Thursday, December 25, 2014

මඟ තොට සේයා මතක


ලංකාවේ ඉදන් ඇවිත් මාස කිහිපයකුත් ගෙවිල ගිහින්. එත් පල කරන්න බැරි උන පින්තුර ගොඩක් තාම පරිඝනකයේ එකතු වෙලා තියෙනවා. රැකියාවේ කාර්යබහුල කම නිසා වල් බිහිවේගෙන එන මේ බ්ලොග් එකට සැහෙන කාලෙකින් පොස්ට් එකක් විදිහට පල කරන්න හදන්නේ ඒ අතරින් පින්තුර ටිකක්. 

නිවාඩු කාලයේ එහා මෙහා ගමන් අතරතුර මඟ තොටදී ගත්ත පින්තුර ටිකක් තමයි මේ. උඩින්ම තියෙන්නේ ටිකක් ප්‍රසිද්ධ මනම්පිටිය පැරණි පාලම. කොළඹ - මඩකලපුව මාර්ගයේ මහවැලි ගඟ හරහා නිතර නිතර ගිය ගමන් අතරේදී තමයි මේ පින්තුරය සටහන් කර ගත්තේ. පහළින් තියෙන්නෙත් ඒ පාලමේම පිංතුරයක් තමයි. හැබැයි ඉතිං ඒ පින්තුරේ ඉන්න ජෝඩුව නම් මං අදුරන්නේ නෑ. 



කොළඹ - මඩකලපු මාර්ගයේදී නිතර ඇහැ ගැටුණු තවත් දසුනක් තමයි ඊළග පින්තුර දෙක. දිඹුලාගල හුදෙකලා කදුවැටිය. 


මඩකළපු මාර්ගය කොලකනවාඩිය සිවිල් ආරක්ෂක මුරපොළ ලඟදි 
පහළ තියෙන පින්තුර ටික නම් සටහන් කර ගත්තේ මහවැලි ගම්මාන පුරාවට වතුර අරන් යන ප්‍රසිද්ධ ZD ඇළ ඉවුර දිගේ එහා මෙහා ගිය ගමන් වලදී...



වැලිකන්ද නගරයත් අපේ ගමත් අතර මාර්ගයේදී තමයි පහල පින්තුර දෙක සටහන් කර ගත්තේ. ඒ දෙකම ජංගම දුරකතනයෙන් ගත පින්තුර 
වියලි කලාපයේ තවත් දිනයක් නිමාවක් 
වහින්න වගෙයි ලෑස්ති. 




ඉහල පින්තුර දෙක නම් මග තොටදී ගත්ත ඒවා නෙමෙයි ඔන්න. අපේ නිවහන ලගදි තමයි මේවා නම් ගත්තේ. 

සෝමාවතිය පුජාභුමිය දිහාවට යන ගමනේදී. 

ත්‍රිකොනමඩු-සෝමාවතී මාර්ගයේ තියෙන කන්දකාඩු යුධ හමුදා ගොවිපල.
පරාක්‍රම සමුද්‍රයේ පළමු සොරොව්වේ වතුර අරන් යන එකේ ඇළ


ඔය ගමන් අතරේ සමහර විට නැවතිලා කුරුල්ලෝ කීප දෙනෙකුත් අල්ල ගත්තා 
රජරටින් අපි උඩරට දිහාවටත් ගියා පොඩ්ඩක් නෑදෑ පරපුර බලල එන්න පහල පින්තුර ගත්තේ ඒ ගමනේදී. 
මාතලේ ඇටිපොල කන්ද - ජංගම දුරකතනයෙන්
රජරට හිටියට, කන්ද උඩරට හගුරන්කේතටත් සැහෙන එහා තියෙන ගම්මානයක් තමයි අපේ උපන් ගම. ඔන්න බලන්නකෝ අපේ ගම ලස්සන නැද්ද කියලා. 


හෙල්-මළු 
මේ සැරේ මං වඩාත් කැමති පින්තුරේ අන්තිමට තමයි පල කලේ. 



6 comments:

  1. සෝමාවතිය පැත්ත පලාතම යටවෙලා , අහලකට කිට්ටු කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්. පහුගිය දවස් ටිකේ හොදටම යට වෙලා ලු තිබුනේ

      Delete
  2. ශා... මනම්පිටිය රේල් බස් පාලමත් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. පරණ මනම්පිටිය රේල් බස් පාලම ලංකාවේ තිබුනු එකම පාලම වෙන්න ඕන බස්, කෝච්චි දෙකම යන.

      Delete
  3. කවදත් වගේ අපූරුයි පිංතූර ටික, මං අදත් ඩවුන්ලෝඩ් කරගත්තා.

    ReplyDelete
  4. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete