Tuesday, January 28, 2014

තුෂාරයෙන් පසු - AFTER THE MIST

අද නිවාඩුවක් ගත්තා. පහුගිය මාසේ පුරාවටම තිබ්බ දැඩි හිතල නිසාම පින්තුර අල්ලන එකත් ටිකක් අඩු වෙලයි තිබුනේ. එත් දැන් නම් ටිකක් සිතල අඩු වෙලා යනවා වගේ. හැබැයි උදේ 8 විතර වෙනකල් තද මිදුමකින් පළාතම වැහිලා යනවා. අද උදේ ටිකක් පරක්කු වෙනකල් නිදාගෙන ඉදල නැගිටලා එලියට ගියේ මේ මිදුමත් තුරන් උනාට පස්සේ. ගොවිපල වටේ ඇවිදිද්දී මගේ ඇස ඇදගත්තු දර්ශන ටිකක් ඔන්න. කලිනුත්  මම මේ වගේම පිනිබිදු පින්තුර පොස්ට් එකක පල කළා. බලපු නැති අය ඒවත් බලලම ඉන්නකෝ පහල සබැදියෙන්.

පිනි බිදු

මේ වගේ පංතුර ගන්න උචිත මැක්‍රෝ කාචයක් නැති නිසා මගේ අඩු මිල close-up කචයයි පාවිච්චි කලේ. 










මුතු වැලක් 

මකුලුවෙකුත් බරටම වැඩ



ඔය අතරේම වන මලකුත් නෙලා ගත්ත ඔන්න


කුරුල්ලෙකුත් දැක්ක එකේ පින්තුරයක් නොගෙන ඉන්නේ කොහොමද?

13 comments:

  1. අනේ ෂෝක්, දැන් ඉතින් කැමරාව ගන්න පිස්සුව ආයේ ඇවිස්සුනා. :)

    ReplyDelete
    Replies
    1. ගන්න ගන්න ඉක්මනින්. මමත් අවරුදු ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන ඉදල මෙහාට අවම තමයි කැමරාව ගත්තේ.

      Delete
  2. ලස්සනයි...
    චමින්දගේ ගෙවල් කොහේද ? ලස්සන පැත්තක් වගේ

    ReplyDelete
    Replies
    1. මගේ ගම පොළොන්නරුවේ උනාට දැන් ඉන්නේ නම් අරබිකරේ. කටාර් රාජ්‍යයේ. මෙහෙ නම් මෙලෝ ලස්සනක් නෑ. සම්පුර්ණයෙන්ම කාන්තාර, ගොඩනැගිලි, කෘතීම උද්‍යාන තමයි තියෙන්නේ. අපේ ගොවිපල ඇතුලේ නම් ටිකක් ගහකොළ වවල තියෙනවා

      Delete
  3. ඔය මීදුම කුවේට් එකටත් තියෙනවා මේ දවස්වල..මිදුම අස්සෙන් වාහනේ යනකොට හරිම ලස්සන දර්ශන පේනවා.පින්තූර ටික ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති. මිදුම නිසා ලස්සන දර්ශන මැවෙනවා මෙහෙත්. එත් ගොඩක් විට පින්තුර ගන්න ලැබෙන්නේ නෑ ඒ වෙලාවට කාර්ය බහුල නිසා. ඩයිවර් මල්ලිගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් ගියා. ෆොලෝ ගැජට් එක දාගන්න ඉක්මනින්.

      Delete
  4. ෂහ්.... ලස්සන ෆොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. ස්තුති. දිගටම එන්න මේ පැත්තට.

      Delete
  5. හරිම ලස්සනයි වීරෙ....

    ReplyDelete
    Replies
    1. ස්තුති. මේ මොන සූ ද කියලයි කල්පනා කරන්නේ. 3දෙනෙක් ඉන්නවා නේ සු ලා. :)

      Delete
  6. අපුරු කැමරා සිත්තම්!!

    ReplyDelete
  7. niyamai machan ........ahamben blog ekata goda une.......aye ithin kyala wadak na maxxa..

    ReplyDelete