අගෝස්තු මාසෙ මුල් දිනවල මං නිවාඩුවට ලංකාවට ගොඩ බැස්සනෙ. මේ වගේ කාන්තාරෙක ඉදලම එන්න ඕන අගෝස්තු මාසේ ගිනි අව්වට ඉරි තලලා ගිය ලංකාවෙ රජරටත් කොයි තරම් සීතලද, සුන්දරද කියල දැනෙන්න. නිවාඩුවක් උනත් ලංකාවේ ගෙවපු දවස් 40 බොහොම කාර්යබහුල කාලයක් උනා. ඒ නිසාම හිතාගෙන හිටපු තරම් මගේ කැමරා ඇහෙන් වැඩක් ගන්න ලැබුනෙ නෑ. අඩුම තරමේ අපේ ගෙදර වැටෙන් එහා පැත්තෙන් තියෙන පොලොන්නරුව පුරාවස්තු වල එකම එක පින්තුරයක් ගන්නවත් මට අවකාශයක් ලැබුනේ නෑ. කොහොම වුනත් මේ නිවඩුවේදි ගෙදර ඉන්න ලැබුනු දවස් කීපයේදි එකතු කරගත් පින්තුර කිහිපයක් තමයි මේ.
 |
වතුසුදු |
 |
මම තරහයි |
 |
ජිවිතයක් බිලිගත් ආදරයක් |
 |
තව ටිකක් ලං වෙන්නකෝ |
 |
අනතුරක සේයාවක් |
 |
අවාසනාව |
 |
රහසක් |
අපේ ගෙදර බලු යාලුවෝ තුන්දෙනත් පින්තුර වලට පෙනී ඉන්න ඕන කිව්වා. ඒ ය තමයි ඔය පහල ඉන්නේ
 |
කියාරා කුමාරි |
 |
කළු මහත්තුරු |
 |
ටිමී හෙවත් මිටී |
බ්ලොග් එකටත් පොඩි වෙනස් කමක් කළා. කාලෙන් කාලෙට බ්ලොග් එකේ නම වෙනස් කරන්න හිතෙන එක නම් ලෙඩක්ද කොහෙද.
//ජීවිතයක් බිලි ගත් ආදරයක්//
ReplyDeleteඒ ෆොටෝ එකනං මාරම ගති...
වීරෙ අර කුරුල්ලොන්ගෙ ෆොටෝ එහෙම ගත්තු ලෙන්ස් එක මොකක්ද..?
මටත් මේ දවස්වල සූම් ලෙන්ස් එහෙක පාඩුව දැනිල තියෙන්නෙ එකක් ගන්න ඕනෙ...
ෆොටෝ ටික ලස්සනයි..
අන්තිම ෆොටෝ එකේ නිකං බල්ල බීල වෙරි වෙලා වගේ..බෝතල් ටිහකුත් පැත්තකින් තියනවනෙ..
හැක්.. :D
බොහොම ස්තුති..
Deleteමම නම් පාවිච්චි කරන්නේ Sigma 70-300 DG macro කියන ලාබ බාල ලෙන්ස් එක. මම නම් ඕන කෙනෙකුට කියන්නේ මේ ලෙන්ස් එක නම් ගන්න එපා කියලයි. පින්තුර වල පැහැදිලි බව හොදටම අඩුයි.
මේ ෆොටෝ සේරගෙන්ම මටත් හිතට ගොඩක්ම දැනුනෙ ජීවිතයක් බිලිගත් ආදරයට. ඉතින් දොස්තර මහත්තයෝ, ආයෙත් නැවු නැග්ගද, එහෙම නැත්නම් තාම ලංකාවෙද.
ReplyDeleteඅපිට කොහෙද මනොෂ් ඒ තරම් වාසනාවක්. ආයෙමත් එන්න උනා අකමැත්තෙන් උනත්
Deleteබ්ලොගේ හැඩරුව වෙනස් වෙලානේ හොඳටම ... කවදත් වගේ හිතට වදින ෆොටෝ ටික
ReplyDeleteඔව් නේ. ස්තුති ඉවාන්
Deleteපට්ටයි. ජීවිතයක් බිලිගත් ආදරය ෆොටෝ එකෙන් පල්ලෙහාට එන්න හිතෙන්නෑ. ඒකෙදි හිත නවතිනවා වගේ!
ReplyDeleteස්තුති. මමත් කැමතිම පින්තුරයක් ඒක
Deleteටිම්ට නං ටිකක් වැදිලා වගේ ළඟ තියෙන ඒවා නිසා :D , අර මම තරහයි එකයි රහසක් එකත් නියමයි, අනේ ඇති යන්තන් පොටෝ එකකින් හරි මයිනෙක් දැක්කා, අම්මපා අපේ පැත්තේ හිටපු මයිනොන්ට මොකක් උනාද මන්දා එකෙක් වත් දැන් නැහැ, බත් ලෑල්ල දැන් කළු පොල්කිච්චෝ රෑනක් එක්ක ලේන්නු හතර පස් දෙනෙකුයි ඉඳලා හිටලා කොබෙය්යෙකුයි මාල ගිරා කපල් එකකිනුයී වැහෙනවා, මයිනෝ දැන් නැහැ. :(
ReplyDeleteමයිනා කුඩුවේ වෙන්ටැති :D
Deleteඒකට අපේ ගෙවල් ළඟ ඇති තරම් දෙමලිච්චෝ, මයිනෝ. ඇයි ගිරව්. අපේ ගෙවල් කැලෑ වල තියෙන හින්ද වෙන්නැති. :D
පින්තූර ටික ලස්සනයි. මං වැඩිපුර කැමති බලුස් ල තුන් දෙනාට..
ReplyDeleteස්තුති චන්දන. අපේ ගෙදර කොල්ලෝ හතරයි, බල්ලෝ තුනයි. :D
Deleteපට්ට ඈ....
ReplyDeleteසුප්ප පිංතූර ටික...
වතුසුද්ද මල නං අප'ූරුයි
ස්තුති
Deleteහරිම ලස්සනයි බං.. උඹට ජය
ReplyDeleteස්තුති දේශා
Deleteසුපිරි පින්තුර හා සුපිරි කැප්ෂන්ස් !!
ReplyDeleteස්තුතී.
Deleteලස්සන පින්තූර ටික
ReplyDeleteස්තුති තරිදු
Deleteඑලස්
ReplyDelete