Wednesday, October 22, 2014

වැව් ඉස්මත්තේදී | සුන්දර රජරට 1

රජරට හෙවත් වැව්බැඳි රටේ ප්‍රසිද්ධ වැවක් වුනු පැරකුම් සමුදුර ලඟින්මයි අපේ ගෙදර තියෙන්නේ. කලින් පොස්ට් එකේ කියපු විදිහටම නිවාඩු කාලයේ තිබුණු කාර්යබහුල කම නිසාම හිතාගෙන හිටපු විදිහට මේ තරම් ළගින් තිබ්බ වැව් බැම්ම පැත්තට යන්නවත් වෙලාවක් තිබුනේ නෑ මට.

ඒ වුනත් දවස් ගානකට පස්සේ වැව් ඉස්මත්තේ සුන්දර දිනයක් ගත කරන්න නම් අවස්ථාවක් ලැබුනා. එදා ලැබුණු අවසරයෙන් කැමරාවත් අරන් අපි (ඔව්.. ඔව්.. 'අපි' තමයි) වැව් ඉස්මත්තේ ටිකක් ඇවිදින ගියා. දීර්ඝ නියගයේ බලපෑම නිසාම වැව සැහෙන්න හිදිලා ගිහිං තිබුණා. ඒ වුනත් සුන්දරත්වයෙන් නම් අඩුවක් නෑ. 

ඉතිං මෙන්න සුන්දර රජරට වැව් ඉස්මත්තකදී මගේ තෙවෙනි ඇසේ ගැටුණු දේවල්.

එගොඩහ ඉවුරේ 

වතුර ටික නිල් කැටේට තිබුනට මොකෝ දන්ඩි පැටියෙක්වත් නෑ (අසල හෝටලයක තටකයකදී) 







රැවටිලිකාර අහස - වලාකුළු වලින් සැරසුනත් වැහි බින්දුවක් වත් නැති හැටි 


මං කන්දටත් වඩා උසයි 

මේ නම් වැව් බම්මේදී ගත්ත එකක්.






විවර තුඩුවා 


ගායකයා



තවත් චායා රූප ශිල්පිනියක් මුණගැහුනා නේ 

ජංගමයෙන් ගත්ත පැනොරාමාවක්

ඔය ඉන්නේ 'අපි' - ත්‍රිපාදයේ පිහිටෙන් selfy එකක් ගත්තා  

15 comments:

  1. පිංතූර ටිකනම් කදිමයි. මම ආසම ලොකේෂන් ටිකක්. අදත් ඒ ටික බාගත්තා. එකක් මං ඩෙස්ක්ටොප් වෝල්පේපර් එකට දාගත්තා.

    අදනෙ වීරෙගේ මූණ දැක්කෙ, ඇත්තටම මං හිතුවෙ මීට වඩා වයස ඇති කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ... ඒකනේ... මං තාම පොඩි කොල්ලා.... හැක.. හැක..

      Delete
  2. ඔක්කොම ටික ලස්සනයි. මගේ හිත ගියෙම රැවටිලිකාර අහසටයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රියා.. ඔය අහස නම් අපිව සැහෙන්න රැවටුව ඒ දවස් ටිකේ

      Delete
  3. ලස්සන ෆොටෝ ටික.

    ReplyDelete
  4. අර රැවටිලි කාර අහසයි , අනික් ඡායාරුප ශිල්පියා පින්තුරෙයි මරු

    ReplyDelete
  5. අපිට නම් වැව් නෑනෙ. අපිට තියන්නෙ කෙළවරක් නැති කඳු. :)

    පින්තූර ටික ලස්සනයි. මං කන්දටත් වඩා උසයි, තව ඒකට උඩින් තියන එක, අර කුරුල්ලො ටික.. ඒව වැඩියෙන් ලස්සනයි. අන්තිම එකේ කොල පාට ෂෝටක් ගහගෙන ඉන්න එකා මොකා ද.. චික්.. පින්තූරෙත් එක්ක කැත වෙලා. :P :D :D :D

    ReplyDelete
    Replies
    1. හැක හැක... ඒ මම නම් නෙමෙයි :D

      Delete
  6. පට්ට පට පට...
    ගායකය නං ගින්දර....
    ඒක පස්ටෙටම හිතට ඇල්ලුව අනෙක් ඒව.ත් එහෙම තමා ඒත් අරක අපූරුයි
    ජයවේවා

    ReplyDelete
  7. රැවටිලිකාර අහස පට්ට.

    ReplyDelete