නෙලා දෝතින් |
මීට වසරකට විතර කලින් දෝහා ගුවන්තොටෙන් ගොඩ බැහැල මාව එක්ක යන්න ආ වාහනේ නැගල මං මේ නගරයෙන් එලියට ආවා. මුලින්ම සුපිරි වාහන් පිරුනු වීදී පහුකරන් අධිවේගී මාර්ගයකටත්, එතනින් මිනිස් පුලුටක් තියා ගහක් කොලක් වත් නැති වියලිච්ච් කාන්තරේ මැද්දෙනුත් ආපු මම නතර උනේ කාන්තරේ මැද තියෙන ගොවිපලක. එදා ඉදන් මාස කිහිපයක් යන තෙක් මං මේ තාප්පයෙන් එලියට ආවේ කිහිප විටක් විතරයි, වාහනයක් ලැබුනයින් පස්සෙ ඕනම මොහොතක එහා මෙහා යන්න හැකියාව ලැබුනත් මේ විශාල නගරයට නම් මං ගියේ අත්‍යවශය කාරනා වලට විතරමයි. මොකක් හෝ කාරනාවක් නිසා මේ විසල් නගරය ගවේෂනය කරන්න උවමනාවක් මට ඇති උනේ නෑ. මේ නගරයේ මං දන්න කියන කිසි කෙනෙක් නැති නිසාත්, නොදන්න නගරයක් ගවේෂනය කරන්න උද්‍යෝගයක් තියෙන හිත මිතුරු සගයෙක් නැති වීමත් මේකට හේතු වෙන්න ඇති. ඒ නිසා මේ නගර කොතරම් දියුනුද, ලස්සනද කියල අදහසක් පල කරන්න තරම් මං දෝහා නගරය දැකලා නෑ.
ඒ වෙනුවට ගොවිපලේ තාප්පයෙන් එපිට තියෙන හිස් කාන්තාර භූමිය ගවේෂනය කරන්න මං ටිකෙන් ටික පුරුදු උනා. නිදහස් හිරකරුවෙක් වගේ කියලා සමහර විට මට දැනෙන මේ ගෙවෙන ජිවිතයේ තනිකම දැනෙන මොහොතවල් වල මං මේ කාන්තාරේ වටේ ඇවිද්දා. සිව් සක දාවකයක් හෙවත් ෆෝ වීල් ඩ්‍රයිව් නොවුන මගේ වාහනේට වද දෙමින් මම කාන්තාරේ පුරා ඇවිද්දා. විශේෂයෙන්ම මට ගෙවාගන්න අමාරුම දවස් උනු නිවාඩු දවස් වල. මේ ගමන් වලදි මං දුටු දේවල් සටහන් කර ගත්තේ මගේ කැමරාව.
ඉතිං මේ විදිහට පහුගිය සතියේ නිවාඩු දවසක මං වාහනේ කාන්තාරය දිහාවට කැරකුවා. කලින් ගවේෂනය නොකරපු ඉසව්වකින් පටන් ගත්ත ගමන කුරුල්ලො කිහිප දෙනෙක් පස්සෙනුත් , අන්තිමේ බටහිර ක්ෂිතිජයේ හැංගෙන ඉර පස්සෙනුත් ගමන් කරල තමයි නැවතුනේ. මේ ඒ ගමනේ සටහන් කර ගත්ත පින්තුර. අල්ල ගත්ත හොදම පින්තුරේ තමයි උඩින්ම දැම්මේ.
ගොඩ බිම නැව් |
නැවකුයි, පොඩි පහේ බෝට්ටුවකුයි |
ජිවන සටන |
මිට වඩා ලං වෙන්න දුන්නෙම නෑ |
තවත් කුරුල්ලෙක්. මේ ඇමරිකන් කුරුළු හමුදාව |
පාළු නැසීම |
camouflage - crested lark මියුරු ගායකයෙක් |
සමබර - මාල කොබෙයියා |
සිමා මායිම් නැති |
රිටි පන්නයයි ලොකු පොඩි යි මට වැඩියෙන් ලස්සනයි. අර ඔටුවගෙ ඉස්සරහ කකුල් එකට බැඳල ද තියන්නෙ.
ReplyDeleteමමත් වැඩියෙන්ම කැමති ඒ දෙකට තමයි.
Deleteඔටුවො නිදැල්ලෙ අරිනකොට මේ විදිහට කකුල් ගැට ගහල තමයි දාන්නෙ.ේතකොට හයියෙන් දුවන්නබැරි නිසා වෙන්න ඇති.
පලවෙනි පින්තූරෙයි ලොකු පොඩි එකයි මරු....එතකොට චමින්දගෙ උදව්වට කවුරුත් නැද්ද? වාහනේ GMC Acadia එකක් වගේ... (o)
ReplyDeleteරාජකාරි කරනකොට නම් උදව්වට ඉන්නව ගොඩක්. විශ්වවිද්‍යාලයේ එකට හිටපු සගයො දෙන්නෙකුත් ඉන්නව මගෙ ගොවිපලේම. ඒත් 3දෙනාට වෙන වෙනමයි නිවාඩු ලැබෙන්නෙ.
Deleteමේක GMC terrian එකක්
ලොකු පොඩි කියන ෆොටෝවට උඩින් තියෙන්නේ දේශ සීමාවද? අපූරුයි ඔය වාහනේ ෆෝ වීල් නැද්ද? පෙනුමේ හැටියටනම් තියෙන්න ඕනේ වගේ (h)
ReplyDeleteනෑ. ඒ අපේ ගොවිපල් ලග තියෙන තව ගොවිපලක සීමාව.
Deleteෆෝ වීල් නැති එක තමයි මේකෙ එකම අඩුව.
මේ emoticon ටික කොහොමද දැම්මේ ?
ReplyDeleteමේවා මේ අච්චුව templet එක දැම්මම නිකම්ම ආවා.
Deleteඒක නෙමෙයි මොකද ඉවාන්ගෙ බ්ලොග් එක අපට එන්න බැරි වෙන්න වහල දාල තියෙන්නෙ
[-(
ReplyDeleteඔබගේ ශෛලිය අනුව ඔබ ලියන්න බෝම ටිකයි නේ.. ඒක නිසා ඒ ටික කියවන්නාට පැහැදිලිව අපහසුවකින් තොරව කියවන්න හැකි වෙන විදියට හදන්න. ඔබ මේ අකුරු වෙන තැනකින් ගෙනැත් අලවන නිසා ලයින් අතර ස්පේස් එක පවා වැඩි කරන්න ඕන. ජය වේවා.. නියමයි..
ReplyDeleteමම ගොඩක් විට බ්ලොගර් එකේමයි ටයිප් කරන්නෙ. ඒත් මේ අච්චුවේ අකුරු පොඩිවට පෙන්නන නිසා අකුරු වල ප්‍රමානය වැඩි කරනවා. උත්සහ කරන්නම් මීට වඩා කියවන්න ලේසි විදිහට හදන්න
Deleteනියමයි චමින්ද. අදමයි මේ පැත්තට ආවෙ.
ReplyDeleteපින්තූර ටික නම් අපූරුයි.
සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට. ස්තුති.
Deleteඒක නෙමේ.. කාන්තාරේ ඉදලා ඔටුවෙක් පිටේ ගිහින් නැද්ද ? මම නම් ගිහින් නෑ.. යන්න ආසයි. මරු අත්දැකීමක් වේවී ඒක.. :)
ReplyDeleteපින්තූර ගැන කියන්න දෙයක් නෑ ලස්සනයි.
තාම නෑ නේ අවස්තාවක් ලැබුනෙ. පහුගිය කාලේ මෙහෙ පැතිරෙන්න ගත්ත MERS කියන ලෙඩේ මේ ඔටුවන්ගෙන් එනව කියල කියපු නිසා මම බයේ හිටියෙ ඔටුවෙක් ලගට යන්නවත්. ඒත් දැන් නම් ආසයි ඔටුවෙක් පිටේ යන්න
Deleteපිංතූර ගැනනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ ලස්සනයි කියලා තමයි මචං..
ReplyDeleteස්තුති දිනේශ්
Deleteඅප්පා දෝහා නගරේ මැද්දෑවේ ඉන්නවට වඩා ඔහොම ඉන්න එක හොඳයි. ඔබටනම් දවසකින් දෙකකින් නගරය එපා වෙයි.අපිට ලස්සන ෆොටෝ ටිකක් බලන්න පුළුවන් ඔහොම ඉන්නකොට . අර අං තියෙන සුදු මුවෝ එහෙම දැක්ක නැද්ද? මමත් කාලයක් දෝහා ඉඳන් අල්කොර් ගියා උදේ හවා . එතකොට තැන තැන පොඩි ගොවිපල දැක්කා .
ReplyDeleteඔව්. මම කැමති නගරයෙන් ඈත් වෙලා මේ ඩොටේ කාන්තාරෙ ගෙවෙන ජීවිතේට. ඒත් කැමති නගරේ වටේ ඉද හිටල ඇවිදින්න තියෙනව නම්. විෂේශයෙන්ම රෑට.
Deleteඔය කියන්න ජාතියේ මුවෝ ඉන්නව අපේ ශේක්ට අයිති අනෙත් ගොවිපලක. වෙලාවක ගිහින් පින්තුර ටිකක් අරන් එන්නයි හිතන් ඉන්නෙ.
මම මේ ඔබේ බ්ලොග් සටහන් දිගේ පස්සට පස්සට ඇවිදින ගමන්.මමත් එක සැරයක් දෝහා නගරයට ගියා රාජකාරී වැඩකට. මට ගන්න බැරි උන චායාරූපයක් ගැන අදහසක් දෙන්නම්... මට මතක විදියට ගුවන් යානා බාන්න හරි , අහසට නග්ගන කොට හරි මහ පාරට සමාන්තරව බොහොම ලන්ගින් යනවා නේද..
ReplyDeleteතාර පාරේ ගුවන් යානයේ ඡායාව වැටුනම එතන පින්තූරයක් තියෙනවා කියලා හිතුනා