Tuesday, May 20, 2014

කළු සුදු - BLACK n WHITE

කළු- අදුරු බව, ගුප්ත බව, භයංකාරබව, දුක, අවාසනාව සංඛේතවත් කරන වර්ණයක්ලු.
සුදු - පිරිසිදු කම, සැදැහැත්බව, සුන්දරත්වය් සේම තවත් විටෙක මරනය, ශෝකය හගවන දනවන වර්ණයලු. 
ඒත් මේ දෙකම ඇති විට විවිද හැගීම් දනවන්න පුලුවන්. 
වෙලාවක අපි ජිවිත වගේම මිනිස්සුන්වත් කළු, සුදු විදිහට වර්ග කරන්න උත්සහ කරනවා. හමේ වර්ණයෙන් නෙමෙයි. ගතිගුන වලින්. ඒත් එහෙම කළු හරි සුදු හරි මිනිස්සු ඉන්නවද? නෑ. මං නම් දන්නෙ කළු සුදු මිශ්‍ර මිනිස්සු විතරමයි. ඒත් ඒ අළු නෙමෙයි. කළු - සුදු. 

කළු සුදු ගැන ලීවේ මේ සැරේ පල කරන් පින්තුර කිහිපය කළු සුදු ඒවා නිසයි. වර්ණ පින්තුර වලට වඩා කළු සුදු පින්තුර හැගීම් දනවන්න සමත් කියලයි මට නම් හිතෙන්නෙ. වර්නවත් පින්තුර ගන්න පුලුවන් යුගයක ඉද්දිත් තාම මිනිස්සු කලු සුදු පින්තුර ගන්නෙ ඒ නිසා වෙන්න ඕන. 
ඉතින් මාත් උත්සහ කලා කළු සුදු පින්තුර කිහිපයක් හදන්න. ඔව්. මේවා මුලින් වර්න පින්තුර විදිහට සටහන් කර ගත්ත නිසා, පස්සෙ ඒවගෙන් කලු සුදු පින්තුර හදන්න උනා. 
හැමදාම වගේ මුලින්ම පල කරන්නෙ මං වැඩියෙන්ම කැමති පින්තුරයයි. මේකෙ නම් මුල් පින්තුරෙත් වර්න අඩු කළු සුදු වලට ආසන්න පින්තුරයක්. 
ප. ස. - අද සටහන කෙටි. ගොඩ දවසකට පස්සේ රෑ වෙලා කැමරාව අරන් එලියට බැහැල පොඩි ව්‍යාපෘතියක් කරන ගමනුයි මේ ටිකත් කෙටුවේ ජංගම දුරකතනයෙන්. 


අට



මගේ සමුගත්ත පූස් මිතුරා සහ සෙවනැල්ල 
 

හුදෙකලාව 











12 comments:

  1. මරු මචෝ.. මම කැමති දෙවනි එකට.. ඒක මලක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුති දිනේෂ්. එක මලකින් ආව කරලක් වගේ එකක්.

      Delete
  2. අමුතු ගතියක් තියෙන පින්තූර සෙට් එකක් !

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ අමුතු ගතියට මම ආසයි

      Delete
  3. කලුසුදු පින්තූර සාපේක්ෂව කලාත්මක බැවින් වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවා නේද? මමත් සැහෙන්න ආසයි කළු සුදු ඒවට.

      Delete
  4. ඉතාම අගනා පිංතූර ටික. ඔන්න වෙනද වගේම සේවු කරගත්ත අදත්.

    ReplyDelete
    Replies
    1. ස්තුති මනොෂ් නිතරම මේ පැත්තට ගොඩ වෙනවට

      Delete
  5. කලු සුදු ඡායාරුප කලාවට ගොඩක් ආසයි, තව දාන්න .....

    ReplyDelete
    Replies
    1. ඉදිරියට තව පින්තුර දාන්නම්

      Delete