Friday, February 13, 2015

ආපසු..

ජිවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරලිලා. සති දෙකකට කලින් මං මැදපෙරදිග මුඩුබිමේ රැකියාවට සමුදීලා මවු බිමට පය තිබ්බා. විවාහයෙන් මාසෙකට පස්සෙ පිටිසර ගම්මානයක පුංචි ගුරු නිවහනක තනියම ඇගිලි ගනිමින් හිටපු බිරිදගේ තනිකම මකලා ලඟින් ඉන්න මොහොතකට අවකාශයක් ලැබුනා.
අවුරුදු දෙකකට කලින් සීමාවාසික පුහුණුව අතර මඟ දාලා ගියපු එකේන් නම් මට සෑහෙන පාඩුවක් උනා. අවුරුදු හය හතකට පස්සෙ රජයේ සේවයට බඳවා ගන්න ගොන්නට එකතු වෙන්න තිබිච්ච අවකාශය වැහිලා ගියේ ඒ පුහුණුව සම්පූර්ණ නොකල නිසාමයි. ඒත් ඉතිං මෑතකදි ආයෙමත් කොටසක් බඳව ගන්න බවට ආරංචි උනු නිසා තමයි මේ සීමාවාසික පුහුණුව හැකි ඉක්මනින් ඉවර කර ගන්න අදහසින් හදිසියේම අපහු ආවේ. ඒත් ඉතිං මේ තියෙන දේශපාලන වාතාවරණය එක්ක ඔය දේවල් වෙනස් වෙයිද කියලා කවුද දන්නෙ.
කොහොමින් කොහොම හරි, අපේ ගම් පලාතේන් ජනාධිපතිවරයෙකුත් පත් කර ගත්තයින් පස්සෙ මගේ සිමාවාසික පුහුණුවේ මගහැරුන කොටස ආයෙමත් පටන් ගත්තා. ස්ථානය රජයේ කිරි ගොවිපලක්. අප්පේ කියලා වැඩක් නෑ. මෙතන වැඩ නම් අන්තිමයි.
ඉතිං, ටික දවසකට කලින් වෙනම ලෝකයක හිටිය මං දැං ආයෙමත් මං ඇත්තටම අයිති පොලවේ, පරන බයික් කට්ටක් පැදගෙන, රැකියාවකට යනවා.

No comments:

Post a Comment