Wednesday, January 15, 2014

කුරුල්ලෝ 2 - Birds of Qatar 2


කාන්තාරයේ කුරුල්ලෝ දෙක ඔන්න ගේනවා. කලින් කුරුල්ලෝ ටික දැක්කේ නැත්නම් මෙතනින් බලන්නකෝ. මේ දවස් වල සිතල නිසා පින්තුර අල්ලන්න එලියට යැවෙන්නෙත් නෑ. හැබැයි ඒ වෙනුවට බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා වගේ. 

White-throated Munia (Lonchura malabarica)
මෙයා අපේ වී කුරුල්ලා වගේ තමයි. ලංකාවෙත් ඉන්නවද මන්ද. ටිකක් ලැජ්ජාව අඩු කෙනෙක් නිසා හොරෙන් හොරෙන් ලං වෙන්න පුළුවන්. ඒ නිසාම හොද පැහැදිලි පින්තුර ගන්න පුළුවන්. 

White-throated Munia (Lonchura malabarica)
කෝ මේ වතුර 
White-throated Munia (Lonchura malabarica)
White-throated Munia (Lonchura malabarica)
Common Myna (Acridotheres tristis)

ඔව්. මේ ලංකාවෙත් ඉන්න මයිනම තමයි 

කොහොමද මගේ කොන්ඩ ඉට්ටයිල් එක. ජෙල් එහෙම ගාලා තමයි පිරුවේ
-මයිනා-



Common Rock Thrush (Monticola saxatilis)

මෙයා Common Rock Thrush කියලයි මට හිතෙන්නේ. එත් හරියටම කියන්න නම් දන්නේ නෑ. 
මෙච්චර තමයි. මිට වඩා උස අතු නෑ. 
 Grey Wagtail (Motacilla cinerea)


Grey Wagtail (Motacilla cinerea)

White Wagtail (Motacilla alba)

ලස්සන නිතරම දකින්න ලැබෙන කුරුල්ලෙක්. සිත කාලෙත් එක්කම මෙහෙට ආපු මෙයාල මේ දවස් වල හැම තැනම දකින්න ලැබෙනවා. ගහක් කොලක් උඩ නම් නවතින්නෙම නෑ. පොලාවේම තමයි ඉන්නේ. 

White Wagtail (Motacilla alba)
White Wagtail (Motacilla alba)
Grey Francolin Francolinus pondicerianus
වටුවෝ වර්ගයක් වගෙයි පෙනෙන්නේ. හරිම සලයි අපේ ගොවිපල අවට. එත් පින්තුරයකට අල්ල ගන්න නම් ලේසි නෑ. හරිම දක්ෂයි හැංගෙන්න. ලංකාවෙත් මෙයා ඉන්නවා කියලයි කියන්නේ. එත් ලංකාවේදී නම් මෙයාව මම දැකල නෑ තාම. 
http://en.wikipedia.org/wiki/Gray_Francolin
Grey Francolin Francolinus pondicerianus


White-tailed Plover (Vanellus leucurus)කියලයි සැක කරන්නේ.
හරියටම විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කමෙන්ටුවක් කොටන්න 
Isabelline Shrike (Lanius isabellinus)

ඉදල හිටලා දකින කෙනෙක්. ගොඩක් ලගට ගිහින් පින්තුරයක් ගන්න අවස්ථාවක් ලැබුන මට.


Isabelline Shrike (Lanius isabellinus)
Hoopoe 

මම ගොඩක් කැමති කුරුල්ලෙක්. හරිම ආඩම්බර කාරයෙක්. ඊශ්‍රායලයේ ජාතික පක්ෂියාලු. අපේ අපුර්වී දන්නවා ඇති ඒ නිසා. මෙයත් ලංකාවේ දකින්න පුළුවන් කියල තමයි විකිපිඩියාව නම් කියන්නේ. 

http://en.wikipedia.org/wiki/Hoopoe
Hoopoe
Richard's Pipit (Anthus richardi)
මම අදුර  ගත්ත විදිහට මෙයා Richard's Pipit වෙන්න ඕන. අපේ ගොවිපලේ තණකොළ බිම් වල පුංචි කෘමියෝ අහුලා අහුලා ඉන්න මෙයාල ඕන තරම් ඉන්නවා මේ දවස් වල. 
Richard's Pipit (Anthus richardi)
Richard's Pipit (Anthus richardi)
Richard's Pipit (Anthus richardi)

Crested Lark (Galerida cristata
මෙයත් වර්ණවත් නැති උනත් ලස්සන කුරුල්ලෙක්. ඔලුවේ තියෙන කිරුල නිසයි අනිත් lark වර්ග වලින් වෙන් කරලා අදුර ගන්න පුළුවන්.
Crested Lark (Galerida cristata)

 Greater Flamingo (Phoenicopterus roseus

මෙයා නම් ගොඩක් රටවල් වල ඉන්න කෙනෙක් කියලයි විකිපිඩියාව කියන්නේ. ලංකාවෙත් දකින්න ලැබෙනවා නේ.  http://en.wikipedia.org/wiki/Greater_Flamingo


තෙයියත් තරිකිට
Greater Flamingo (Phoenicopterus roseus)



 පහල දෙන්නගේ නම් හොයා ගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනා.

අනේ මේ පහලින් ඉන්න අසරණයාගේ නමත්  නම හොයාගන්න බැරි උනා. 



දැනට මෙච්චරයි. ඉදිරියට තව එනවා. පින්තුර ටික ගැන මොකද හිතන්නේ කියල පහල කමෙන්ට් කොටුවේ කොටලා යන්නකෝ බලන්න. 

4 comments:

  1. ලස්සන පින්තූර ටික... මේ විදිහට කලාත්මකව පින්තූර ගන්ඩ කලාත්මක ඇහැක් තියෙන්ඩම එපෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුති. එත් වැඩි දෙනෙක් කියන්නේ කලාත්මක ඇසක් කෙසේ වෙතත් කළා රිටක් නම් තියෙනවා කියලයි

      Delete
  2. මාරම ගති පින්තූර...සේරම ටික බලන්න ඕනේ..මමත් මේ අරාබි කරයේම ඩැයිවර් කොල්ලෙක් තමයි..

    ReplyDelete
  3. මට දාපු කමෙන්ට් එකෙන් මේ පැත්තට ගොඩ වුනේ.. ඇත්තටම ලස්සනයි ෆොටෝ ටික.. මාත් ආසම වැඩක් තමයි මේක..

    ReplyDelete