"කොහොමද?"
උදේ වරුවෙ මමයි, අළුත් ඉන්දියන් එකවුන්ටනුයි කතා කර කර ඉන්න තැනට පාත් උනු අපේ මැනේජර් අරාබියෙන් ඇහුවා. මමත් ඉතින් හැමදාම ඇහෙන මේ ප්‍රශ්නෙට හැමෝම දෙන තනි අරාබි වචනෙ උත්තරක් දුන්නා. මගේ දිහා අමුතු විදිහට බලපු එකවුන්ටන් "ඔයාට අරාබිත් පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඕක ඉතින් නිතරම ඇහෙන එක නේ. ඒ නිසා දන්නවා." මම කීවා. ඇත්තටම මම අරාබි කතා කරන්න දන්නෙ නෑ. ඔය එහෙන් මෙහෙන් වචන දෙක තුනක් ගැට ගහගන්න පුරුදු උනෙත් මගේ අංශෙ වැඩ කරන අස්රෆ් නිසා. අශ්රෆ්ට අරාබි ඇරෙන්න වෙන මොන මල දානයක්වත් තේරෙන්නෙ නෑ. ඒ නිසා අසනීප වසු පැටව් ගැන අහ ගන්න කොහොම හරි මට අරාබි වචන දෙක තුනක් ඉගෙන ගන්න සිද්ධ උනා.
මගේ භාෂා දැනුම කොච්චරද කියනව නම්, සා. පෙ ට A එකක් තිබ්බට උපන් දවසේ ඉදලා ඇහෙන කතාකරන මගේ සිංහල භාෂා භාවිතයත් මෙලෝ රහක් නෑ කියලා ඇනෝ කෙනෙක් කලින් පෝස්ට් එකක කියල ගිහින් තිබුනා. ශිෂ්‍යත්වෙ සමත් වෙලා ටිකක් නම ලොකු ඉස්කොලෙකට ගිය එකෙන් කඩ්ඩ මද පමනින් ගැට ගහ ගන්න පුලුවන්කමත් තිබුනත්, ඒ කඩුවෙන් ලොකු ලොකු වැඩ කෑලී දාන්න ගියොත් නම් හොද හැටි ඇන ගන්නවා. අපේ ඉස්කෝලේ දෙමල භාෂාව අනිවාර්‍ය විෂයක් විදිහට ඉගැන්නුවත්, දෙමල උන් එක්ක එකම කාමරේ කල් ගෙව්වත් දෙමල භාෂාවත් කතා කරන්නට බැරි වෙච්ච එකනේ වැඩේ කියන්නේ. හැබැයි ඉස්කොලෙදි අපේ පස්ස පැත්ත පැලෙන්න වෙවැලෙන් තල තල දෙමල උගන්නපු සර්ට පින් සිද්ද වෙන්න දෙමල අකුරු කියවන්න නම් පුලුවන්. කියෙව්වට ඉතින් තේරුමක් දන්නෙ නැත්නම් ඉතින් ඒකෙන් තියෙන පලේ මොකද්ද? කොච්චර දෙමල යාලුවෝ ආශ්‍රය කලත් දෙමල කතා කරන්නට බැරි වීම නම් පුදුම දෙයක් තමයි.
ඒකටත් එක්ක උපතින්ම දෙමල උන උන් බහුතරයක් හොදට හෙලුවෙන් වනන්න දන්න හැටි. ලංකාවේ තියෙන එකම පශු වෛද්‍ය පීඨය නිසාම හැම තූත්තුකුඩියෙන්ම තේරුනු උන් අපේ පීඨෙට ආවා. අපේ කන්ඩායමට කිලිනොච්චියෙන්, යාපනෙන් ආපු සමහරුන්ට සිංහල වචනයක්වත් බෑ එද්දී නම්. ඒත් සිංහල කතා කරන්න ඉගෙන ගන්න ඒ අයට වැඩි කාලයක් ගියෙ නෑ. සිංහලෙන් කතා කරන්න ගිහින් ඉදල ඉදලා ඔය වචනවල අකුරු මාරු කරල ආතල් එකක් දුන්නට උන් සෑහෙන්න ඉක්මනට සිංහල ඉගෙන ගත්තා.
දෙමල උන් සිංහල කතා කරනව කීවම මට හැම වෙලාවෙම මතක් වෙන චරිතයක් තමයි ඉස්කොලෙ කාලෙ එකට හිටපු මිත්‍රයෙක් වෙච්ච ක්‍රිශා. උපතින් දෙමල උනත් ක්‍රිශාට උසස් පෙලකරන කාලේ වෙනකලුත් හරියට දෙමල ලියන්න බෑ. අනිත් භාෂාත් එහෙම තමයි. හැබයි ඉතින් සිංහල, දෙමල, ඉංග්‍රිසි තුනම කතා කරන්න නම් පුලුවන්. ක්‍රිශා සිංහල හසුරවද්දි ඌ දෙමලෙක් බව තේරෙන්නේ සමහර ශබ්ද හරියට කියවෙන්නෙ නැති වෙලාවට විතරයි. පිට්ටනියේ බෝල ගැහිල්ල්ල වලියකින් කෙලවර වෙනකොට ක්‍රිශා අනිත් උන්ට බනින්නෙ
"උඹලත් එක්ක ආය සෙල්ලම් කරන්නෑ. උඹලා ඔරු ඩෝ.. උඹල ඔරු" කියලයි. ස්වභාවයෙන්ම දෙමල අයට මේ 'හ' ශබ්දය කියවෙන්නේ නැති නිසා ක්‍රිශා හොරුන්ට කියන්නෙ ඔරු කියලයි. තත්වය දරුනු වෙලා වලිය කුනුහරපෙන් බැන ගන්න අවස්තාවට එනකොටත් ඕක පෙනෙනවා. එතකොට ක්‍රිශාට හුයන්න වෙනුවට කියැවෙන්නෙ උයන්නයි. සාමාන්‍යයෙන් අනිත් දෙමල අය කයන්න-ගයන්න, බයන්න-පයන්න, ඩයන්න ටයන්න, තයන්න-දයන්න පටලවලව ගන්න ගතියක් තියෙන්නෙ දෙමළ භාශාවේදී ඒ ශබ්ද වලට එකම අකුර පාවිච්චි වෙන නිසාද කොහෙද? ඒත් ක්‍රිශාට ඒව නම් පැටලුනේ නෑ. ඒ ගැන කියන්න ගිය අතරේ තව කතාවක් මතක් වෙච්ච හැටි.
මේ කතාව අර උඩින් කියපු අපේ පස්සවල වේවැල් පාර සටහන් කරපු දෙමල සර්ගේ කතාවක්. ඉස්කෝලේ ඇරුනට පස්සෙ ලග පාත ගමනක් යන්න මේ දෙමල සර් බස් එක්කකට නැග්ගලු. ඉස්කොලේ කොලු ගැටව් පොල් පැටෙව්වා වගෙ පටවලා තිබ්බ නිසා බහින තැන ලං වෙනකොට සර්ට දොර ලගට එන්න බැරිව හිරවෙලාලු. මහ හයියෙන් කෑ ගහපු සර් "ඉස්සරහා පහිනවා. ඉස්සරහා පහිනවා" කී සැනින් මුලු බස් එකම හිනා හඩින් පිරිලා ගියාළු. හැමදාම දෙමල බැරි අපට වෙවැල් පාර දෙන සර් සිංහල වරද්දපු හැටි පහුවදා මුලු ඉස්කොලෙටම කියන්න කොල්ලො අමතක නොකලේ සර්ගේ වේවැලත් එක්ක තිබ්බ තරහටයි. ඒ පයන්නයි, බයන්නයි පැටලුනු හැටියි.
මේ රටට එන්න ලෑස්ති වෙන කාලේ විකිපීඩියාවේ හොයල බලද්දි නම් තිබ්බේ මෙහේ අරාබි වගේම කඩ්ඩත් එක වගේ පාවිච්චි වෙනවා කියලයි. එත් ඉතින් ඒක බොරු කියල තේරුනේ ගුවන්තොටුපලින් එලියට එන්නත් කලින්. මෙහෙ ඉන්න අරබි උන් බහුතරයක් කතා කරන්න දන්නෙ අරාබි විතරයි. මුකුත් ඕන නෑ. අවුරුද්දකට දෙපාරක් යුරෝපෙට යන, එක පාරක් ඉන්දියාවට ගිහින් එන, මෙහෙ තියෙන ලොකුම ප්‍රසිද්ධම හෝටලයක අයිතිකාරයා වෙච්ච අපේ සමාගමේ අයිතිකාරයට කඩ්ඩ බෑ කිව්වම මදිද? උන්ගේ භාෂාව අරාබි උනාට මෙහෙ වැඩිපුරම කතා කරන්නේ හින්දි වෙන්න ඕනෑ. ඒ මේ රටේ ජනගහනයෙන් 80% කට වඩා පිට දේශක්කාරයෝ නිසයි. ඒකෙන් වැඩි පංගුවක් ඉන්දියානුවෝ. ඊට පස්සෙ නෙප්පො නොහොත් නේපාලි. ඊට අමතරව පිල්ලො නොහොත් පිලිපීන, මිසරි නොහොත් ඊජිප්තු, ශ්‍රී ලාංකික(අනිත් උන් අපට කොහොම කියනවද දන්නෙ නෑ), බන්ගෝ නොහොත් බන්ගලි, සූඩයෝ නොහොත් සූඩානී එකී නොකී මෙකී ජාති ගොඩක් ඉන්නවා. අරාබි කතාකරන එවුන් හැරුනම අනිත් ජාති බහුතරයක් අදහස් හුවමාරු කරන්න භාවිතා කරන්නේ හින්දි. ඒ නිසාම මට නම් හිතෙන්නෙ මෙහෙ අරාබි වලට වඩා හින්දි භාවිතා කරනවද කොහෙද කියලයි. පුදුමෙ කියන්නෙ මේ හිංදි කියන භාෂාව මේ ජාති එකකවත් මවු බස නෙමෙයි නේ. ඇයි ඉන්දියන්. නෑ නෑ. මෙහෙ ඉන්න ඉන්දියන් කාරයන්ගෙන් බහුතරයක් කේරලේ ඉදල ආපු මලයාලම් කතාකරන මලයෝ. අනිත් ප්‍රාන්ත වල උනුත් ඉන්නවා. එත් මට තාම හම්බ වෙලා නෑ මව් බස හින්දි වෙච්ච ඉන්දියානුවෙක්. අපේ ඉන්ඩියන් එකවුන්ටන්ට් කර්නාටක් ඉදලා ඇවිත් ඉන්නෙ. මිනිහට හින්දි වචනයක්වත් බෑ.
කොහොම උනත් මේ මැද පෙරදිග කතා කරන භාෂාවට හින්දි කීවත් මේක හින්දි වලට අරාබි සහ ඉංග්‍රිසි එකතු වෙලා හැදුන අලුත්ම භාෂාවක් කියලයි මට හිතෙන්නෙ. මොකද මෙහෙ කතා කරන හින්දි භාෂාව හසුරවන්න මට තරමක් පුලුවන් උනත් හින්දි චිත්‍රපටියක් බැලුවම ඒ තරම් තෙරෙන්නෙ නැති නිසා. චිත්‍රපටි වල තියෙන හැබෑ හින්දිත් මෙහෙ පාවිච්චි කරන හින්දිත් වෙනස්. මොනවා උනත් මම හිතන්නෙ මේ රටවල්වල තියෙන අරාබි භාෂාවටත් මේ හින්දි මුහු වෙලා වෙනස් වෙයි කියල හිතෙනවා වැඩි කල් නොගිහින්ම.

No comments:
Post a Comment