Tuesday, July 26, 2016

පැනොරාමා - PANORAMA

කාලාන්තරයක් තිස්සේ draft ෆෝල්ඩරයේ හැංගිලා තිබුණු පින්තුර කිහිපයක් තමයි මේ පල කරන්න හදන්නේ. පින්තුර කිහිපයක් එකතු කිරීමෙන් සකස් කරපු පැනොරාමා. තිරස් අතට ගත්තු පින්තුරක් ඉහිපයක් ෆොටෝෂොප් භාවිතයෙන් එකතු කරලා තමයි වැඩි වපසරියක් සහිත මේ පින්තුර සකස් කරල තියෙන්නේ. ඉහලින්ම තියෙන පින්තුරය සටහන් කර ගත්තේ සෝමාවතිය චෛත්‍යය අසලදී.



පොලොන්නරුව මඩකලපුව මාර්ගය, දිඹුලාගල හුදෙකලා කදු වැටිය සහ නාට්‍යක් රඟ දක්වන අහස 

නිහඩ කාන්තාරය සහ වර්ණවත් සැන්දෑ අහස 

සිකුරු 








සුන්දර ගිම්හානයක මතක සටහන් - මහවැලි නදී ඉවුරේ



හෙල්මළු 


යුද්ධයේ නටබුන්

Thursday, July 7, 2016

ගොවිපලේ සේයා සටහන්


සෑහෙන දිගු නිහැඩියාවකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනා. කෙටි සටහනක් එක්ක මේ පළවෙන්නේ මගේ වර්තමාන රැකියා ස්ථානයේ පරිසරයේදී සටහන් කර ගත්ත සේයා කිහිපයක්.

















































ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්


ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්

















Friday, October 16, 2015

Friday, February 13, 2015

මුඩුබිමේ අවසන් සේයා සටහන්

මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ. 

මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්. 

කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.
හිරු උදාව

  

සවස් යාමයේ Purple Island



මේ පැස්බරාගේ පින්තුරේ සටහන් කර ගත්තෙ අපේ ගොවිපල අසල තියෙන පොඩි සත්තු වත්තකදී

 කටාර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට වෙන්න තියෙන අල් කූට් බලකොටුව නරඹන්න ගිය අතරෙයි පහල පින්තුර ටික සටහන් කර ගත්තේ.