Monday, December 9, 2013

ඇවිදින තරු - star trail

රෑ අහසේ පින්තුර ගන්න එක මම ගොඩක් ආස දෙයක්. ගොඩ කාලෙකට පස්සේ star trail එකක් කරන්න හිතුන. එත් පෙරේද රැ එලියට ගිහින් බලනකොට හද නිකන් දැකැත්තක් වගේ අහසේ තියෙනවා. හදත් එක්ක මේ කෙරුවාව කරන්න බැරි උනත් කෝකටත් කියල කැමරාව අරන් එලියට ගිහින් පොඩි අත්හදා බැලීම් දෙක තුනක් කරලා බැලුව.
අන්තිමට හොදයි කියල හිතුනු තැනක් අල්ලාගෙන වැඩේ පටන් ගත්තත් ටික වෙලාවකින් කැමරාවේ බැටරිය බැස්ස නිසා වැඩේ දෙල් උනා. ඊට පස්සේ ඊයේ රෑ හොදට සුදානම් වෙලා ගිහින් ටිකක් විතර සාර්ථක පින්තුරයක් අරන් ආවා. පින්තුරයක් කීවට මේක පින්තුර ගොඩක් එකතු කරලා හදපු එකක්.  පැය 2ක් විතර සීතලේ ගැහි ගැහි ඉදල තමයි මේක ගත්තේ.
යටින් තියෙන්නේ කලින් දවසේ අසාර්ථක වෙච්ච එක .

Star trails + Light trails
©wmcwickramasinghe|2013

මේ කලින් දවසේ මගදී නැවතුනු එක. එකත් එච්චරම අසාර්ථකත් නැද්ද මන්ද. තව ටික දවසකින් හද පායන එක පරක්කු වෙන්න පටන් ගත්තම මේ පින්තුරේ ආයෙත් ගන්න උත්සහ කරන්නයි හිතන් ඉන්නේ.

©wmcwickramasinghe|2013

ඒ ගමන්ම පරණ ඒවා දෙකකුත් දාන්න හිතුන.

©wmcwickramasinghe|2013

උතුරු තරුව වටේ කරකැවෙන තරු
©wmcwickramasinghe|2013


3 comments:

  1. තරු ටිකක් මෙහෙම දැක්ක පලවෙනි වතාව මේ :)

    ReplyDelete
    Replies
    1. පියවි ඇහැට පෙන්නේ නෑ නේ මෙහෙම. මේ පෘතුවියේ බ්‍රමණය නිසා තරු වල පිහිටීම වෙනස වෙන හැටි පැයක් විතර තිස්සේ සටහන් කර ගත්තම පෙන හැටි

      Delete
  2. niyamai machan.. mewa dakinakota hithenawa apita penawata wada kochchara lassa dewal thiyanawada kiyala...keep it up..

    ReplyDelete