Showing posts with label වන ජීවී. Show all posts
Showing posts with label වන ජීවී. Show all posts

Thursday, June 12, 2014

සමර් එකේ කුරුල්ලෝ

ගිනි ගහන සමර් එක ඇවිත්. කාෂ්ටක අව්ව මදිවට ගිනි දලු වගේ හුලඟ. නොහිතපු විදිහට මැයි මාසෙ අග උෂ්නත්වය වැඩි උනත්, ගිය සති අන්තෙ ටිකක් විතර රස්නෙ අඩු උනා. එලියට බහින්න පුලුවන් විදිහෙ කාලගුණයක් තිබුන නිසා මං සෙනසුරාදා නිවාඩු දවසේ කැමරාවත් එක්ක එලියට බැස්සා.හැමදාම වගේ මගේ ඉලක්කය කුරුල්ලෝ. 


පහුගිය සෞම්‍ය කාලේ හිටපු කුරුල්ලෝ ගොඩ දෙනෙක් දැන් නැති හැඩයි. විශේෂයෙන්ම මං කැමතිම කුරුල්ලෙක් වෙච්ච Hoopoe එක්කෙනෙක්වත් පෙන්න නෑ. 



ගොවිපලේ හැම තැනම විසිරිලා ඉන්න Grey Francolin රංචු වලින් නම්  අඩුවක් නෑ. මේ දවස්වල මෙයාලගෙ රංචුවල පුංචි පැටව් පිරිල. බොහෝ විට රංචුවක ඉන්නෙ ලොකු සත්තු දෙන්නෙකුත් පැටව් දහයකුත් විතර තමයි. මේ විදිහෙ රංචු ඈතට දැක්කට කැමරාවේ සීමාවට නම් ලංවුනේ නෑ නිකමටවත්. හැංගෙන්න, පලා යන්න හරිම දක්ෂයි මෙයාලා. සමහර වෙලාවට හිමින් හිමින් ලං වෙන්න හැදුවත් ලගට එනකල් හැංගිලා ඉදලා, කැමරාව මාන්නන්න ඉඩක් නොතියම පැනලා යනවා. කොහොම හරි මට අල්ල ගන්න පුලුවන් උන ජෝඩුවක් තමයි මේ.





හැබැයි මෙහෙ නිත්‍ය පදිංචි කාරයෝ ටිකක් වන White cheaked bulbul ල නම් ඕන තරම්. 

White cheaked bulbul


කලින් ඉදහිට දකින්න ලැබුන Red Vented Bulbul එහෙමත් නැත්නම් අපි කවෘත් දන්න කොන්ඩ කුරුල්ලො නම් දැන් වැඩි වෙලා වගේ. 




මේ අතරෙ පහුගිය කාලේ පෙන්න නොහිටිය අලුත් කෙනෙක් හැම තැනම ඉන්නවා. ඒ Rufous Bush Robin. හරි ලස්සන නැට්ටක් තියෙන හරිම ක්‍රියාශීලි මෙයා වැඩිපුරම දකින්න

 ලැබෙන්නෙ බිම කෑම හොය හොය ඉන්නකොට තමයි. කලින් දැකල 

තිබුන කෙනෙක් නොවන හින්ද මෙයාගෙ ඉරියව් වැඩි ගනනක් සටහන් 

උනා. 












Wednesday, January 15, 2014

කුරුල්ලෝ 2 - Birds of Qatar 2


කාන්තාරයේ කුරුල්ලෝ දෙක ඔන්න ගේනවා. කලින් කුරුල්ලෝ ටික දැක්කේ නැත්නම් මෙතනින් බලන්නකෝ. මේ දවස් වල සිතල නිසා පින්තුර අල්ලන්න එලියට යැවෙන්නෙත් නෑ. හැබැයි ඒ වෙනුවට බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා වගේ. 

White-throated Munia (Lonchura malabarica)
මෙයා අපේ වී කුරුල්ලා වගේ තමයි. ලංකාවෙත් ඉන්නවද මන්ද. ටිකක් ලැජ්ජාව අඩු කෙනෙක් නිසා හොරෙන් හොරෙන් ලං වෙන්න පුළුවන්. ඒ නිසාම හොද පැහැදිලි පින්තුර ගන්න පුළුවන්. 

White-throated Munia (Lonchura malabarica)
කෝ මේ වතුර 
White-throated Munia (Lonchura malabarica)
White-throated Munia (Lonchura malabarica)
Common Myna (Acridotheres tristis)

ඔව්. මේ ලංකාවෙත් ඉන්න මයිනම තමයි 

කොහොමද මගේ කොන්ඩ ඉට්ටයිල් එක. ජෙල් එහෙම ගාලා තමයි පිරුවේ
-මයිනා-



Common Rock Thrush (Monticola saxatilis)

මෙයා Common Rock Thrush කියලයි මට හිතෙන්නේ. එත් හරියටම කියන්න නම් දන්නේ නෑ. 
මෙච්චර තමයි. මිට වඩා උස අතු නෑ. 
 Grey Wagtail (Motacilla cinerea)


Grey Wagtail (Motacilla cinerea)

White Wagtail (Motacilla alba)

ලස්සන නිතරම දකින්න ලැබෙන කුරුල්ලෙක්. සිත කාලෙත් එක්කම මෙහෙට ආපු මෙයාල මේ දවස් වල හැම තැනම දකින්න ලැබෙනවා. ගහක් කොලක් උඩ නම් නවතින්නෙම නෑ. පොලාවේම තමයි ඉන්නේ. 

White Wagtail (Motacilla alba)
White Wagtail (Motacilla alba)
Grey Francolin Francolinus pondicerianus
වටුවෝ වර්ගයක් වගෙයි පෙනෙන්නේ. හරිම සලයි අපේ ගොවිපල අවට. එත් පින්තුරයකට අල්ල ගන්න නම් ලේසි නෑ. හරිම දක්ෂයි හැංගෙන්න. ලංකාවෙත් මෙයා ඉන්නවා කියලයි කියන්නේ. එත් ලංකාවේදී නම් මෙයාව මම දැකල නෑ තාම. 
http://en.wikipedia.org/wiki/Gray_Francolin
Grey Francolin Francolinus pondicerianus


White-tailed Plover (Vanellus leucurus)කියලයි සැක කරන්නේ.
හරියටම විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කමෙන්ටුවක් කොටන්න 
Isabelline Shrike (Lanius isabellinus)

ඉදල හිටලා දකින කෙනෙක්. ගොඩක් ලගට ගිහින් පින්තුරයක් ගන්න අවස්ථාවක් ලැබුන මට.


Isabelline Shrike (Lanius isabellinus)
Hoopoe 

මම ගොඩක් කැමති කුරුල්ලෙක්. හරිම ආඩම්බර කාරයෙක්. ඊශ්‍රායලයේ ජාතික පක්ෂියාලු. අපේ අපුර්වී දන්නවා ඇති ඒ නිසා. මෙයත් ලංකාවේ දකින්න පුළුවන් කියල තමයි විකිපිඩියාව නම් කියන්නේ. 

http://en.wikipedia.org/wiki/Hoopoe
Hoopoe
Richard's Pipit (Anthus richardi)
මම අදුර  ගත්ත විදිහට මෙයා Richard's Pipit වෙන්න ඕන. අපේ ගොවිපලේ තණකොළ බිම් වල පුංචි කෘමියෝ අහුලා අහුලා ඉන්න මෙයාල ඕන තරම් ඉන්නවා මේ දවස් වල. 
Richard's Pipit (Anthus richardi)
Richard's Pipit (Anthus richardi)
Richard's Pipit (Anthus richardi)

Crested Lark (Galerida cristata
මෙයත් වර්ණවත් නැති උනත් ලස්සන කුරුල්ලෙක්. ඔලුවේ තියෙන කිරුල නිසයි අනිත් lark වර්ග වලින් වෙන් කරලා අදුර ගන්න පුළුවන්.
Crested Lark (Galerida cristata)

 Greater Flamingo (Phoenicopterus roseus

මෙයා නම් ගොඩක් රටවල් වල ඉන්න කෙනෙක් කියලයි විකිපිඩියාව කියන්නේ. ලංකාවෙත් දකින්න ලැබෙනවා නේ.  http://en.wikipedia.org/wiki/Greater_Flamingo


තෙයියත් තරිකිට
Greater Flamingo (Phoenicopterus roseus)



 පහල දෙන්නගේ නම් හොයා ගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනා.

අනේ මේ පහලින් ඉන්න අසරණයාගේ නමත්  නම හොයාගන්න බැරි උනා. 



දැනට මෙච්චරයි. ඉදිරියට තව එනවා. පින්තුර ටික ගැන මොකද හිතන්නේ කියල පහල කමෙන්ට් කොටුවේ කොටලා යන්නකෝ බලන්න. 

Saturday, January 11, 2014

කාන්තාරයේ කුරුල්ලෝ - Birds of Qatar

මෙහෙට ආපු මුල් දවස් වල මම හරියට පුදුම උනා අපේ ගොවිපල අවට ඉන්න කුරුල්ලෝ දැකලා. ඇත්තටම මේ කාන්තාරේ කුරුල්ලන්ට ඉන්න පුලුවන්ද? ඇයි බැරි? මේ ඉන්නේ යස අගේට. කුරුල්ලෝ කියන්නේ මම පින්තුර ගන්න කැමතිම විෂයක්. එත් මගේ ලග තියෙන සම්පත් වලින් කරන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. මේ බොහොමයක් පින්තුර 70-300mm sigma කාචයෙන් තමයි ගත්තේ.

1. කොබෙයියා - මෙහෙදී මට කොබෙයි වර්ග 3ක් හම්බ උනා
Laughing Dove (Spilopelia senegalensis)

Laughing Dove (Spilopelia senegalensis)



Laughing Dove (Spilopelia senegalensis)
ටිකක් නා ගත්ත 


Namaqua Dove (Oena capensis)මෙයා උඩ ඉන්න කෙනාට වැඩ ටිකක් වෙනස් කෙනෙක් 

Eurasian Collared Dove (Streptopelia decaocto)බොහොම අමාරුවෙන් තමයි මෙයාගේ පැහැදිලි පිතුරයක් ගත්තේ. නිතරම දකින්න ඉන්න කෙනෙක් උනත් මගේ කාචයට ලං වෙන්න පුළුවන් සීමාවට එද්දී ඉගිලෙනවා 

2. කොන්ඩ කුරුල්ලෝ - ලංකාවේදී දකින කොන්ඩ කුරුල්ලා (Red Vented Bulbul) ඉදල හිටලා මෙහෙ දකින්න ලැබුනත් පහල ඉන්න කෙනා තමයි නිතරම දකින්න ලැබෙන්නේ
White-eared Bulbul (Pycnonotus leucotis)


White-eared Bulbul (Pycnonotus leucotis)

3. පරවියෝ
හැම තැනම ඉන්න සුපුරුදු පරෙයියා
Rock Pigeon Columba livia




අලුත් කුරුල්ලෙක්. බකට් පරවියා
4. බකමුනෝ
Short-eared Owl (Asio flammeus)

Eurasian Scops Owl (Otus scops)
මේ ඉන්නේ හොරෙක්
5. gay කුරුල්ලා නෙමෙයි ගේ කුරුල්ලා 

House Sparrow (Passer domesticus)
House Sparrow (Passer domesticus)
6. නොදන්නා
මෙයා Tree Pipit, (Anthus trivialis )කියලයි මම හිතන්නේ. ටක්කෙටම කියන්නට දන්නේ නැත 
තව පින්තුර ටිකක් තියෙනවා කුරුල්ලන්ගේ. එක පොස්ට් එකට පින්තුර ගොඩක් පුරවන්න හොද නෑ නේ. ඉතුරු ටික වෙනම එකකින් දාන්නම්.