Showing posts with label සඳ. Show all posts
Showing posts with label සඳ. Show all posts

Tuesday, December 17, 2013

පුරා හඳ - Full Moon

©wmcwickramasinghe|2013

ඊයේ පෝය නේ. ඒ කියන්නේ අර පොඩි කාලේ සිංදු වල ඇහුව වගේ රන් තැටියක් වගේ පිරිච්ච හඳක් අහසට එන දවස. මේ වැලි කතරේ නම් පුර හඳ දවස ලොකු වැදගත් කමක් තියෙන දවසක් නොවුනත් මම නම් ටිකක් හඳ ගැන සෝදිසියෙන් ඉන්නේ. මොකද පෝය පහු උනාට පස්සේ හඳ අහසට එන්න ටික ටික පරක්කු වෙනවා. ඒ කියන්නේ තව සතියකින් විතර හොද කළුවර අහසක් එනවා රෑට. හොදටම කළුවර දවස්, විශේෂයෙන්ම අමාවක දවස් කියන්නේ star trail, ක්ශීරපථය  වගේ අහසේ තියෙන දේවල් වල පින්තුර ගන්න පින්තුර ගන්න කියාපු දවස්. කලින් පොස්ටුවක මම දැම්ම නේ ඒ වගේ පින්තුර කිහිපයක්. බැලුවේ නැති අය මෙතනින් ගිහින් බලන්න. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ ඒ වගේ කළුවර රැයක් එනකල් මගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න.
ඉතින් ඔය සෝදිසියෙන් ඉන්න අතරේ ඊයේ හඳ දිහාට හරවපු මගේ කැමරාවේ සටහන් උණු පුරා පෝය හඳ තමයි ඔය උඩින් තියෙන්නේ.

ඒ අතරේම පෙරේදා අහස වහගෙන හිටපු කළු වලාකුළු අස්සෙන් හඳ එබිලා බලපු විදිහ මං සටහන් කරගත්තු විදිහ තමයි පහලින් තියෙන්නේ.

©wmcwickramasinghe|2013
හොද හෝ නරක කියල කමෙන්ටුවක් දාල යනවා නම් සතුටුයි ...