පුසෝ අමුතු සත්තු ජාතියක්. ගෘහාශ්‍රිත සතෙක් උනත් අර්ධ වල් ලක්ෂණ තියෙන, අමුතු හැසිරීම් තියෙන පුසා මිනිස්සුන්ට තියෙන සමීප කම දෙවෙනි වෙන්නේ සුනකයන්ට විතරයි කියලයි මට හිතෙන්නේ. ගිය සතියේ අතුරු දහන වෙච්ච මගේ
යෙලෝ ෆෙලෝ කියන පූස් මිතුරාගේ පින්තුර ටිකක් පල කළා නේ. මේ පාර වෙන පුසෝ ටිකකගේ පින්තුර ටිකක් තමයි එකතු කර ගත්තේ පල කරන්න. කිරි ගොවිපලක් වුනු මගේ රැකියා ස්ථානයේ හැම අස්සක මුල්ලකම පුසෝ පිරිලා ඉන්නවා. ඕන තරම් එල කිරි, මස් තියෙන නිසාද මන්ද. අපේ ඉන්දියානු මිතුරෙක් නම් කියන්නේ මේක හරක් ගොවිපලක් නෙමෙයි, පූස් ගොවිපලක් කියලයි. ඒ තරම්ම පුසෝ. කොහොමත් මේ අරාබි රටවල් වල බල්ලෝ ඇති කරන්නේ නැති නිසාමද මන්ද, අපේ රටවල අයාලේ යන බල්ලන්ගේ තැන මෙහෙ අරන් ඉන්නේ පුසෝ. ඉතින් පශු වෛදයවරයෙකුත් වෙච්චි, කැමරාවකුත් අතේ තිබිච්චි, මගේ ලගත් පුසන්ගේ පින්තුර නැත්නම් ඉතින් ලොවෙත් නෑ තමයි. (පුසා සහ පශු වෛද්‍යවරයා ගැන කතාවක් කතන්දර බ්ලොගේත් ලියල තිබුන. ලින්ක් එක දාන්න ලිපිය හොයා ගන්න බැරි උනා.)
පින්තුර ටික දාන්න කලින් ඔන්න ඔහේ පුසො ගැන මතක් වෙන කරුණු ටිකකුත් පිළිවෙලක් නැතුව කොටලා දාන්නම්.
- කට්ටිය කියනවානේ පුසොයි ගැනු ළමයිනුයි එක වගේ කියල. අල්ලලා වඩාගන්න හදනකොට හුරලා පැනල යනවලු. ගන්නන් නොගෙන ඉන්නකොට ඇවිත් ඇගේ ඇතිල්ලෙනවලු.
- ඊජිප්තුවේදීලු මුලින්ම මෙයාලව ගෙවල් වලට පුරුදු කරන තියෙන්නේ.
- මියෝ අල්ලන්න තමයි වැඩිපුරම ප්‍රසිද්ධ. මාංශ භාක්ෂකයෙක් වෙච්ච මෙයාලට අපි දෙන කෑම වලින් අවශ්‍ය කරන පෝෂණ අවශ්‍යතා ඔක්කොම පියව ගන්න බෑ. ඒ නිසා දඩයම අනිවාර්යයෙන්ම කරන්න ඕනා. ඒ නිසා මීයෙක්, කුරුල්ලෙක්, ලේනෙක් අල්ලන්නම ඕන පුසෙක් උනාම.
- තියුණු ශ්‍රවනයක්, ඉවක් වගේම රාත්‍රියේ හොද ඇස පෙනීමක් තියෙනවා. ඒ වගේම මුනේ තියෙන රැවුල් ගස් (whiskers) හරිම සංවේදී.
- Acetaminophen නොහොත් paracetamol නැත්නම් පැනඩෝල් කියන්නේ පුසන්ගේ මාරයෙක්. මිනිස්සු කෝකටත් තෛලේ විදිහට පාවිච්චි කරන මේ බෙහෙත කිසිම විටෙක පුසෙකුට, බල්ලෙකුට නම් දෙන්න එපා. මීට අමතරව චොකලට්, සුදු ලුණු, ලුණුත් මද වශයෙන් විෂ සහිතයි.
- සුපිරිසිදු සතෙක්. පනාවක් වගේ කටු සහිත දිව පාවිච්චි කරලා නිතරම නාන මෙයාල හරිම පිරිසිදුවට ජිවත් වෙනවා.
- ජලභීතිකාව කියන මාරාන්තික රෝගය පතුරන්න දායක වෙන සතෙක්. ඒ නිසා එන්නත් කරන එක වැදගත්.
- ලිංගික ක්‍රියාවලිය හරිම රළු විදිහේ එකක් (ROUGH). පිරිමි සතා ගැහැණු සතාගේ බෙල්ල හපාගෙන තමයි පිට උඩට නගින්නේ. පිරිමි සතාගේ ලිංගයේ තියෙන කටු (SPINES) නිසා මේ ක්‍රියාවලිය ටිකක් වේදනාකාරී කියලයි කියන්නේ. වැඩේ ඉවර උන ගමන් ගැහැණු සතා පිරිමි සතාව කන්න පනිනවලු ඒ නිසා. ඔන්න බෙල්ල හපාගෙන ඉන්න පින්තුරෙකුත් මම අල්ල ගත්තා.
දැන් ඉතින් පින්තුර ටික බලමු.
 |
පොලව ඇදයි |
 |
කව්රු හරි කීවද මම අවාසනාවන්තයි කියල.? |
 |
අම්මේ මෙන්න මු මොකද්ද එකක් අපේ දිහාට දික් කරනවා. |
 |
මේකා නම් මල පෙරේත පුසෙක්. කන්න ගියාම බඩ උස්සගෙන ඉන්න බැරි වෙනකල් කනවා. |
 |
අහිංසකයි රටක් වටි |
 |
මේ ඉන්නේ බෙල්ල හපාගෙන, පිට උඩ නැගගෙන |