Saturday, January 11, 2014

කාන්තාරයේ කුරුල්ලෝ - Birds of Qatar

මෙහෙට ආපු මුල් දවස් වල මම හරියට පුදුම උනා අපේ ගොවිපල අවට ඉන්න කුරුල්ලෝ දැකලා. ඇත්තටම මේ කාන්තාරේ කුරුල්ලන්ට ඉන්න පුලුවන්ද? ඇයි බැරි? මේ ඉන්නේ යස අගේට. කුරුල්ලෝ කියන්නේ මම පින්තුර ගන්න කැමතිම විෂයක්. එත් මගේ ලග තියෙන සම්පත් වලින් කරන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. මේ බොහොමයක් පින්තුර 70-300mm sigma කාචයෙන් තමයි ගත්තේ.

1. කොබෙයියා - මෙහෙදී මට කොබෙයි වර්ග 3ක් හම්බ උනා
Laughing Dove (Spilopelia senegalensis)

Laughing Dove (Spilopelia senegalensis)



Laughing Dove (Spilopelia senegalensis)
ටිකක් නා ගත්ත 


Namaqua Dove (Oena capensis)මෙයා උඩ ඉන්න කෙනාට වැඩ ටිකක් වෙනස් කෙනෙක් 

Eurasian Collared Dove (Streptopelia decaocto)බොහොම අමාරුවෙන් තමයි මෙයාගේ පැහැදිලි පිතුරයක් ගත්තේ. නිතරම දකින්න ඉන්න කෙනෙක් උනත් මගේ කාචයට ලං වෙන්න පුළුවන් සීමාවට එද්දී ඉගිලෙනවා 

2. කොන්ඩ කුරුල්ලෝ - ලංකාවේදී දකින කොන්ඩ කුරුල්ලා (Red Vented Bulbul) ඉදල හිටලා මෙහෙ දකින්න ලැබුනත් පහල ඉන්න කෙනා තමයි නිතරම දකින්න ලැබෙන්නේ
White-eared Bulbul (Pycnonotus leucotis)


White-eared Bulbul (Pycnonotus leucotis)

3. පරවියෝ
හැම තැනම ඉන්න සුපුරුදු පරෙයියා
Rock Pigeon Columba livia




අලුත් කුරුල්ලෙක්. බකට් පරවියා
4. බකමුනෝ
Short-eared Owl (Asio flammeus)

Eurasian Scops Owl (Otus scops)
මේ ඉන්නේ හොරෙක්
5. gay කුරුල්ලා නෙමෙයි ගේ කුරුල්ලා 

House Sparrow (Passer domesticus)
House Sparrow (Passer domesticus)
6. නොදන්නා
මෙයා Tree Pipit, (Anthus trivialis )කියලයි මම හිතන්නේ. ටක්කෙටම කියන්නට දන්නේ නැත 
තව පින්තුර ටිකක් තියෙනවා කුරුල්ලන්ගේ. එක පොස්ට් එකට පින්තුර ගොඩක් පුරවන්න හොද නෑ නේ. ඉතුරු ටික වෙනම එකකින් දාන්නම්. 

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කුරුල්ලෝ ටික නම් අගෙයි. වෝටර් මාර්ක් එකක් දාලා තියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුති. හැම පින්තුරයක පුංචිවට වෝටර් මාර්ක් එකක් දාන්නේ ලොකුවට දැම්මොත් භාදාවක් කියල හිතෙන නිසා. මොනවා කලත් සමහරු පින්තුර උස්සනවා. ඒක නිසා ටිකක් රෙසලුෂන් අඩුවෙන්, පුංචි ප්‍රමාණයේ පින්තුර තමයි උඩු ගත කරන්නේ

      Delete
  3. නියමයි ..ඇත්ත මේ රටෙත් ඉන්නවා ලස්සන කුරුල්ලෝ කලාතුරකින් දකින්න ලැබෙන්නේ..ඔබේ ෆොටෝ වටිනවා,අර බකමුනා ඉන්නේ ෆොටෝ එක ගන්නවා දන්න විදියට

    ReplyDelete
    Replies
    1. ස්තුති. ඔව්. එත් අපේ වගේ වර්ණවත් අය හරිම අඩුයි. මම හිතන්නේ කාන්තාරේ පැවැත්ම වෙනුවෙන්ද කොහෙද ගොඩක් අළු පාටට හුරු අය තමයි ඉන්නේ. අන්තිම ටික තේරුනේ නෑ. "අර බකමුනා ඉන්නේ ෆොටෝ එක ගන්නවා දන්න විදියට"

      Delete
    2. නැහැ එයා ඉන්නේ හරියට ඔයා එයාට ඉන්න කියලා ගත්තා වගේ ලස්සනට :3

      Delete
    3. හෆොයි දැන් නෙව තේරුනේ. :D

      Delete
  4. අගනා පිංතූර ටිකක් මේ සතුන් ගැන පොඩි හැදින් වීමකුත් ගියනං මරු

    ReplyDelete
    Replies
    1. ස්තුති. මිට පස්සේ දාන පොස්ට් වල විස්තරත් එක්ක පල කරන්න උත්සහ කරන්නම්.

      Delete
  5. ලස්සන පින්තූරු ටික

    ReplyDelete