Showing posts with label පොලොන්නරුව. Show all posts
Showing posts with label පොලොන්නරුව. Show all posts

Tuesday, December 13, 2016

වැස්සෙන් පස්සේ රජරට 
නොවැම්බර් මාසේ මැද්දේ මහා වැහි දෙක තුනක් ඇද හැලුනට පස්සේ මං නං හිතුවේ රජරට නියගයේ අවසානය කියලයි. ඒත් ඒ වැස්ස රැවටිල්ලක් විතරයි. දැන් ආයෙත් පායනවා හිටු කියල. දෙසැම්බර් මාසෙද කියලා හිතා ගන්නවත් බෑ. කොහොම උනත් ඒ වැස්සට පළාත යන්තම් කොළ පාටට හැරිලා ආවා.
ඔය අතර තුරේ මං රැකියාවේ නියුතු වෙලා හිටපු ගොවිපලට සමුදීලා රජයේ පශු වෛද්‍ය සේවයට බැදුනා. අවුරුදු ගානකට පස්සේ ගොවිපල පරිසරයෙන් මිදිලා කාර්යාල පරිසරයක රාජකාරියට යන්නයි සුදානම් වෙන්නේ. මේ මං ඒ අතහැරලා යන සුන්දර ගොවිපලේ වැස්සෙන් පස්සේ දැකපු දර්ශනයක්.

Tuesday, July 26, 2016

පැනොරාමා - PANORAMA

කාලාන්තරයක් තිස්සේ draft ෆෝල්ඩරයේ හැංගිලා තිබුණු පින්තුර කිහිපයක් තමයි මේ පල කරන්න හදන්නේ. පින්තුර කිහිපයක් එකතු කිරීමෙන් සකස් කරපු පැනොරාමා. තිරස් අතට ගත්තු පින්තුරක් ඉහිපයක් ෆොටෝෂොප් භාවිතයෙන් එකතු කරලා තමයි වැඩි වපසරියක් සහිත මේ පින්තුර සකස් කරල තියෙන්නේ. ඉහලින්ම තියෙන පින්තුරය සටහන් කර ගත්තේ සෝමාවතිය චෛත්‍යය අසලදී.



පොලොන්නරුව මඩකලපුව මාර්ගය, දිඹුලාගල හුදෙකලා කදු වැටිය සහ නාට්‍යක් රඟ දක්වන අහස 

නිහඩ කාන්තාරය සහ වර්ණවත් සැන්දෑ අහස 

සිකුරු 








සුන්දර ගිම්හානයක මතක සටහන් - මහවැලි නදී ඉවුරේ



හෙල්මළු 


යුද්ධයේ නටබුන්

Thursday, July 7, 2016

ගොවිපලේ සේයා සටහන්


සෑහෙන දිගු නිහැඩියාවකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනා. කෙටි සටහනක් එක්ක මේ පළවෙන්නේ මගේ වර්තමාන රැකියා ස්ථානයේ පරිසරයේදී සටහන් කර ගත්ත සේයා කිහිපයක්.

















































ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්


ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්

















Thursday, December 25, 2014

මඟ තොට සේයා මතක


ලංකාවේ ඉදන් ඇවිත් මාස කිහිපයකුත් ගෙවිල ගිහින්. එත් පල කරන්න බැරි උන පින්තුර ගොඩක් තාම පරිඝනකයේ එකතු වෙලා තියෙනවා. රැකියාවේ කාර්යබහුල කම නිසා වල් බිහිවේගෙන එන මේ බ්ලොග් එකට සැහෙන කාලෙකින් පොස්ට් එකක් විදිහට පල කරන්න හදන්නේ ඒ අතරින් පින්තුර ටිකක්. 

නිවාඩු කාලයේ එහා මෙහා ගමන් අතරතුර මඟ තොටදී ගත්ත පින්තුර ටිකක් තමයි මේ. උඩින්ම තියෙන්නේ ටිකක් ප්‍රසිද්ධ මනම්පිටිය පැරණි පාලම. කොළඹ - මඩකලපුව මාර්ගයේ මහවැලි ගඟ හරහා නිතර නිතර ගිය ගමන් අතරේදී තමයි මේ පින්තුරය සටහන් කර ගත්තේ. පහළින් තියෙන්නෙත් ඒ පාලමේම පිංතුරයක් තමයි. හැබැයි ඉතිං ඒ පින්තුරේ ඉන්න ජෝඩුව නම් මං අදුරන්නේ නෑ. 



කොළඹ - මඩකලපු මාර්ගයේදී නිතර ඇහැ ගැටුණු තවත් දසුනක් තමයි ඊළග පින්තුර දෙක. දිඹුලාගල හුදෙකලා කදුවැටිය. 


මඩකළපු මාර්ගය කොලකනවාඩිය සිවිල් ආරක්ෂක මුරපොළ ලඟදි 
පහළ තියෙන පින්තුර ටික නම් සටහන් කර ගත්තේ මහවැලි ගම්මාන පුරාවට වතුර අරන් යන ප්‍රසිද්ධ ZD ඇළ ඉවුර දිගේ එහා මෙහා ගිය ගමන් වලදී...



වැලිකන්ද නගරයත් අපේ ගමත් අතර මාර්ගයේදී තමයි පහල පින්තුර දෙක සටහන් කර ගත්තේ. ඒ දෙකම ජංගම දුරකතනයෙන් ගත පින්තුර 
වියලි කලාපයේ තවත් දිනයක් නිමාවක් 
වහින්න වගෙයි ලෑස්ති. 




ඉහල පින්තුර දෙක නම් මග තොටදී ගත්ත ඒවා නෙමෙයි ඔන්න. අපේ නිවහන ලගදි තමයි මේවා නම් ගත්තේ. 

සෝමාවතිය පුජාභුමිය දිහාවට යන ගමනේදී. 

ත්‍රිකොනමඩු-සෝමාවතී මාර්ගයේ තියෙන කන්දකාඩු යුධ හමුදා ගොවිපල.
පරාක්‍රම සමුද්‍රයේ පළමු සොරොව්වේ වතුර අරන් යන එකේ ඇළ


ඔය ගමන් අතරේ සමහර විට නැවතිලා කුරුල්ලෝ කීප දෙනෙකුත් අල්ල ගත්තා 
රජරටින් අපි උඩරට දිහාවටත් ගියා පොඩ්ඩක් නෑදෑ පරපුර බලල එන්න පහල පින්තුර ගත්තේ ඒ ගමනේදී. 
මාතලේ ඇටිපොල කන්ද - ජංගම දුරකතනයෙන්
රජරට හිටියට, කන්ද උඩරට හගුරන්කේතටත් සැහෙන එහා තියෙන ගම්මානයක් තමයි අපේ උපන් ගම. ඔන්න බලන්නකෝ අපේ ගම ලස්සන නැද්ද කියලා. 


හෙල්-මළු 
මේ සැරේ මං වඩාත් කැමති පින්තුරේ අන්තිමට තමයි පල කලේ.