Friday, June 27, 2014

කවුළුවෙන් එපිට | BEYOND THE WINDOW

ජනෙල් රාමුවත් එක්කම දවල් කාලේ පෙනුම 

මේ දවස්වල උදේ පාන්දර 4 විතර වෙද්දි පායන ඉරේ එලිය  කුස්සියේ බටහිරට මුහුන දාල තියෙන ජනේලෙන් රිංගලා මගේ නින්දට බාධා කරනවා. ඒත් ඉතින් මං ලේසියෙන් පරාජය බාර ගන්නෙ නැති නිසා කොහොම හරි 5.40 වෙනකල් නින්ද අදිනවා. උදේ පාන්දර ඇහැරලා ආයෙත් නිදා ගන්න එකත් හරිම් ආතල් වැඩක්. මගෙ නවාතැනේ කාමර දෙකෙත්, කුස්සියෙත් ජනේලය ගානේ තිබ්බත්, තිර රෙද්දක් දාපු නැති එකම ජනේලය ඔය කියන එක විතරයි. කඩදාසි ටිකක් අලවලා ඕක වහල දාන්න හිතුනත්, මං ඒ ජනේලය වහල දාන්නෙ නැත්තෙ ඉදල හිටලා එලියට එබිල බලන්නෙ ඕකෙන් නිසයි. යෙලෝ ෆෙලෝ හිටපු කාලේ එයා එලියෙ ඉන්න කුරුල්ලො දිහා බලාගෙන ඥාව් කිය කිය හිටියෙත් ඔතනට වෙලා තමයි. 

නිතර නිතර මගෙ ඇහැ යොමු වෙන මේ කවුලුවෙන් එලියෙ දකින දර්ශනය වේලාවෙන් වෙලාවට මගේ කැමරා ඇහේ සටහන් වුනු විදිහ තමයි මේ. 

දවල් කාලෙට නම් විශේෂයි කියල කිසි දෙයක් නෑ. වාහන යකඩ ගොඩවල්, ඇස් රිදවන වියලි කාන්තාරෙ, හිස්ම හිස් නිල් අහසයි විතරයි. යන්තමට වගේ එහා පැත්තෙ ගොවිපලේ තියෙන ගස් කීපයේ කොල පාට ඔලු ගෙඩි ටික විතරයි ඇහැට සීතලක් ගේන දේකට තියෙන්නෙ. වලාකුලු තියෙන අහසක් නම් දවල් කාලෙක අල්ල ගන්න ලැබුනෙම නෑ මට. උඩම පින්තුරේ තියෙන්නේ දවල් දවසේ පෙන විදිහ. 

හවස ඉර ක්ෂිතිජයට ලං කරාම තමයි මේ දර්ශනේ ටිකක් හරි ආකර්ශනීය වෙන්නෙ. ඔන්න ඉතින් බලන්නකො මං හැමදාම දකින එකම දර්ශනේ උනත් වෙනස් වෙන විදිහ. 

ඒ තරම් ආස හිතෙන පින්තුර පෙලක් නොවුනත් මට හිතුන නිකමට වගේ මේ ටික පල කරන්න. සමහර පින්තුර ජංගම දුරකතනෙන් අල්ල ගත්ත ඒවා. ඊට අමතරව ජංගම දුරකතනෙන් පොඩි timelaps වීඩියෝවකුත් හැදුවා. පහළින්ම එකත් අමුනලා දැම්මා. 

ඉර හැංගෙන්න ඔන්න මෙන්න. අහසේ වර්ණ වෙනස. සුපුරුදු කැමරාවෙන් 

ජංගමයෙන් 

ජංගමයෙන්

ජංගමයෙන්



ජංගමයෙන්

ජංගමයෙන්

යන්තම් වලකුළක් - ජංගමයෙන්
කලින් දැකල පුරුදු එකක් නේද මේක. HDR tone mapping

ඇවිදින වලාකුළු 

යන්තමින් තරු එලි මතුවෙන නීල හෝරාව 

වැහි වලා ගමනේ 

මහ රැයක 


තරු පථ ටිකකුත් සටහන් කර ගත්තා 


time laps වීඩියෝව. තත්පර 5ක් විතරයි 

5 comments:

  1. අහස හරිම චමත්කාරයි. හරියට මිනිස්සු වගේ.. මොන වෙලාවකවත් එක විදියට නැහැ.. ඡායාරූප ටික නියමයි...

    ReplyDelete
  2. ඇත්තමයි මේ ඡායාරූපවල මහ මොකද්දෝ හිත නිවන ගතියක් තියෙනවා. ඒත් එක්ක මහ හිස් කමක්..අනේ මංදා මට තේරෙන්නෙ නෑ කියන්න. රෑටත් මහ දවල් වගේ නේද?

    ReplyDelete
  3. අඩේ නියමයි බං..

    ReplyDelete
  4. පට්ට කියන්නෙ සුපිරි
    ඔයා මොකෙන් කෝම ගත්තත් පට්ටෙටම වැදිල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
  5. ලස්සනයි ෆොටෝ ටිකනම් ;-)

    ReplyDelete