Showing posts with label කළු සුදු. Show all posts
Showing posts with label කළු සුදු. Show all posts

Tuesday, May 20, 2014

කළු සුදු - BLACK n WHITE

කළු- අදුරු බව, ගුප්ත බව, භයංකාරබව, දුක, අවාසනාව සංඛේතවත් කරන වර්ණයක්ලු.
සුදු - පිරිසිදු කම, සැදැහැත්බව, සුන්දරත්වය් සේම තවත් විටෙක මරනය, ශෝකය හගවන දනවන වර්ණයලු. 
ඒත් මේ දෙකම ඇති විට විවිද හැගීම් දනවන්න පුලුවන්. 
වෙලාවක අපි ජිවිත වගේම මිනිස්සුන්වත් කළු, සුදු විදිහට වර්ග කරන්න උත්සහ කරනවා. හමේ වර්ණයෙන් නෙමෙයි. ගතිගුන වලින්. ඒත් එහෙම කළු හරි සුදු හරි මිනිස්සු ඉන්නවද? නෑ. මං නම් දන්නෙ කළු සුදු මිශ්‍ර මිනිස්සු විතරමයි. ඒත් ඒ අළු නෙමෙයි. කළු - සුදු. 

කළු සුදු ගැන ලීවේ මේ සැරේ පල කරන් පින්තුර කිහිපය කළු සුදු ඒවා නිසයි. වර්ණ පින්තුර වලට වඩා කළු සුදු පින්තුර හැගීම් දනවන්න සමත් කියලයි මට නම් හිතෙන්නෙ. වර්නවත් පින්තුර ගන්න පුලුවන් යුගයක ඉද්දිත් තාම මිනිස්සු කලු සුදු පින්තුර ගන්නෙ ඒ නිසා වෙන්න ඕන. 
ඉතින් මාත් උත්සහ කලා කළු සුදු පින්තුර කිහිපයක් හදන්න. ඔව්. මේවා මුලින් වර්න පින්තුර විදිහට සටහන් කර ගත්ත නිසා, පස්සෙ ඒවගෙන් කලු සුදු පින්තුර හදන්න උනා. 
හැමදාම වගේ මුලින්ම පල කරන්නෙ මං වැඩියෙන්ම කැමති පින්තුරයයි. මේකෙ නම් මුල් පින්තුරෙත් වර්න අඩු කළු සුදු වලට ආසන්න පින්තුරයක්. 
ප. ස. - අද සටහන කෙටි. ගොඩ දවසකට පස්සේ රෑ වෙලා කැමරාව අරන් එලියට බැහැල පොඩි ව්‍යාපෘතියක් කරන ගමනුයි මේ ටිකත් කෙටුවේ ජංගම දුරකතනයෙන්. 


අට



මගේ සමුගත්ත පූස් මිතුරා සහ සෙවනැල්ල 
 

හුදෙකලාව 











Saturday, January 25, 2014

ආරාධනා


©wmcwickramasinghe|2013

ගොවිපලේ දොරටුවෙන් එලියට ඇවිත් තාර පාරක් දිගේ ප්‍රධාන පාර දිහාවට ඇදෙද්දී දකුණු පසින් පෙනෙන ඉඩ කඩ මම අඩුවෙන්ම ගවේෂණය කරපු පෙදෙසක්. ගොවිපලෙන් එලියට එන හැම මොහොතකම මේ පැත්තට තිබෙන වැලි පාරක්, ඒක දිගේ එන්න කියල මට ආරාධනා කරනවා වගේ දැනුනත් ඒ පැත්තට වාහනේ හරවන්න මට වෙලාවක් තිබුනේ නෑ. මෑත දවසකදී ඒ ආරාධනාව පිලි අරන් ඒ පැත්තට වාහනේ හැරෙව්වේ ගීතයක පදයකුත් මුමුනගෙන. "අනන්තයට යන පාර දිගේ".
ඉතින් ඔය පාරේ යද්දී හිතේ මැවුණු පින්තුරෙකුත් සටහන් කර ගත්තා. ඔව්. මම දුටු පින්තුරේ වර්ණ දෙකයි. කළු, සුදු. කැමරාවේ සටහන් වෙච්ච පින්තුරේ ටිකක් හැඩ කර ගන්න මුණු පොතේ පින්තුර සමුහ වල සාමාජිකයෝ ගොඩක් උදව් කරා.