Showing posts with label කාන්තාරය. Show all posts
Showing posts with label කාන්තාරය. Show all posts

Friday, February 13, 2015

මුඩුබිමේ අවසන් සේයා සටහන්

මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ. 

මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්. 

කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.
හිරු උදාව

  

සවස් යාමයේ Purple Island



මේ පැස්බරාගේ පින්තුරේ සටහන් කර ගත්තෙ අපේ ගොවිපල අසල තියෙන පොඩි සත්තු වත්තකදී

 කටාර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට වෙන්න තියෙන අල් කූට් බලකොටුව නරඹන්න ගිය අතරෙයි පහල පින්තුර ටික සටහන් කර ගත්තේ. 






Sunday, November 30, 2014

අද්භූත ගම්මානයේ කඳවුර | CAMPING AT MYSTERIOUS VILLAGE

අපේ කඳවුර 

ලංකාවේ ගෙවපු නිවාඩුවේ පින්තුර තව ඉතිරි වෙලා තිබුනත් පහුගිය දවසක අපි ගියපු ගමනක් පින්තුර ටිකක් ඊට කලින් පල කරන්න ඕන කියලා හිතුනා. 

හුදෙකලාවේ ගෙවෙන යාන්ත්‍රික ජිවිත මොහොතකට අමතක කරලා මේ පොඩි චාරිකාව යන්න සැලසුම් කරගෙන හිටියේ සෑහෙන දවසක ඉදලයි. මගේ එක සගයෙක් වෙච්ච සුවාට තිබුණු කඳවුරු (Camping) උණ නිසා අපි ඒ චාරිකාව කාන්තාරයේ කඳවුරුලෑමක් බවට පත්කරන්න තීරණය කළා. හැබැයි මේ චාරිකාව පියවර දෙකකින් කරන්නයි අවසනේදී තීරණය උනේ. 

පලවෙනි පියවර විදිහට දහවල් කාලයක අපේ කදවුර සදහා තැනක් හොයා ගන්න නියමු චාරිකාවක් විදිහටත්, දෙවෙනි පියවර රාත්‍රී කාලයේ අදාළ තැන කදවුරු බඳින්නත් තමයි සැලසුම උනේ.  ස්ථානය උනේ කටාර් සිනමා නගරය ළඟ පිහිටපු අද්භූත ගම්මානය. මේ වසරේ මුලදීත් මං මේ තැනට ගියා. මේ තියෙන්නේ එදා එකතු කර ගත්ත පින්තුර ටික. 

කටාර් රාජ්‍යයේ බටහිර වෙරළ ආසන්නයේ තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. දෝහා නගරයේ ඉදන් දුක්කාන් අධිවේගී මාර්ගය දිගේ ඇවිත්, Cuban රෝහල අසලන් උතුරු දිශාවට ගමන් කරන මාර්ගයෙන් ගමන් කලොත් ලේසියෙන්ම මේ ස්ථානය හොයා ගන්න පුළුවන්. මේ මාර්ගය අවසන් වෙන තැන ඉදන් වෙරලට සමාන්තරව කාන්තාරය දිගේ උතුරු දිහාවට යන්නයි තියෙන්නේ. ගුගල් සිතියමෙන් ලේසියෙන්ම තැන හොයා ගන්න පුළුවන්. 
ඉතින් මේ තියෙන්නේ මේ ගමනේදී එකතු කර ගත්ත පින්තුර වලින් තිර ගත්ත ඒවා කිහිපයක්. 

අද්භූත භුමි ලක්ෂණ

ගවේශකයා (සුවා)


බිම්මලක් 

ගමන් සගයා


අද්භූත ගම්මානයේ පිවිසුම 


අපේ කඳවුර හැදුවේ මේ පින්තුරේ වම කෙලවරේ 

සිනමා ගම්මානය 






ඉහල තියෙන පින්තුර දවල් කාලයේ ගමනේදී එකතු කර ගත්ත ඒවා. මෙතනින් පහල තියෙන්නේ දෙවෙනි පියවරේදී එකතු කර ගත්ත පින්තුර 


දුක්කාන් අදිවේගී මාර්ගය ඔස්සේ 


සිනමා ගම්මානය රාත්‍රී අහස යට 



පසුදින උදෑසන හිරු උදාවට ප්‍රථමයෙන් 
  
Zikreet වෙරල 

ඔය ඉන්නේ ගමන් සගයෝ ටික 

සුරංගනා කතාවක් නෙමෙයි. මේ කාන්තාරය. 



ජංගම දුරකතනයේ කැමරාවෙනුත් පින්තුර කීපයක් ඇල්ලුවා 
පැනොරාමාවක් (ජන්ගමයෙන්)

ජංගම දුරකතනයේ කැමරාවෙන්

ජංගම දුරකතනයේ කැමරාවෙන්

ගමන අවසානයේදී අපේ ගමන් සගයාගේ ලස්සන 

Monday, July 7, 2014

වාලුකා නිශාවන් 2 | Arabian nights 2

පොසොන් හඳ පායලා බැහැලා ගිහින්, පෝයට අලුත්ගම තිබ්බ ආලෝක පුජා සහ ප්‍රාණ ඝාතන පුජා ඉවර වුනාට පස්සේ  තිබුනේ අඳුරු රෑ අහසක්. ආර්ද්‍රතාව අඩු පැහැදිලි අහසක්. රාත්‍රී අහස පින්තුර ගන්න කියාපු කාලේ. දවල් කාලේ පින්තුර ගන්නවා තියා එලියට බහින්න බැරි නිසා, රාමදාන් තනි තරුවයි හඳ පලුවයි බටහිර අහසේ මතු වෙනකල් රාත්‍රී කාල වල මං අලුත් සගයා 'සුවා' එක්ක වටේ පිටේ කරක් ගැහුවා කැමරා දෙකත් අරගෙන. හඳ ආයෙත් අහසට ගොඩ උනාම ඉතින් තරු නොපෙනී යන නිසා ඔය වැඩේ කරන්න බෑ නේ. සුවාට තාරකා පථ (STAR TRAILS) ගන්න විදිහ කියල දෙන අතරේ ඇල්ලුවා පින්තුර ටිකක්. වැඩිමනක්ම තාරකා පථ තමයි. 

ඒ වගේම මේ දවස්වල ක්ෂිරපථය රෑ අහසේ මතුවෙන්න පටන් ගත්තත් එකම එක පින්තුරයක විතරයි ඒක යන්තමින් සටහන් කර ගන්න ලැබුනේ. ආලෝක දුෂණය නිසා වැඩිය පැහැදිලි නැති ඒ පින්තුරෙත් ගන්න ලැබුනේ අහම්බෙන්. පින්තුර ගන්න කියල රෑ අටට විතර පිටත් උන අපි නිකමට වගේ ගොවිපලට ගොඩ උන අතරේ හදිසි ශල්‍යකර්මයකට හිර වෙන්න උනා පැය ගානකට. අවසානේ හොදටම හෙම්බත් වෙලා ආපහු යන ගමන් නිකමට වගේ වාහනේ නතර කරලා පින්තුරයක් ගන්න උත්සහ කරන්න තීරණය කළා. ඒකෙ ප්‍රතිපලය තමයි අවසාන පින්තුරය. 

හුදෙකලාව මකන තරු 




තරු එකතු කරන ටැංකියක් 

මගදී බැටරිය බැස්ස නිසා අස්සර්තක උන පින්තුරයක් 







හෙම්බත්වෙලා එන ගමන් මග නතර උන අපේ ගමන් සගයා 

ඔබත් ඔහොම ඔතන ඉන්න- මමත් මෙහෙම මෙතන ඉන්නවා
ක්ෂිරපතය