Monday, July 7, 2014

වාලුකා නිශාවන් 2 | Arabian nights 2

පොසොන් හඳ පායලා බැහැලා ගිහින්, පෝයට අලුත්ගම තිබ්බ ආලෝක පුජා සහ ප්‍රාණ ඝාතන පුජා ඉවර වුනාට පස්සේ  තිබුනේ අඳුරු රෑ අහසක්. ආර්ද්‍රතාව අඩු පැහැදිලි අහසක්. රාත්‍රී අහස පින්තුර ගන්න කියාපු කාලේ. දවල් කාලේ පින්තුර ගන්නවා තියා එලියට බහින්න බැරි නිසා, රාමදාන් තනි තරුවයි හඳ පලුවයි බටහිර අහසේ මතු වෙනකල් රාත්‍රී කාල වල මං අලුත් සගයා 'සුවා' එක්ක වටේ පිටේ කරක් ගැහුවා කැමරා දෙකත් අරගෙන. හඳ ආයෙත් අහසට ගොඩ උනාම ඉතින් තරු නොපෙනී යන නිසා ඔය වැඩේ කරන්න බෑ නේ. සුවාට තාරකා පථ (STAR TRAILS) ගන්න විදිහ කියල දෙන අතරේ ඇල්ලුවා පින්තුර ටිකක්. වැඩිමනක්ම තාරකා පථ තමයි. 

ඒ වගේම මේ දවස්වල ක්ෂිරපථය රෑ අහසේ මතුවෙන්න පටන් ගත්තත් එකම එක පින්තුරයක විතරයි ඒක යන්තමින් සටහන් කර ගන්න ලැබුනේ. ආලෝක දුෂණය නිසා වැඩිය පැහැදිලි නැති ඒ පින්තුරෙත් ගන්න ලැබුනේ අහම්බෙන්. පින්තුර ගන්න කියල රෑ අටට විතර පිටත් උන අපි නිකමට වගේ ගොවිපලට ගොඩ උන අතරේ හදිසි ශල්‍යකර්මයකට හිර වෙන්න උනා පැය ගානකට. අවසානේ හොදටම හෙම්බත් වෙලා ආපහු යන ගමන් නිකමට වගේ වාහනේ නතර කරලා පින්තුරයක් ගන්න උත්සහ කරන්න තීරණය කළා. ඒකෙ ප්‍රතිපලය තමයි අවසාන පින්තුරය. 

හුදෙකලාව මකන තරු 




තරු එකතු කරන ටැංකියක් 

මගදී බැටරිය බැස්ස නිසා අස්සර්තක උන පින්තුරයක් 







හෙම්බත්වෙලා එන ගමන් මග නතර උන අපේ ගමන් සගයා 

ඔබත් ඔහොම ඔතන ඉන්න- මමත් මෙහෙම මෙතන ඉන්නවා
ක්ෂිරපතය 


15 comments:

  1. \\පෝයට අලුත්ගම තිබ්බ ආලෝක පුජා සහ ප්‍රාණ ඝාතන පුජා ඉවර වුනාට පස්සේ..//

    ඒ කියපු ටිකනම් තේරුනේ නෑ. කවදත් වගේ අදත් පිංතූර ටිකනම් විශිෂ්ඨයි. ඔන්න අදත් සේව් කරගත්තා. ඔබේ මේ අලංකාර පිංතූර තමයි බොහෝ විට මගේ පරිගනකයේ ඩෙස්ක්ටොප් එක සරසවන්නෙ.

    ReplyDelete
    Replies
    1. පෝයත් එක්කම අබ සරනයි කියල ගෙවල් දොරවල් ගිනි තියල ආලෝක පුජා තිබ්බ බවත්, මිනිස්සු මිය ගිය බවත් ආරංචි උනා. ඒ ගැන කවුරුවත් කනගාටුවක් වත් ප්‍රකාශ කල බවක් දැක්කෙ නෑ. ඒ ගැනබුකියෙ හුරේ දාපු මගේ මිත්‍රයෙක්ගෙන් ඇහුවම කීවේ එහෙම කලේ නැත්නම් අපේ ආගමට කෙල වෙනව කියලයි. ඉතින් ආගම වෙනුවෙන් කරන්නෙ පූජා නිසා මම ඒවා පුජා ගොඩට දැම්මා.
      කලින් ගොඩක් අඩු රෙසලූශන් පින්තුර මං පල කලේ. ඒත්, මනොශ් ඕව භාගත කරනව කීව නිසා දැන් ටිකක් ළොකු පින්තුර පල කරන්නෙ.

      Delete
  2. නියමයි වීරේ.. අදනම් හිතට වැඩියෙන්ම ඇල්ලුවේ අන්තිමට තියෙන ෆොටෝ එක..

    ReplyDelete
    Replies
    1. මමත් කැමති ඒකට තමයි. ඒත් ඔය අතට තියෙන පින්තුර උඩින්ම දැම්මම බ්ලොග් එකේ මුල් පිටුවෙදි පෙනෙන්නෙ භාගෙට. ඒක නිසයි පස්සට දැම්මෙ.

      Delete
  3. පට්ට පිංතූර ටික

    ReplyDelete
  4. ඔය උඩම තියෙන පින්තූර වලට මෙහෙදිනම් කියන්නේ දේවතා එලි, හාස්කම්, හොල්මන්, අද්භූථ ඡායාරූප වගේ නම්

    ReplyDelete
    Replies
    1. අවසාන පින්තුරයට කලින් එකේ වම් පැත්තෙ නිකන් කුරුල්ලෙක් වගේ දෙයක් පේනවා නේද ඉවාන්. ඒ වාහනේ ලයිට් එකේ එලිය කාචයෙන් පරාවර්තනය වෙච්ච නිසා හැඩුනු Artifact එකක්.රාත්‍රි කාලෙ පින්තුර වල ඔය වගේ ඒවා සුලබයි. අද්භූත සිද්දි කියල කට්ටිය පල කරන එවගෙ බොහෝ වෙලාවට තියෙන්නෙ ඔන්න ඕවා.

      Delete
    2. සැක්. වැරදුනා. Artifacts තියෙන්නෙ එක්ස් කිරන වල නෙ. ඕකට කියන්නෙ Lense flare කියල මං හිතන්නෙ.

      Delete
  5. ඉතාම අපුරුයි මිත්‍රයා...

    ReplyDelete