මේ මල් බහුතරයක් හරිම පුංචි. ඕනෑකමින් බැලුවේ නැත්නම් සමහර ඒවා පේන්නෙත් නෑ. ඉතින් මේවා ගන්නත් උදව් උනේ මගේ sigma 70-300mm DG Macro කියන close-up කාචය.
ලොවම හැඩ කරනවෙය් වහසිබස් නොදෙඩුවත්
දුටු මතින් හිත් අරන් නෙලන්නට නොසිතුනත්
නෙක් ගැහැට විදදරන් රැදෙන්නට හැකිඋනත්
අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ..
කවිය මගේ නෙමෙයි ඔන්න. මගේ ගොඩක් පරන පින්තුරෙකට මගේ යෙහෙලියක් ලිව්ව එකක්.
මේ උඩ මලේ පොහොට්ටු |
ඇයි අපි මල් නෙමෙයිද |
Alpha alpha කියන සත්ව පාලනයේදී වැදගත් වන පැළෑටියේ මල් |
උඩ පින්තුර දෙක නම් මම මීට කලින් කටාර් සිනමා ගම්මානය බලන්න ගිය ගමනේ පින්තුර එකතුවට එකතු කරපුවා. මෙතනටත් අදාල නිසා එකතු කළා.
සුදු පාට මල් පින්තුර අල්ලන්න හරිම අමාරුයි. ඉක්මනින් අධි අනාවරණයට ලක් වෙනවා. |
මේ මල් දැක්කේ අහම්බෙන් වගේ. හරිම පුංචි මේවා. මේවා දැක්ක ගමන් මට මතක් උනේ අපේ ගම පළාතේ හරි හරියට හැදෙන කරඹ පැදුරු. කරඹ මල් තරම් මේ මල් නම් ලොකු නෑ. එත් පඳුර නම් කරඹ වගේම කටු තියෙන පඳුරක්.
අද, ඊයේ සහ පෙරේදා. |
"උබ නුවර එළියේ ගිහින් තකහනියේ අබ පැළද ගලවන් ආවේ. උබට පිස්සුද?" කියල ඇහුවලු.
ලස්සනයි...
ReplyDeleteටැංකු ටැංකු :)
Deleteලස්සන පින්තූර ටික...ඔය කහපාට මල් යායක් මම ඉන්න හරියේත් තියෙනවා..පින්තූර කීපයක් ගන්න හැදුවත් මට හරියන විදියට ආවේ නෑ.....DSLR එකකට තමයි දැන් ටාගට් එක...
ReplyDeleteඅප්පේ දැන් ඉතින් ඕක ගන්න කල් නින්ද යන්නේ නැති වෙයි. මමත් කාලයක් තිස්සේ බලන් ඉදල තමයි කැමරාව ගත්තේ. එත් ඉවර නෑ. දැන් අලුත් ලෙන්ස් එකක් ගන්නේ කවද්ද කියල බලන් ඉන්නේ.
Delete//අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ..// 'ගත්තොත් ඔප දමා - අප ද මැණික් තමා' කිව්වලු.. :)
ReplyDeleteඅද පින්තූර වලින් මට වැඩියෙන්ම ලස්සන පලමුවෙනි එක.. අන්තිම කතාව තමා මරු... චමින්ද ගෙ බොලොග් එකත් නිතරම හැඩ වැඩ වෙන පාටයි.. :D
ඔව්. තාම මම හරියන අච්චුවක් හොයනවා. නිතර නිතර වෙනස් කරන එක හොද නෑ නේ. :)
Deleteලස්සනයි මචං.. මටත් හිතයි ෆොටෝ ගැනිල්ල ආයෙම පටන් ගන්න..
ReplyDeleteස්තුති. පටන් ගන්න. පටන් ගන්න.
Deleteමල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා... !
ReplyDeleteපෙනෙනවා දකිනවා කියනා ඒවා. හරිද මන්ද
Deletewoow නියමයි ,,ලස්සනයි ,,බ්ලොග් එකේ අකුරු ගොඩක් පොඩි වෙලා අයියේ පැහදිලි නැහැ හදන්න ඒක
ReplyDeleteස්තුති. මේ අච්චුවේ අකුරු පොඩිවට පෙන්නන්නේ. ඔන්න පොස්ට් එකේ අකුරු ලොකු කලා.
Delete