Monday, May 12, 2014

වැඩි ගතික පරාසයක - Landscapes HDR toning

"කොහෙද යකෝ මෙච්චර කාලයක් තොලොන්චි වෙලා හිටියේ?" කියලා අහන්න නම් ඔට්ටු නෑ ඔන්න. අහන්න කලිං කියලම දාන්නන්කො. අපේ අන්තර්ජාලේ ජංජාලයක් උන එකෙන් ටික දවසක් මං ඔය සමාජ ජාල වලින් ටිකක් ඈතට වෙලා හිටියා. ඒ අතරෙම තව විකාර දෙයකට ඇබ්බැහි උනා. ඒ Twenty Four මාලා නාට්‍යය බලන එකට. අවුරුද්දකට වඩා කාලයක් මගේ පරිගනකයේ දෘඩ තැටියේ කොනක මකුලුදැල් බැදි බැදි තිබ්බ මේ නාට්‍යයේ කොටසක් අහම්බෙන් වගේ විවෘත කරල බලපු එකෙන් උනේ ඉස්පාසුවක් නැතුව එක දිගට ඒකේ මාලා (series) 7ක්ම බලල ඉවර කරපු එක. කොහොමින් කොහොම හරි අපි අලුත් ජාල සබදතාවක් අරගත්ත නිසා ආයෙත් ඔන්න මම ආවා බ්ලොග පැත්තෙ රවුමක් දාල යන්න. 

ඉතින් අපේ පරිසරේ ගැන කියනව නම්, ඉරට හැතැප්මක්වත් නෑ. හෙට වෙද්දි උෂ්නත්වෙ අංශක 42ක් දක්වා වැඩි වෙයි කියල තමයි කියන්නෙ. ඒ මදිවට කාන්තාරෙ පැත්තෙ ඉදන් එන දුවිලි පිරිච්ච හුළඟ. ගොවිපලේ ගස්වල රටඉඳි හැදීගෙනත් එනවා. මාස 5ක් තිස්සේ මට වද දිදී, දවසට 7-8 දෙනා ගානේ පැටව් දාපු වැස්සියො ටිකත් දැන් සමර් නිවාඩුව අරන් පැටව් දාන එක අඩු වේගෙන එනවා. ඔය අතරේ අපි අපේ ශේක් යුරෝපය පැත්තෙ රව්මක් දාන්න යනකල් බලන් ඉන්නවා. 
පින්තුර ඇල්ලිල්ලත් සෑහෙන්න අඩු වෙලා. දැන් ඉතින් එලියට බහින්න පුලුවන් රෑට විතරයි. රෑ අහසත් දූවිලි වලාකුලු නිසා වැහිලා ගිහිල්ලා. ඉතිං, මේ පාර පල කරන්නෙ නැවත සංස්කරනය කරපු පරන පින්තුර කිහිපයක්. 

සසිදුගේ බ්ලොගේ එකෙන් දුන්න පින්තුර කඩේ (Photoshop) add-on එකකින් තමයි මේව සංස්කරනය කලේ. HDR toning කියන පින්තුර සංස්කරන ක්‍රමය තමයි මේ. හැබැයි මේ හැබෑ HDR නෙමෙයි. 
HDR කියන්නෙ මොකද්ද? High Dynamic Range කියන එක කෙටියෙන් තමයි මේ HDR කියන්නෙ. මං ඔය එක එක වෙබ් අඩවි වලින් කියවල දැන ගත්ත විදිහට පොඩි විස්තරයක් කරන්න උත්සහ කරන්නම් මේ ගැන. Dynamic range හෙවත් ගතික පරාසය කියන්නෙ ආලෝකයේ අඩු වැඩිය, පරතරය කියන එකලු. ඒ කියන්නෙ, සාමන්‍යයෙන් අපි දකින ඕනම දසුනක සමහර තැන් හොදට ආලෝකමත් වෙලත්, සමහර තැන් අඩුවෙන් ආලෝකමත් වෙලත් තියෙනව නේ. අපේ ඇහැ ඒ ආලෝකය අඩු වැඩි තැන් හොදට කියවනවලු. (ඇහැ කීවට ඒක කරන්නෙ ඇහැයි, මොලයයි දෙකම එකතු වෙලා කියලයි මට හිතෙන්නෙ.) ඒ කියන්නෙ ඇහැ වැඩි ආලෝක පරාසයක ක්‍රියාත්මක වෙනවා. ඇහැට වැඩි ගතික පරාසයක් තියෙනවා. ඒත් කැමරාවට එහෙම හැකියවක් නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් දීප්තිමත් අහසක් තියෙන භූමි දර්ශනයක් වගේ ආලෝක වෙනස වැඩි පින්තුරයක් ගන්න ගියාම ලොකු ගැටලුවක් එනවා. බොහෝ විට එතකොට අහස නියම විදිහට අල්ල ගත්තොත් භූමිය අදුරු වෙනවා. භූමිය හොදට අල්ල ගත්තොත් අහස අධි අනාවරනය වෙලා මෙලෝ රහක් නැති පාට පිච්චුන අහසක් එනවා.  ඒ වගේ අවස්තා වල තමයි මේ HDR කියන ක්‍රමය පාවිච්චි කරන්නෙ. ඒකෙදි කරන්නෙ අනාවරන වෙනස් සහිත පින්තුර කීපයක් අරගෙන ඒවා මෘදුකාංගයක් මගින් එකතු කරන එකයි. ඒ විදිහට ගතික පරාසය වැඩි පිංතුරයක් හදා ගන්න පුලුවන්. තේරුනාද මන්දා. මම ලියපු දේ මටම ආන්ද්‍රා දෙමල වගේ. 
ඉතින් එහෙම පින්තුරයක් හදාගන්න පින්තුර කඩේට වඩා හොද මෘදුකාංග තියෙනවා. ඒත්, මගෙ ලග එහෙම එකක් නෑ. ඔය අතරේ සසිදු දුන්න add-on එක මේ පින්තුර කිහිපයට දාලා බැලුවා. මේ හැබෑ HDR නෙමෙයි. HDR toning. තනි පින්තුරයක් පොඩ්ඩක් වෙනස් කරල HDR වගේ එකක් හදලයි මේ තියෙන්නෙ. ඔන්න බලන්නකෝ. 
මුහුනු පොතේදී හිතවත් උනු ජනක කියන මිතුරෙක් මේ උඩ පින්තුරෙ මගෙන් ඉල්ලගෙන නියම HDR එකක් කලා. ඉතිං මාත් උත්සහ කලා හදන්න. ඒත් ජනක තරම් සාර්තක නෑ මම. 
සො.සි. මේකට කවියකුත් ලියල තිබුනා.




කලිනුත් පල කලා මේ පින්තුරේ. ඒත්, මේ සැරේ වෙනස් සංස්කරනයක්. 


සැලකිය යුතුයි -
1. මං චායාරුප ශිල්පය පිලිවෙලකට උගත් කෙනෙක් නෙමෙයි. ජාලයෙන්, එහෙන් මෙහෙන් කියවලයි බොහෝ දේවල් දැන ගත්තේ. ඒ නිසා මේ කරුනු 100% නිවැරදි නොවීමට පුලුවන්. 
2. මගේ පින්තුර බොහොමයක් කෘතිම ගතියක් දැනුනට හැබෑ HDR එහෙම නෙමෙයි.
3. මං භූමි දර්ශන වලට විතරක් මේක භාවිතා කලාට මීට වඩා බොහෝ දේ සදහා HDR භාවිතා කරන්න පුලුවන් ලූ. 

18 comments:

  1. මම මේ අහන හදපු එක උඩින්ම අහන්න එපා කියලා තියෙන නිසා ඔන්න් එක අහන්නේ නෑ ,මටනම් හැබෑ HDR එක්ක වෙනසක් පෙන්නේ නෑ, නොදන්න නිසා වෙන්නත් ඇති :-)

    ReplyDelete
    Replies
    1. මං දන්නවනෙ කට්ටිය ඕක අනිවාර්‍යයෙන් අහනව කියල. වෙනසක් පෙන්නෙ නෑ කියන්නෙ මං සෑහෙන්න සාර්තකයි නේ.

      Delete
  2. බ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  3. නියමයි.. මටත් සෙට් වුනේ පළවෙනිම එක තමයි වැඩියෙන්ම. මේ දවස් වල මාත් ආයෙම ෆොටෝග්‍රැෆි පැත්තට වැටීගෙන යන්නේ..

    ReplyDelete
    Replies
    1. පටන් ගමු වැඩේ එහෙනම්. අපට හොද පින්තුර ටිකක් බලන්න පුලුවන් වෙයි

      Delete
  4. මරු පොටෝ එඩිට් කරපු ඒවා ටිකක් බලන්න මේ පැත්තේ යන්න.

    http://blog.thesahan.com

    ReplyDelete
    Replies
    1. ස්තුති දේශක. මමත් the Sahan බලනවා.

      Delete
  5. කාලයක් බලාගෙන සිටියා ඔබෙන් අලුත් ඡායාරූප පෙළක් ලැබෙනකල්. වෙනද වගේම පිංතූර ටික සේව් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. අපොයි.. ඉස්සරහට පල කරන්නම් දිගටම

      Delete
  6. කෝ කියලා අහන්ඩ කට අරින්ඩ හැදුවා විතරයි...
    වෙනදා වගේම පින්තූර ටික නම් ලස්සනයි.
    ප්‍රශ්නයක් තියෙනවා ? බඹර චක්කරයක හැම මූව්මන්ට් එකක්ම වදින විදිහට පින්තූර ගන්ඩ පුලුවන් නේද ? ඒ කොහොමද ගන්නේ. මම එක වතාවක් යාළුවෙක්ගෙන් ඇහුවා.ඌ කියලා දුන්නේ නෑ

    ReplyDelete
  7. බඹරචක්‍රය කැරකෙනවා බව පෙන්න ගන්න විදිහක් වෙන්න අති මදුරංග අහන්නෙ. ගන්න පුලුවන් long exposure එකක් විදිහට. කැමරාව ට්‍රයි පොඩ් එක්ක හයිකරල තත්පර කීපයක අනවරන කාලයක් දෙන්න වෙයි. සාමාන්‍ය කැමරාවකින් ටිකක් අමාරු වෙයි වැඩේ. එත් night mode එක පැවිච්චි කලොත් බැරි වෙන එකකුත් නෑ.

    ReplyDelete
  8. තොලොංචි වෙච්ච තැනකින් එලියට ආවේ නැත්නම් හොයාගෙන එන්නයි හිටියේ .කාන්තාරෙට ගිම්හානේ එන හැටි ලස්සනට අකුරු කරලා තියෙන්නේ ඔය.

    ReplyDelete
    Replies
    1. හෆොයි.. හොද වෙලාවට හොයන් එන්න කලින් එලියට ආවේ ආවේ. නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. :D

      Delete
  9. මචං නියමයි කියල වැඩක් නෑ...
    Photography කියනදේ උගන්නන්න ලේසියෙන් බෑ..එක මම හිතන විදිහට හිතට දැනෙන්න ඕනේ... උබට එක දැනෙනෙනවා. ඒක නිසා.. උබේ පින්තූර රසවිදින අයට උබ කොහෙන් ඉගෙන ගත්තද කියන එක වැඩක් නැතිවේවි......

    ReplyDelete
  10. අලුතෙන් HDR photo series එකක් ගන්න අයට කියල දෙන්න exposure එක වෙනස් කරද්දී shutter speed එක විතරක් වෙනස් කරන්න. Aperture එක වෙනස් කලොත් depth of field වෙනස් වෙනවා.

    ReplyDelete
  11. HDR ගන්න ලේසිම විදිය: Nikon D800 with build in HDR.

    ReplyDelete