අද නිවාඩුවක් ගත්තා. පහුගිය මාසේ පුරාවටම තිබ්බ දැඩි හිතල නිසාම පින්තුර අල්ලන එකත් ටිකක් අඩු වෙලයි තිබුනේ. එත් දැන් නම් ටිකක් සිතල අඩු වෙලා යනවා වගේ. හැබැයි උදේ 8 විතර වෙනකල් තද මිදුමකින් පළාතම වැහිලා යනවා. අද උදේ ටිකක් පරක්කු වෙනකල් නිදාගෙන ඉදල නැගිටලා එලියට ගියේ මේ මිදුමත් තුරන් උනාට පස්සේ. ගොවිපල වටේ ඇවිදිද්දී මගේ ඇස ඇදගත්තු දර්ශන ටිකක් ඔන්න. කලිනුත් මම මේ වගේම පිනිබිදු පින්තුර පොස්ට් එකක පල කළා. බලපු නැති අය ඒවත් බලලම ඉන්නකෝ පහල සබැදියෙන්.
පිනි බිදු
මේ වගේ පංතුර ගන්න උචිත මැක්රෝ කාචයක් නැති නිසා මගේ අඩු මිල close-up කචයයි පාවිච්චි කලේ.
![]() |
| මුතු වැලක් |
මකුලුවෙකුත් බරටම වැඩ
ඔය අතරේම වන මලකුත් නෙලා ගත්ත ඔන්න
කුරුල්ලෙකුත් දැක්ක එකේ පින්තුරයක් නොගෙන ඉන්නේ කොහොමද?





















