Wednesday, July 16, 2014

ජංගමයෙන් ඇල්ලු පින්තුර | Mobile Photography

මගේ කැමරාව ගත්ත දවසේ ඉදන් හැමදාම වගේ මගේත් එක්ක යන එන හැම තැනම ගියා. ඒත් ගිම්හානේ ආවට පස්සේ කැමරාවේ ආරක්ෂාව සලකලා මං ඒක නිතරම වාහනේ ඇතුලේ තියාගෙන ඉන්න එක නැවැත්තුවා. නැත්නම් මේ රස්නෙට කැමරාවට හානියක් වෙන්න පුළුවන් නේ. රස්නෙට නිසා දවල් කාලේ පින්තුර ගන්න යැවෙන්නෙත් නැති නිසා මේ දවස්වල මගේ කැමරාව කාමරේට වෙලා ගිමන් හරිනවා. හැබැයි ඒ වෙනුවට මගේ ජංගම දුරකථනයට නම් වැඩ වැඩි උනා.

පහුගිය දවස්වල එක සැරේම පරණ දුරකථනය කැඩිලා ගිය නිසා අලුතෙන් ගත්ත දුරකථනය නිසාම මං ජංගම දුරකථන ජයාරූප ගන්න එකට සැහෙන්න යොමු උනා. කලිනුත් මේ වැඩේ කලත් පරණ ජංගමයේ පින්තුර වල ගුණාත්මක බව ගොඩක් අඩු නිසා මං වැඩිය ඒකට කැමති උනේ නෑ. නමුත් අලුත් ජංගමේ කැමරාව 5 mp එකක් උනත් අලුත්පිට නිසා තරමක් හොද තත්වේ පින්තුර ගන්න පුළුවන්. ඒ නිසාම මගේ කැමරාවේ අඩුව පුරවා ගන්න මං දකින දකින දේවල් දිහාට ජංගම කැමරාව මානන්න පටන් ගත්තා. බොහෝ වෙලාවට මේ පින්තුර INSTAGRAM සේවාවට උඩුගත කරන එක තමයි මගේ පුරුද්ද.
හොද පින්තුර ගන්න හොද කැමරාවක්ම ඕන නෑ කියලයි චායාරුපකරණයේ ප්‍රවීණයෝ කියන්නේ. මාත් ඒක පිලිගන්නවා. ජංගම දුරකථන වලින් කරපු හොද පින්තුර සැහෙන්න ප්‍රමාණයක් මාත් දැකල තියෙනවා. කොහොමත් මේ ජංගම දුරකථන චායරුපකරණයත් දැන් වෙනම කලාවක් විදිහට දියුණු වේගෙන නේ එන්නේ. ඒක නිසාම වෙන්න ඕන INSTAGRAM වගේ ජංගම පින්තුර සේවා මේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
ඔන්න මේ තියෙන්නේ මගේ ජංගමය පහුගිය ටිකේ අල්ල ගත්ත පින්තුර ටිකක්. බොහොමයක් ඒවා ජංගම දුරකතනයෙන්ම සංස්කරණය කරලයි තියෙන්නේ.
මෙන්න මගේ instagram එකතුවට පාර. ඒක පාවිච්චි කරන අය ඉන්නවා නම් ගිහින් බලන්න.












හරිම මහන්සි. මේ පිදුරු මිටියෙවත් ඔලුව තියාගෙන ටිකක් ඇලවෙන්න කියල 







ඔය ඉන්නේ මම (SELFY)













නුඹේ අම්මා කොතැන ගියා 














9 comments:

  1. වීාරේ බොට තියෙන්නේ ඉතාම සුපිරි ඇහැක්.. මගේ සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. හැමෝටම සුපිරි ඇහැක් තියෙනවා. ඒත් කට්ටිය හරියට බලන් නෑ නොව.

      Delete
  2. ජංගමෙන් ඇල්ලුව කියලඅඩුවක් වෙලා තියේ යැ..
    මේ තියෙන්නෙ ආයෙ මදි නොකියන්න
    පට්ට මචෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පින්තුර වල කොලිටි එක සැහෙන අඩුයි නේ අප්පා.

      Delete
  3. පින්තූර ගැන තියෙන දැනුමේ හොඳ කම කියන්නේ මොකෙන් ගැහුවද කියලා හිතාගන්න් බෑ.

    ReplyDelete
    Replies
    1. මේවා නෙමෙයි ඉවාන්. මොබයිල් වලින් පට්ට පින්තුර ගන්න අය ඉන්නවා ඕන තරම්. නිකන් ඉන්න එකේ ට්‍රයි කරලා බලන්න

      Delete
  4. සුපිරියි, අද තමයි ඇස ගැටුනේ..

    ReplyDelete
  5. ඔබ පශු වෛදයවරයෙත් බව දැනගැනීම සතුටක්, මට ඔබගේ email ලිපිනය දෙන්න හැකිද? මෙන්න මගේ email ලිපිනය ayilas419@gmail.com

    ReplyDelete
    Replies
    1. ස්තුති අයිලාෂ්. මම ඔබට e mail එකක් එව්වා.

      Delete