Saturday, January 25, 2014

ආරාධනා


©wmcwickramasinghe|2013

ගොවිපලේ දොරටුවෙන් එලියට ඇවිත් තාර පාරක් දිගේ ප්‍රධාන පාර දිහාවට ඇදෙද්දී දකුණු පසින් පෙනෙන ඉඩ කඩ මම අඩුවෙන්ම ගවේෂණය කරපු පෙදෙසක්. ගොවිපලෙන් එලියට එන හැම මොහොතකම මේ පැත්තට තිබෙන වැලි පාරක්, ඒක දිගේ එන්න කියල මට ආරාධනා කරනවා වගේ දැනුනත් ඒ පැත්තට වාහනේ හරවන්න මට වෙලාවක් තිබුනේ නෑ. මෑත දවසකදී ඒ ආරාධනාව පිලි අරන් ඒ පැත්තට වාහනේ හැරෙව්වේ ගීතයක පදයකුත් මුමුනගෙන. "අනන්තයට යන පාර දිගේ".
ඉතින් ඔය පාරේ යද්දී හිතේ මැවුණු පින්තුරෙකුත් සටහන් කර ගත්තා. ඔව්. මම දුටු පින්තුරේ වර්ණ දෙකයි. කළු, සුදු. කැමරාවේ සටහන් වෙච්ච පින්තුරේ ටිකක් හැඩ කර ගන්න මුණු පොතේ පින්තුර සමුහ වල සාමාජිකයෝ ගොඩක් උදව් කරා.

3 comments:

  1. ලස්සන පින්තූරයක්... පාට දෙකක් උනාට ගොඩක් ලස්සනයි

    ReplyDelete
  2. සුපිරි වැඩක්....කීප් ඉට් අප්...අපී කීප් ඉන් ටච්...එකේ ඉන්නම්......

    ReplyDelete