Friday, February 13, 2015

මුඩුබිමේ අවසන් සේයා සටහන්

මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ. 

මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්. 

කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.
හිරු උදාව

  

සවස් යාමයේ Purple Island



මේ පැස්බරාගේ පින්තුරේ සටහන් කර ගත්තෙ අපේ ගොවිපල අසල තියෙන පොඩි සත්තු වත්තකදී

 කටාර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට වෙන්න තියෙන අල් කූට් බලකොටුව නරඹන්න ගිය අතරෙයි පහල පින්තුර ටික සටහන් කර ගත්තේ. 






14 comments:

  1. හැමදාම වගේ බොහොම ලස්සන පින්තූර ටික...

    ReplyDelete
  2. අපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න අමතක කරන්න එපා. ඵතින් දර්ශකට වෙත පිවිස අපට ඔබේ බ්ලොග් ලින්ක් එක එවන්න.

    blogdharshakaya.blogspot.com

    ReplyDelete
  3. පින්තුර ටික හැමදාම වගේම නියමයි බං..

    ReplyDelete
    Replies
    1. ස්තුති දිනේශ්. ගොඩ කාලෙකින්

      Delete
  4. ලස්සනයි මචෝ....
    අර ඔටුව වැලි කන එකෙද්ද වැල්ලට හොම්බ ඔබන් ඉන්නෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. හිහි. ඔටුවට එකම තැන රවුම් කැරකිලා එපා වෙලා ඉන්නෙ.

      Delete
  5. හරිම සුන්දරයි.. අගේ අැති රූප ටික

    ReplyDelete
  6. ලස්සනයි අයියේ

    ReplyDelete
    Replies
    1. ආ.. ඔමා සෑහෙන කාලෙකින්

      Delete
  7. ඔයා මේ ඉන්න ටෙම්පලේට් එක වෙනස් කරොත් මේ බ්ලොග් එක ගොඩ දෙනෙක් දකින කියවන බලන රසවිදින බ්ලොග් එකක් වෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුති උපදේශයට. ඉකමනින් වෙනස් කරන්නම්.

      Delete