Showing posts with label sunset. Show all posts
Showing posts with label sunset. Show all posts

Sunday, November 30, 2014

අද්භූත ගම්මානයේ කඳවුර | CAMPING AT MYSTERIOUS VILLAGE

අපේ කඳවුර 

ලංකාවේ ගෙවපු නිවාඩුවේ පින්තුර තව ඉතිරි වෙලා තිබුනත් පහුගිය දවසක අපි ගියපු ගමනක් පින්තුර ටිකක් ඊට කලින් පල කරන්න ඕන කියලා හිතුනා. 

හුදෙකලාවේ ගෙවෙන යාන්ත්‍රික ජිවිත මොහොතකට අමතක කරලා මේ පොඩි චාරිකාව යන්න සැලසුම් කරගෙන හිටියේ සෑහෙන දවසක ඉදලයි. මගේ එක සගයෙක් වෙච්ච සුවාට තිබුණු කඳවුරු (Camping) උණ නිසා අපි ඒ චාරිකාව කාන්තාරයේ කඳවුරුලෑමක් බවට පත්කරන්න තීරණය කළා. හැබැයි මේ චාරිකාව පියවර දෙකකින් කරන්නයි අවසනේදී තීරණය උනේ. 

පලවෙනි පියවර විදිහට දහවල් කාලයක අපේ කදවුර සදහා තැනක් හොයා ගන්න නියමු චාරිකාවක් විදිහටත්, දෙවෙනි පියවර රාත්‍රී කාලයේ අදාළ තැන කදවුරු බඳින්නත් තමයි සැලසුම උනේ.  ස්ථානය උනේ කටාර් සිනමා නගරය ළඟ පිහිටපු අද්භූත ගම්මානය. මේ වසරේ මුලදීත් මං මේ තැනට ගියා. මේ තියෙන්නේ එදා එකතු කර ගත්ත පින්තුර ටික. 

කටාර් රාජ්‍යයේ බටහිර වෙරළ ආසන්නයේ තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. දෝහා නගරයේ ඉදන් දුක්කාන් අධිවේගී මාර්ගය දිගේ ඇවිත්, Cuban රෝහල අසලන් උතුරු දිශාවට ගමන් කරන මාර්ගයෙන් ගමන් කලොත් ලේසියෙන්ම මේ ස්ථානය හොයා ගන්න පුළුවන්. මේ මාර්ගය අවසන් වෙන තැන ඉදන් වෙරලට සමාන්තරව කාන්තාරය දිගේ උතුරු දිහාවට යන්නයි තියෙන්නේ. ගුගල් සිතියමෙන් ලේසියෙන්ම තැන හොයා ගන්න පුළුවන්. 
ඉතින් මේ තියෙන්නේ මේ ගමනේදී එකතු කර ගත්ත පින්තුර වලින් තිර ගත්ත ඒවා කිහිපයක්. 

අද්භූත භුමි ලක්ෂණ

ගවේශකයා (සුවා)


බිම්මලක් 

ගමන් සගයා


අද්භූත ගම්මානයේ පිවිසුම 


අපේ කඳවුර හැදුවේ මේ පින්තුරේ වම කෙලවරේ 

සිනමා ගම්මානය 






ඉහල තියෙන පින්තුර දවල් කාලයේ ගමනේදී එකතු කර ගත්ත ඒවා. මෙතනින් පහල තියෙන්නේ දෙවෙනි පියවරේදී එකතු කර ගත්ත පින්තුර 


දුක්කාන් අදිවේගී මාර්ගය ඔස්සේ 


සිනමා ගම්මානය රාත්‍රී අහස යට 



පසුදින උදෑසන හිරු උදාවට ප්‍රථමයෙන් 
  
Zikreet වෙරල 

ඔය ඉන්නේ ගමන් සගයෝ ටික 

සුරංගනා කතාවක් නෙමෙයි. මේ කාන්තාරය. 



ජංගම දුරකතනයේ කැමරාවෙනුත් පින්තුර කීපයක් ඇල්ලුවා 
පැනොරාමාවක් (ජන්ගමයෙන්)

ජංගම දුරකතනයේ කැමරාවෙන්

ජංගම දුරකතනයේ කැමරාවෙන්

ගමන අවසානයේදී අපේ ගමන් සගයාගේ ලස්සන 

Wednesday, January 29, 2014

දිනයක නිමාව - END OF A DAY

හවස් වරුවේ ඉර බැහැල යන්න ලං වෙද්දී අහස මවන දර්ශන බලන් ඉන්න වටිනවා. මම කොහොමත් හරිම ප්‍රියයි ඉර බැහැල යන දර්ශන පින්තුර ගන්න. ඊයේ හවස් වරුවේ ඉර ක්ෂිතිජයට ලංවෙනකොට මම කුරුල්ලන්ගේ පින්තුර දඩයමක යෙදිලයි හිටියේ. ඉර බහින දර්ශන සැහෙන්න මගේ පරිගණකයේ එකතු වෙලා තිබුනත් ඒ ගොඩට තව පින්තුර ටිකක් එකතු කර ගන්න හිතන් මම පින්තුරයක් ගන්න තැනක් හොයාගෙන ගමන් අරඹ කළා. අන්තිමේ නතර උනේ මිට කලිනුත් පින්තුර ගත්ත තැනක. මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් මේ ස්ථානයේදීම කලින් ගත්ත පින්තුරයක් දැක ගන්න පුළුවන් වේවි. 







Monday, December 30, 2013

හිරු අවරට - sunset


ටිකක් විතර පරණ පින්තුර ටිකක් මේ. මට නම් කාන්තාරේ තියෙන අල්ප වෙච්ච සුන්දර දර්ශන වලින් එකක් තමයි ඉර බැහැගෙන යන දර්ශනේ. ඒ නිසාමද කොහෙද මේ වගේ දර්ශන නිතරම මගේ කැමරාවේ සටහන් වෙනවා. මිට කලිනුත් මම මේ වගේම පින්තුරයක් පල කලා. බැලුවේ නැත්නම් පහළ ලින්කුවෙන් බලලන්න.
http://pinthorawick.blogspot.com/2013/11/desert-sun.html
 දිගින් දිගටම මේ වගේ ඉර බහින දර්ශනම පල කරන නිසා ඒවා එපා වෙලාද මන්ද? ඒ නිසාම ඊලගට මගේ කුරුළු එකතුව පල කරන්නයි හිතන් ඉන්නේ. හැම තැනම විසිරිලා තියෙන ඒ පින්තුර ටික එක තැනකට එකතු කර ගන්න ටිකක් කල් යාවි වගේ.







වහලෙට උඩින් අර්ධ සුර්යග්‍රහණයක්


ඉහල තියෙන පින්තුරේම HDR toning කිරීමෙන් පසු. ටිකක් කෘතීම බවක් දැනුනත් මෙහෙමත් ලස්සනයි කියල හිතෙනවා