Sunday, June 15, 2014

වාලුකා නිශාවන් - Desert Nights

අපිව පුච්චලා දාන හදන ඉර මේ කාලේ දවසින් වැඩි කොටසක් අයිති කරගෙන. උදේ පාන්දර 6 ට එලියට බහිද්දීත් ඉර අහසේ සැහෙන උසකට ගොඩ වෙලා. හවස 6 පහුවෙලා වැඩ ඉවර වෙලා එද්දිත් ඒ තරම්ම උඩකට වෙලා තරහෙන් වගේ ඔරවාගෙන ඉන්නවා. ඉර යන්තම් බටහිර ක්ෂිතිජයට ලං උනාම තමයි සැනසිල්ලක් දැනෙන්නේ. ඒ පරිසරේ උණුසුම අඩු වෙලා යන ගමන්ම, දුරකතනෙන් ගලා එන වචන වලින් හිත සිසිල් වෙන නිසා. 
කෙටි උනත් මේ ගිම්හාන රාත්‍රීන් අපිටත්, කාන්තාරයටත් ගිමන් හරින්න, සිසිල් වෙන්න ඉඩක් දෙනවා. 

රාත්‍රී අහසත් දවසින් දවස වෙනස් වෙන දෙයක්.  හඳ නගින වෙලාව, වගේම කලාව, වලාකුළු, තරු රටා, ක්ෂීරපථයේ පිහිටීම නිතර නිතර වෙනස් වෙන ගමන් සුන්දර දසුන් මවනවා. කාන්තාරයේ විශේෂත්වය  විවෘත භූමියක් නිසා දකින්න ලැබෙන පුළුල් අහස. 

වලාකුළු නැති, ආර්ද්‍රතාව අඩු, දුහුවිලි නැති සුපැහැදිලි රාත්‍රියකට සෑහෙන්න ඈතින් තියෙන දෝහා නගරයේ ගොඩනැගිලි පවා හොදින් දැක ගන්න පවා පුළුවන්. ඒ එක්කම සිවිසල් දෝහා නගරයේ විදුලි බුබුළු වලින් සිසිල් රාත්‍රී අහස ආලෝක දුෂණයට ලක් කරන ආකාරයත් කාන්තාරයේ ඉදල බැලුව හොදහැටි පේනවා. 

මේ නිශ්චල රාත්‍රීන් වල මගේ කැමරා ඇසේ සටහන් වෙච්ච පින්තුර කීපයක්. 

ගමන් සගයා රාත්‍රී අහස යට. දඩයක් කරුගේ බඳ පටියේ තරු ටික පේනවද මන්ද  


රාත්‍රිය, වෙරල සහ විදුලි ඇස් 

කම්මැලි රැයක ගොවිපලේදී 


තරු බිමට වැටිලා 

රාත්‍රියේ ගිමන් හරින තව පිරිසක් 

මේ ලොකු ඇස් තුන දැල්වුණා නම් තරු ඇස් ඔක්කොම නොපෙනී යාවි.

මෙන්න වතුරෙත් තරු ගමන් කරනවා 

ආකර්ශනීය උතුරු තරුව. මං වගේම නිසලයි.
(ආලෝක දුෂණයේ තරම පෙනේද?)

ගවයන්ට ගිමන් හරින්න ඉඩ දෙන පියසි. 

ගොවිපලේ අහස 

විදුලි බුබුළු වල බලපෑමෙන් බොද උනු අපේ නිවස. ක්ෂීරපථය 

මේ තරම් පැහැදිලි රැයකත් දෝහා නගරයට ඉහලින් එක තරුවක්වත් නැති හැටි. දෝහා ගැන දන්නා කෙනෙක්ට නම් ASPIRE කුලුන අදුර ගන්න බැරි වෙන එකක් නෑ.  

12 comments:

  1. අර තරු බිම වැටිලා ෆොටෝව නම් මාරු

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාලයක් තිස්සේ බලන් ඉදල තමයි ඒ පින්තුරේ ගත්තේ. මෙහෙ ඉතින් ඔහොම වතුර රැදීල තියෙන තැන නෑ නේ ලෙසියකට

      Delete
  2. කවදත් වගේ පිංතූර ටිකනම් උපරිමයි. ඒක නෙවෙයි, ලංකාවෙ රෑ තරම් දෝහා කටාර් රෑ කලුවර නැත්ද? දවල් වගේ හොඳට එළියයිනෙ. හරියට IGI2 එකේ වගේ. අනිත් එක අර එක පොටෝ එකක තරු නිකං ඉරි වගේ පේන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. කළුවරයි කළුවරයි ... ඒත් සැහෙන්න ආලෝක දුෂණය වැඩි. මේ පින්තුර අරන් තියෙන්නේ දීර්ඝ අනාවරණ කාල ලබා දීමෙන්. මේ ගැන වැඩි විස්තර මං http://pinthorawick.blogspot.com/2014/03/star-trails.html මෙතන සදහන් කරලා තියෙනවා.

      Delete
    2. ඔන්න කතන්දරේ හරියටම තේරුම් ගත්තා. මං කලින් ඒ ලිපිය කියවලා තිබුනා. ඒත් අදයි හරියට තේරුනේ..

      බොහෝම ස්තූතියි ඔබට...

      Delete
  3. ඔය දෝහා පැත්තට අල්ලාපු ෆොටෝ එකේ මමත් පුංචියට ඉන්නවා . දුටුවාද? මම හිතන් නෑ . මනරම් ෆොටෝ ඇල්ලිල්ලක්ය

    ReplyDelete
    Replies
    1. හෑ... කෝ. කොහෙද? දැක්කේ නෑ නේන්නම්. ස්තුති

      Delete
  4. නියම ෆොටෝ ටික.. තාම මාත් රාත්‍රී ෆොටොග්‍රැෆි ට්‍රයි කරලා නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුති.. නොපමාව ට්‍රයි කරන්න. මේක හරිම අස හිතෙන වැඩක්.

      Delete
  5. ඔයා පට්ට පොටෝග්‍රැපර් කෙනෙක්නෙ...
    පට්ට පිංතූර ටික...
    ජයවේවා

    ReplyDelete
  6. නියම පින්තුරු ටිකක් නේ.. මේ කොතනද?

    ReplyDelete