 |
අපේ කඳවුර |
ලංකාවේ ගෙවපු නිවාඩුවේ පින්තුර තව ඉතිරි වෙලා තිබුනත් පහුගිය දවසක අපි ගියපු ගමනක් පින්තුර ටිකක් ඊට කලින් පල කරන්න ඕන කියලා හිතුනා.
හුදෙකලාවේ ගෙවෙන යාන්ත්‍රික ජිවිත මොහොතකට අමතක කරලා මේ පොඩි චාරිකාව යන්න සැලසුම් කරගෙන හිටියේ සෑහෙන දවසක ඉදලයි. මගේ එක සගයෙක් වෙච්ච සුවාට තිබුණු කඳවුරු (Camping) උණ නිසා අපි ඒ චාරිකාව කාන්තාරයේ කඳවුරුලෑමක් බවට පත්කරන්න තීරණය කළා. හැබැයි මේ චාරිකාව පියවර දෙකකින් කරන්නයි අවසනේදී තීරණය උනේ.
පලවෙනි පියවර විදිහට දහවල් කාලයක අපේ කදවුර සදහා තැනක් හොයා ගන්න නියමු චාරිකාවක් විදිහටත්, දෙවෙනි පියවර රාත්‍රී කාලයේ අදාළ තැන කදවුරු බඳින්නත් තමයි සැලසුම උනේ. ස්ථානය උනේ කටාර් සිනමා නගරය ළඟ පිහිටපු අද්භූත ගම්මානය. මේ වසරේ මුලදීත් මං මේ තැනට ගියා. මේ තියෙන්නේ එදා එකතු කර ගත්ත පින්තුර ටික.
කටාර් රාජ්‍යයේ බටහිර වෙරළ ආසන්නයේ තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. දෝහා නගරයේ ඉදන් දුක්කාන් අධිවේගී මාර්ගය දිගේ ඇවිත්, Cuban රෝහල අසලන් උතුරු දිශාවට ගමන් කරන මාර්ගයෙන් ගමන් කලොත් ලේසියෙන්ම මේ ස්ථානය හොයා ගන්න පුළුවන්. මේ මාර්ගය අවසන් වෙන තැන ඉදන් වෙරලට සමාන්තරව කාන්තාරය දිගේ උතුරු දිහාවට යන්නයි තියෙන්නේ. ගුගල් සිතියමෙන් ලේසියෙන්ම තැන හොයා ගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන්නේ මේ ගමනේදී එකතු කර ගත්ත පින්තුර වලින් තිර ගත්ත ඒවා කිහිපයක්.
 |
අද්භූත භුමි ලක්ෂණ |
 |
ගවේශකයා (සුවා) |
 |
බිම්මලක් |
 |
ගමන් සගයා |
 |
අද්භූත ගම්මානයේ පිවිසුම |
 |
අපේ කඳවුර හැදුවේ මේ පින්තුරේ වම කෙලවරේ |
 |
සිනමා ගම්මානය |
ඉහල තියෙන පින්තුර දවල් කාලයේ ගමනේදී එකතු කර ගත්ත ඒවා. මෙතනින් පහල තියෙන්නේ දෙවෙනි පියවරේදී එකතු කර ගත්ත පින්තුර
 |
දුක්කාන් අදිවේගී මාර්ගය ඔස්සේ |
 |
සිනමා ගම්මානය රාත්‍රී අහස යට |
 |
පසුදින උදෑසන හිරු උදාවට ප්‍රථමයෙන් |
 |
Zikreet වෙරල |
 |
ඔය ඉන්නේ ගමන් සගයෝ ටික |
 |
සුරංගනා කතාවක් නෙමෙයි. මේ කාන්තාරය. |
ජංගම දුරකතනයේ කැමරාවෙනුත් පින්තුර කීපයක් ඇල්ලුවා
 |
පැනොරාමාවක් (ජන්ගමයෙන්) |
 |
ජංගම දුරකතනයේ කැමරාවෙන් |
 |
ජංගම දුරකතනයේ කැමරාවෙන් |
 |
ගමන අවසානයේදී අපේ ගමන් සගයාගේ ලස්සන |