පොසොන් හඳ පායලා බැහැලා ගිහින්, පෝයට අලුත්ගම තිබ්බ ආලෝක පුජා සහ ප්රාණ ඝාතන පුජා ඉවර වුනාට පස්සේ තිබුනේ අඳුරු රෑ අහසක්. ආර්ද්රතාව අඩු පැහැදිලි අහසක්. රාත්රී අහස පින්තුර ගන්න කියාපු කාලේ. දවල් කාලේ පින්තුර ගන්නවා තියා එලියට බහින්න බැරි නිසා, රාමදාන් තනි තරුවයි හඳ පලුවයි බටහිර අහසේ මතු වෙනකල් රාත්රී කාල වල මං අලුත් සගයා 'සුවා' එක්ක වටේ පිටේ කරක් ගැහුවා කැමරා දෙකත් අරගෙන. හඳ ආයෙත් අහසට ගොඩ උනාම ඉතින් තරු නොපෙනී යන නිසා ඔය වැඩේ කරන්න බෑ නේ. සුවාට තාරකා පථ (STAR TRAILS) ගන්න විදිහ කියල දෙන අතරේ ඇල්ලුවා පින්තුර ටිකක්. වැඩිමනක්ම තාරකා පථ තමයි.
ඒ වගේම මේ දවස්වල ක්ෂිරපථය රෑ අහසේ මතුවෙන්න පටන් ගත්තත් එකම එක පින්තුරයක විතරයි ඒක යන්තමින් සටහන් කර ගන්න ලැබුනේ. ආලෝක දුෂණය නිසා වැඩිය පැහැදිලි නැති ඒ පින්තුරෙත් ගන්න ලැබුනේ අහම්බෙන්. පින්තුර ගන්න කියල රෑ අටට විතර පිටත් උන අපි නිකමට වගේ ගොවිපලට ගොඩ උන අතරේ හදිසි ශල්යකර්මයකට හිර වෙන්න උනා පැය ගානකට. අවසානේ හොදටම හෙම්බත් වෙලා ආපහු යන ගමන් නිකමට වගේ වාහනේ නතර කරලා පින්තුරයක් ගන්න උත්සහ කරන්න තීරණය කළා. ඒකෙ ප්රතිපලය තමයි අවසාන පින්තුරය.
 |
| හුදෙකලාව මකන තරු |
 |
| තරු එකතු කරන ටැංකියක් |
 |
| මගදී බැටරිය බැස්ස නිසා අස්සර්තක උන පින්තුරයක් |
 |
| හෙම්බත්වෙලා එන ගමන් මග නතර උන අපේ ගමන් සගයා |
 |
ඔබත් ඔහොම ඔතන ඉන්න- මමත් මෙහෙම මෙතන ඉන්නවා ක්ෂිරපතය |