Saturday, October 25, 2014

සෝමාවතිය පුදබිම හා රක්ෂිතය අවට | සුන්දර රජරට


කලින් පොස්ට් වල සදහන් කළා වගේ නිවාඩු කාලේ වැඩිය ඇවිදින්න කරන්න ඉඩ කඩක් ලැබුනේ නැති උනත් සෝමාවතිය රක්ෂිතය හරහා කිහිප වරක් එහාට මෙහාට යන්න නම් මට අවස්තාව ලැබුණා. ඒ දැනට අපේ නිවහන වෙච්ච පුංචි ගුරු නිවාසය තියෙන්නේ සෝමාවතිය රක්ෂිතයේ මායිමේ වෙච්ච නිසයි. ඔය ගමන් බිමන් අතරේම සෝමාවතිය පුද බිමට ගොඩ වෙන්නත් අවස්ථා දෙකකදී ඉඩකඩ ලැබුණා. ඉතින් මේ සටහනේ පළකරන්න යන්නේ ඒ අවස්ථා වලදී එකතු කර ගත් පින්තුර ටිකකුයි. 
සෝමාවතිය පුද බිම සහ පින්තුර ගැන කතා කරන නිසාම මේ ගමන් වලදී මගේ අවධානය යොමු වෙච්ච දෙයක් ගැන සදහන් කරන්නත් ඕන. ඒ පුජා භුමිය පුරාම විවිධ දින වකවානු සටහන් කරමින් පලකරලා තිබුණු පින්තුර රැසක් ගැනයි. පුජා භුමිය පුරා එල්ලලා තිබ්බ මේ පින්තුර වල සදහන් කර තිබුනේ සෝමාවතිය ස්තුපයෙන් විහිදෙන රැස් මාලාවල් බවයි. එත් මේ පින්තුර වලින් බහුතරයක් හවසක හෝ උදයක කෙලින්ම හිරුට මුහුණලා පින්තුර ගැනීම නිසා ඇති වෙච්ච lens flare කියන දෙයයි සටහන් වෙලා තිබුනේ. ඒ වගේම රාත්‍රී කාලයේ ඩිජිටල් කැමරාවලින් පින්තුර ගැනීමේදී, කැමරාව හෙලවීම නිසා ඇතිවෙන විකෘති පින්තුරත් අද්භූත පින්තුර බව කියල පල කරලා තිබුනා. මුලින්ම මේ නොදැනුවත්කම නිසා කල දෙයක් විදිහට හිතුනත් පොටෝෂොප් මෘදුකාංග භාවිතා කරලා සමහර පින්තුර සංස්කරණ කරලා පිටසක්වල ජීවින් ආදී කතන්දරත් එකතු කරලා තිබුන දැක්කමයි හිතුනේ මේක අහිංසක සැදැහැවතුන් රවට්ටන්න හිතා මතා කරපු දෙයක් බව. ඒ විතරක් නෙමෙයි ඒ හැම තැනකම අහවල් විශ්වවිද්‍යාලයේ අහවල් පිඨයේ හිටපු වැඩබලන පිඨධිපති අහවල් ස්වාමින් වහන්සේ කියල ලොකුවට සදහන් කරලත් තිබුනා. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිතා මතාම මේ වගේ මුසාවාදා පුජා භුමියකම පළකරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියල නම් මට තේරෙන්නේ නෑ.
කොහොම කොහොම හරි ඒ කතාව පැත්තකින් තියලා මෙන්න බලමු සෝමාවතිය ස්තුපය සහ සෝමාවතිය රක්ෂිතය අවටදී මං එකතු කර ගත්ත පින්තුර ටික. 



















මේ පින්තුරේ පොඩි දෝෂයක් තියෙනවා. ක්ෂිතිජ රේඛාව ඇදයි. පලකරන්න ඔන්න මෙන්න කියලයි ඒක දැක්කේ 

ඔන්න අපි සෝමාවතිය රක්ෂිතයට ඇතුළු උනා. 


මහවැලි ගඟ හරහා
දිය හිඳුන මහවැලි ගං ඉවුරේ
විදුලින් වැටෙන් එහා රක්ෂිතයේත් මිනිස් ක්‍රියාකාරකම් - ඈතින් පෙනෙන්නේ දිඹුලාගල කදු වැටිය 


6 comments:

  1. පින්තූර ටික ලස්සනයි. "දිය හිඳුන මහවැලි ගං ඉවුරේ" හවසක තියන සුන්දරත්වය දැනෙනව වගෙ...

    දැන් එහෙනම් හැමතැනම පිටසක්වල ජීවින් ඉන්නව නෙ. අපේ ගෙට පිටිපස්සෙ කොහොඹ ගහක් තියනව. මං දවසක් හවසක නිකමට වගෙ ෆෝන් එකෙන් ඒ ගහේ ෆොටෝ දෙක තුනක් ගත්ත. පස්සෙ බලන කොට ගහේ කොළ අතර තිබුනා ලා දීප්තියකින් යුතු රවුම් කිහිපයක් සටහන් වෙලා. ඔය කියන lens flare තත්වය වෙන්න ඇති ඒ.
    චෙහ්... අපරාදෙ, කොහොඹ ගහේ දෙයියෙක් ඉන්නව කියල ප්‍රචාරයක් ගන්න තිබුනු චාන්ස් එක නැති වුනානෙ. දැන් ඒ ෆොටෝ ටික නැද්ද කොහෙද.. :D
    ඒ වගෙ විකාර කතා ප්‍රසිද්ධ කරමින් මිනිසුන් මුලා කිරීම අද නිකං විලාසිතාවක් වෙලා. කණගාටු හිතෙනව ඒ ගැන නම්.

    ReplyDelete
    Replies
    1. :D අපරාදේ. පින්තුර ටික මකල දැම්මද? ස්තුති මේ පැත්තට ගොඩ වුනාට

      Delete
  2. ලස්සන පින්තුර ටික, ඔය රජරට සුන්දරත්වය තව කී කලක් රැඳිලා තියෙයිද මන්දා, දැන් ඒ පෙත්ත හරි මාකට් නේ

    ReplyDelete
    Replies
    1. ස්තුති.
      ඒ තරම්ම මාකට් බවක් දැනන් හිටියේ නෑ නේ.

      Delete
  3. ඒ තැන්වල හැබෑවටම ගිහිනේ සුන්දරත්වය හැබෑවටම විඳිනවා වගේ ගතියක් දැනෙනවා ඔබේ මේ ඡායාරූප බලනවිට. ඒවා අතිවිශිෂ්ඨයි.

    මං මෙහෙම කිව්වට අහිතක් හිතන්නෙපා. හැකිනම් සදහටම නවතින්න එන්න ලංකාවට. ඔබ වගේ සොඳුරු සිත් මේ මවුබිමට අවැසිමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති මනොෂ්. ඉක්මනින් ලංකාවට එන්න අදහසක් තියෙනවා.

      Delete