දෙන්නෙ නැතුව හිටියේ? ඒ විතරක්ද කොච්චර නපුරුකම් කලාද මට" කලින් කිහිප වතාවක් අහල තියෙන දෙයක් මම ආයෙත් ඇහුව.
"ඔයාට මාව ගැලපෙන්නෙ නැති නිසා. දැනට උනත් මට එහෙම හිතෙනවා."
"ඇයි එහෙම හිතන්නෙ. අනික, මට ඔයාව ගැලපෙන්නෙ නෑ කියන්නෙ, ඔයාට මාව ගැලපෙන්නෙ නෑ කියන එක නෙ. හැබැයි ඔයාට ගැලපෙන දේ තීරනය කරන එකේ අයිතිය ඔයාට තිබුනත්, මට ගැලපෙන දේ තීරනය කරන්න ඕන මම නේ."
"මට තාම හිතෙන්නෙ මං වගෙ දුප්පත් කෙල්ලෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා. මං වෙනුවට ඔයාට සල්ලි තියෙන, ඔයාට හරියන රස්සාවක් කරන කෙනෙක් තෝරගන්නයි තිබුනේ. එහෙම උනා නම් ඔයාට ඔය වගේ පිට රටකට ගිහින් දුක් විදින්න ඕන න නේ."
"පිස්සු ඔයාට. මොකෝ මට මොනව තියෙනවටද මම දුප්පත් නෑ කියන්නෙ."
"නෑ. අපේ හැටියට ඔයාල කොච්ච්‍ පෝසත්ද. ඒක නෙමෙයි. ඇයි ඉතින් ඔයා ඔච්චර කාලය් බලාගෙන හිටියෙ මං වෙනුවෙන්ම?"
"අනේ මංද"
"ඇත්තටම කියන්නකෝ. ඔයාට හිතුනෙම නැද්ද වෙන කෙල්ලෙක් ගැන?"
"ම්ම්... නෑ නේ"
"ඇත්තම කියන්නකෝ" 
"ඇත්තටම තමයි. එත් මට නපුරුකම් කරන කොට නම් වෙලාවකට හිතුන ඔයාට ඕන මගුලක් කර ගන්න දීලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්න. ඒත් ඒ එක මොහොතකට විතරයි"
එක ක්ෂනයකින් මගෙ හිතේ ආර්ට් ෆැකල්ටියේ ඉදලා වුස් කැන්ටිම දිහාවට වැටිල තියෙන අඩි පාර  ඇදිලා, මැකිලා ගියා. සාහිත්‍ය උළෙලේ අවසන් දවස් දෙකෙන් එකක් වෙන්න ඕන ඒ දවස. වෙනදට කැම්පස් එකේ කොහේදි දැක්කත් මාව මගෑරලා යන්න හදන ගැහැනු ලමයා ඔය පාර දිගේ ඇවිදන් ආපු මගේ පස්සෙන්ම ඇවිත් කතා කලා.
"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."
"කියන්න. මොකක්ද?"
"අපේ ගෙදරට ආපු යෝජනාවකට මම කැමති උනා." 
"හ්ම්.. මට ආරංචි උනා" වටින් පිටින් ලැබුනු ආරංචිය ටක්කෙටම හරි වග එයාගෙ වචනෙන්ම තහවුරු උනා. මේ බව කොහොම හරි මට කියන්න එයා බලාගෙන හිටිය කියල මට තේරුණා. කොටින්ම එයා මට කිවේ "තවත් මගේ ගැන බලාපොරොත්තු තියා ගන්න එපා." කියන එකයි කියල මට හිතුන.
එතනින් එහා දොඩමලු වෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ. එයා කිව දෙයින් මගේ හිත සැලුනේ නෑ කියල මම පෙන්නන්න මම උත්සහ කළා.එත් ඒ මිනිත්තු කීපය ඉව‍ර වෙලා මම WUS එක පැත්තට මම ඇවිදගෙන ආවෙ ඔලුවෙ මහා ලොකු බරක් උස්සගෙන.
ඇත්තටම එයා ඔය කියන මනුස්සයට කැමතිද? එයාගේ හැටියට නම් ඒක වෙන්නම බෑ. අම්මලා කීවද දන්නෙ නෑ එයාට කැමති වෙන්න කියලා මේකට. අම්මලා කීවොත් නම් කැමති නොවී ඉන්නෙ නෑ එයා. ඒ මනුස්සයා හොද රස්සාවක් කරන කෙනෙක්ලු. සමහර විට එයාට ඉගෙන ගන්න සල්ලි වියදම් කරන්න අම්මලාට අමාරු නිසා මේකට කැමති වෙන්න කියන්න ඇති. එතකොට එයා ඉක්මනින්ම බදීද? මගේ හිත නිවනක් නැතිව කතන්දර ගොතන්න ගත්තත් මීට වඩා සාධාරන කතාවක් ගොතන්නට මගේ හිතට බැරි උනා. මොනවා උනත් එයා ස්ව කැමැත්තෙන්ම මේ තීරණේ ගත්ත කියල හිතන්න මගේ හිත එකග උනේම නෑ.එයා කැමැත්තෙන්ම තීරණය කලත් මොකද? එයාට එහම තීරණයක් ගන්න අයිතිය තියෙනවා නේ. මම ඒක පාර්ශවික ආදරයක් ගොඩ නගා ගත්තා මිසක් එයා මට ආදරේ කලේ නෑ නේ කවදාවත්. දින ගානක් මගේ හිත මාව හොදටම තැලුවා. සාහිත්‍ය උලෙලේ සංවිධාන කටයුතු වල කාර්‍යබහුල වෙන්න උනු එක පොඩි සහනයක් උනා හිතට නම්. සෑහෙන දවසක් සුසුම් හෙල හෙල හිටියත් හිත එක තැනකට ගන්න නම් බැරි උනා. "කමක් නෑ. එයාට කැමති දෙයක් කරන්න තියෙන අයිතිය වගෙම මට මම කැමති කෙනෙක්‍ට ආදරය කරන්න අයිතිය  තියෙනවා. මොකෝ මෙච්චර කාලයක් මම එකපාර්ශවිකව ආදරයක් කලා නම් දැන් ඒක නවත්වන්නෙ මොකටද?"කියල හිතන්න තරම් මම ඒ ඒක පාර්ෂවික ආදරේට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් එක්කො වෙන ගෑනු ලමයෙක් ලං කරගෙන මෙයාට සමුදෙන්න ඕනෙ කියන සිතුවිල්ලත් සමහර වෙලාවට හිතේ ඇති උනා. 

"ඉතින් ඇයි වෙන කෙල්ලෙක්ව යාලු කර ගත්තෙ නැත්තෙ?"
"ම්... ඔයා ගැන ආදරයක් හිතේ තියාගෙන වෙන ගෑනු ලමයෙක්ව යාලු කර ගන්න එක එයාට කරන අසාධාරණයක් නෙමෙයිද?"
"හ්ම්"
ඒ විතරක් නෙමෙයි ඊට අමතරව මොකද්දෝ නොදන්න හේතුවක් නිසා පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඉතිරි කර ගන්න කියල මගේ හිත මට බල කළා. ඒ තරම් බිදුණු හිතක් එක්ක මම මාස කීපයක් ගෙවිල ගිය හැටි හිතා ගන්නවත් බෑ.  
"ඇත්තටම ඇයි ඔයා ඒ මනුස්සයට කැමති කිවේ? "
"අනේ මන්ද. මොකද්ද හේතුවකට මම කැමති කිව." එයාගේ පිළිතුර නිශ්චිත නෑ. 
" මට නම් හිතුනේ ඔයාට මාව ඈත් කරන්න ලොකු උවමනාවක් තිබුන කියල. ඔයා ඒ මනුස්සයට කැමති කිවම මම ඔයා ගැන අදහස අතහරි කියල හිතල වෙන්න ඕන එහෙම කලේ."
"එත් ඔයා ඈත් උනේ නෑ නේ." ආයෙත් නිශ්චිත නැති උත්තරයක්. එත් එකේ අදහස ඔව් කියන එක කියල මම හිතා ගත්ත.
මගෙන් ඈත් වෙන්න උත්සහ කල හේතුව නිශ්චිතව එයා නොකීවත් වැඩිය ඒ ගැන හාරා අව්ස්සන්නට උවමනාවක් මට නම් නෑ. එහෙම කෙනෙක් අද ලගින් ඉන්න එකම මදිද සැනසෙන්න.

Saturday, January 11, 2014

කාන්තාරයේ කුරුල්ලෝ - Birds of Qatar

මෙහෙට ආපු මුල් දවස් වල මම හරියට පුදුම උනා අපේ ගොවිපල අවට ඉන්න කුරුල්ලෝ දැකලා. ඇත්තටම මේ කාන්තාරේ කුරුල්ලන්ට ඉන්න පුලුවන්ද? ඇයි බැරි? මේ ඉන්නේ යස අගේට. කුරුල්ලෝ කියන්නේ මම පින්තුර ගන්න කැමතිම විෂයක්. එත් මගේ ලග තියෙන සම්පත් වලින් කරන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. මේ බොහොමයක් පින්තුර 70-300mm sigma කාචයෙන් තමයි ගත්තේ.

1. කොබෙයියා - මෙහෙදී මට කොබෙයි වර්ග 3ක් හම්බ උනා
Laughing Dove (Spilopelia senegalensis)

Laughing Dove (Spilopelia senegalensis)



Laughing Dove (Spilopelia senegalensis)
ටිකක් නා ගත්ත 


Namaqua Dove (Oena capensis)මෙයා උඩ ඉන්න කෙනාට වැඩ ටිකක් වෙනස් කෙනෙක් 

Eurasian Collared Dove (Streptopelia decaocto)බොහොම අමාරුවෙන් තමයි මෙයාගේ පැහැදිලි පිතුරයක් ගත්තේ. නිතරම දකින්න ඉන්න කෙනෙක් උනත් මගේ කාචයට ලං වෙන්න පුළුවන් සීමාවට එද්දී ඉගිලෙනවා 

2. කොන්ඩ කුරුල්ලෝ - ලංකාවේදී දකින කොන්ඩ කුරුල්ලා (Red Vented Bulbul) ඉදල හිටලා මෙහෙ දකින්න ලැබුනත් පහල ඉන්න කෙනා තමයි නිතරම දකින්න ලැබෙන්නේ
White-eared Bulbul (Pycnonotus leucotis)


White-eared Bulbul (Pycnonotus leucotis)

3. පරවියෝ
හැම තැනම ඉන්න සුපුරුදු පරෙයියා
Rock Pigeon Columba livia




අලුත් කුරුල්ලෙක්. බකට් පරවියා
4. බකමුනෝ
Short-eared Owl (Asio flammeus)

Eurasian Scops Owl (Otus scops)
මේ ඉන්නේ හොරෙක්
5. gay කුරුල්ලා නෙමෙයි ගේ කුරුල්ලා 

House Sparrow (Passer domesticus)
House Sparrow (Passer domesticus)
6. නොදන්නා
මෙයා Tree Pipit, (Anthus trivialis )කියලයි මම හිතන්නේ. ටක්කෙටම කියන්නට දන්නේ නැත 
තව පින්තුර ටිකක් තියෙනවා කුරුල්ලන්ගේ. එක පොස්ට් එකට පින්තුර ගොඩක් පුරවන්න හොද නෑ නේ. ඉතුරු ටික වෙනම එකකින් දාන්නම්.