නිවාඩුව අවසන් වෙලා ඇවිත් ගෙවිච්ච මාස දෙකක කාලය ඇතුලේ මං මගේ සුපුරුදු පින්තුර ඇල්ලීමේ විනෝදාංශයේ යෙදුනේ නැති තරම්. ඉදල හිටලා ජංගම දුරකථනයෙන් පින්තුරයක් දෙකක් ගත්තට, මගේ කැමරාවට නම් තාමත් නිවාඩු. ඒත් පහුගිය නිවාඩු කාලයේ එකතු කර ගත්ත පින්තුර ගොඩක් තියෙනවා තවම පළ නොකළ.
ඉතිං මේ පළ කරන්න හදන්නේ ඒ පින්තුර අතරින් කිහිපයක්. මේ පින්තුර සටහන් කර ගත්තේ මහවැලි ව්‍යාපාරයට අයත් හුදෙකලා ගම්මානයක පිහිටි, අපේ අලුත් නිවහන වෙච්ච පුංචි ගුරු නිවාසය අවටින්. දශක කිහිපයක් තිස්සේ ඇවිලිලා ගිය යුධ ගිනිවල උණුසුම තදින් දැනිච්ච මායිම් ගම්මානයක් මේක. යුධ හමුදා කදවුරක් මායිමේ පිහිටපු අපේ නිවහන වටේටම තියෙන්නේ අතහැර දාපු, ගරාවැටුණු නිවාස. යුධ බිය මැකිලා ගියත් අලි ඇතුන්ගේ තර්ජනයන් නිසා මං සැලසුම් කරගෙන හිටපු රාත්‍රී අහසේ දර්ශන ගන්න නම් ඉඩක් ලැබුනෙම නෑ.
 |
සෑම උදාසනකම දකින දසුනක්
 |
හුදෙකලාවේ - පින්තුර කිහිපයක එකතුවක් panorama |
|
 |
ප්‍රවාහනය |
 |
මගේ නිවන මගේ පැල්පතයි |
 |
රජ්ජුරුවෝ |
 |
කැලෑ මල් වලත් රොන් තියෙනවා |
 |
තවත් දිනකට හිරු උදාවක් |
 |
දුම් බොන්නා |
 |
අපේ නිවහනට එන මඟ |
 |
මැද පෙරදිගදී බොහොම අමාරුවෙන් අල්ල ගත්ත ක්ෂිරපථය ගරා වැටුණු නිවාසයකට ඉහලින් බොහොම පහසුවෙන් අල්ල ගත්තා. |
 |
රාත්‍රී අහස - අපේ නිවහනේ පෑල දොරින් |
 |
අකුණු ගැහුවට වැස්සක් නම් ආවේ නෑ පැත්ත පලාතේ. |
දෙවැනි පින්ත්රේ දකුණු පැත්තේ ගහ නොකප හරි කපල හරි ගහන්නයි තිබුනේ.. මං හිතුවේ ඒ ගහ නැතිව ගත්තනං හොදා කියලයි. ජය.. පින්තුර හැමදාම වගේම ගති..
ReplyDeleteඔබ හරි දේශා. ඒ විදිහට පින්තුරේ වඩාත් හොදයි වගේ. ස්තුති අදහසට
Deleteක්ෂීර පථයේ ඡායාරූපයනම් කදිමයි. ඒ වගේම රාත්‍රී අහසෙ අනිත් එකත්, විදුලියේ ඡයාරූපයත්.
ReplyDeleteමේ රජරට වියලි බවට හිත පුදුම විදියට ඇදිල යනවා.
ස්තුති මනෝෂ්. වියලි උනත් හරිම සුන්දරයි මට නම්
Deleteපිංතූර ටික නං පට්ට මචෝ වෙනද වගේම
ReplyDeleteඇහුවට තරා නැත්තං කියකා් වීරෙ මේ කොහෙද කියල...
හරි අපූරුයි මචෝ
ස්තුති. මේ පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික් මායිමේ තියෙන වැලිකන්ද කියන පැත්ත. වැලිකන්දේ ඉදන් තවත් කිලෝමීටර් කිහිපයක් උතුරට ගියාම තමයි මේ පින්තුර ඔක්කොම ගත්ත ගම තියෙන්නේ
Deleteනියම පිංතූර ටික වීරෙ..
ReplyDeleteඅර තරු පින්තූරෙනං පංකාදුයි..
ස්තුති
Deleteනියම පින්තූර ටිකක්....
ReplyDeleteපින්තූර ටික ලස්සන වගේම ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන පොඩි දුකකුත් හිතේ ඇති වෙනවා...
ඔව් මධු. ඒ මිනිස්සුන්ගේ ජිවිත ගැන නම් කියල වැඩක් නෑ. ඔය කීවට දැන් අපි ජිවත් වෙන්නෙත් ඔය ගමේ තමයි.
Deleteසුපිරිම සුපිරියි.තරු පින්තූරෙනම් මල් හතයි.විමුක්තිගේ චිත්‍රපටියක් බැළුව වගෙයි.
ReplyDeleteස්තුති. පලවෙනි වතාවට වෙන්න ඕන ඔබ මේ පැත්තට ආවේ. සාදරයෙන් පිලිගන්නවා
Deleteදුර පෙනෙන තැනිතලා............!!!
ReplyDeleteලස්සන පරිසරය, ලස්සන ෆොටෝ ටික.
හැබැයි 'අනුරාධපුර දිහා' නම් නෙමෙයි.
Deleteස්තුති
පිස්සු බම්ප් වෙනවා අප්පා. හරිම ලස්සනයි, අගය කරනවා!!!
ReplyDeleteස්තුතියි
Delete