Showing posts with label මිහිපිට සුරපුර. Show all posts
Showing posts with label මිහිපිට සුරපුර. Show all posts

Thursday, July 7, 2016

ගොවිපලේ සේයා සටහන්


සෑහෙන දිගු නිහැඩියාවකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනා. කෙටි සටහනක් එක්ක මේ පළවෙන්නේ මගේ වර්තමාන රැකියා ස්ථානයේ පරිසරයේදී සටහන් කර ගත්ත සේයා කිහිපයක්.

















































ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්


ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්

















Thursday, December 25, 2014

මඟ තොට සේයා මතක


ලංකාවේ ඉදන් ඇවිත් මාස කිහිපයකුත් ගෙවිල ගිහින්. එත් පල කරන්න බැරි උන පින්තුර ගොඩක් තාම පරිඝනකයේ එකතු වෙලා තියෙනවා. රැකියාවේ කාර්යබහුල කම නිසා වල් බිහිවේගෙන එන මේ බ්ලොග් එකට සැහෙන කාලෙකින් පොස්ට් එකක් විදිහට පල කරන්න හදන්නේ ඒ අතරින් පින්තුර ටිකක්. 

නිවාඩු කාලයේ එහා මෙහා ගමන් අතරතුර මඟ තොටදී ගත්ත පින්තුර ටිකක් තමයි මේ. උඩින්ම තියෙන්නේ ටිකක් ප්‍රසිද්ධ මනම්පිටිය පැරණි පාලම. කොළඹ - මඩකලපුව මාර්ගයේ මහවැලි ගඟ හරහා නිතර නිතර ගිය ගමන් අතරේදී තමයි මේ පින්තුරය සටහන් කර ගත්තේ. පහළින් තියෙන්නෙත් ඒ පාලමේම පිංතුරයක් තමයි. හැබැයි ඉතිං ඒ පින්තුරේ ඉන්න ජෝඩුව නම් මං අදුරන්නේ නෑ. 



කොළඹ - මඩකලපු මාර්ගයේදී නිතර ඇහැ ගැටුණු තවත් දසුනක් තමයි ඊළග පින්තුර දෙක. දිඹුලාගල හුදෙකලා කදුවැටිය. 


මඩකළපු මාර්ගය කොලකනවාඩිය සිවිල් ආරක්ෂක මුරපොළ ලඟදි 
පහළ තියෙන පින්තුර ටික නම් සටහන් කර ගත්තේ මහවැලි ගම්මාන පුරාවට වතුර අරන් යන ප්‍රසිද්ධ ZD ඇළ ඉවුර දිගේ එහා මෙහා ගිය ගමන් වලදී...



වැලිකන්ද නගරයත් අපේ ගමත් අතර මාර්ගයේදී තමයි පහල පින්තුර දෙක සටහන් කර ගත්තේ. ඒ දෙකම ජංගම දුරකතනයෙන් ගත පින්තුර 
වියලි කලාපයේ තවත් දිනයක් නිමාවක් 
වහින්න වගෙයි ලෑස්ති. 




ඉහල පින්තුර දෙක නම් මග තොටදී ගත්ත ඒවා නෙමෙයි ඔන්න. අපේ නිවහන ලගදි තමයි මේවා නම් ගත්තේ. 

සෝමාවතිය පුජාභුමිය දිහාවට යන ගමනේදී. 

ත්‍රිකොනමඩු-සෝමාවතී මාර්ගයේ තියෙන කන්දකාඩු යුධ හමුදා ගොවිපල.
පරාක්‍රම සමුද්‍රයේ පළමු සොරොව්වේ වතුර අරන් යන එකේ ඇළ


ඔය ගමන් අතරේ සමහර විට නැවතිලා කුරුල්ලෝ කීප දෙනෙකුත් අල්ල ගත්තා 
රජරටින් අපි උඩරට දිහාවටත් ගියා පොඩ්ඩක් නෑදෑ පරපුර බලල එන්න පහල පින්තුර ගත්තේ ඒ ගමනේදී. 
මාතලේ ඇටිපොල කන්ද - ජංගම දුරකතනයෙන්
රජරට හිටියට, කන්ද උඩරට හගුරන්කේතටත් සැහෙන එහා තියෙන ගම්මානයක් තමයි අපේ උපන් ගම. ඔන්න බලන්නකෝ අපේ ගම ලස්සන නැද්ද කියලා. 


හෙල්-මළු 
මේ සැරේ මං වඩාත් කැමති පින්තුරේ අන්තිමට තමයි පල කලේ. 



Saturday, October 25, 2014

සෝමාවතිය පුදබිම හා රක්ෂිතය අවට | සුන්දර රජරට


කලින් පොස්ට් වල සදහන් කළා වගේ නිවාඩු කාලේ වැඩිය ඇවිදින්න කරන්න ඉඩ කඩක් ලැබුනේ නැති උනත් සෝමාවතිය රක්ෂිතය හරහා කිහිප වරක් එහාට මෙහාට යන්න නම් මට අවස්තාව ලැබුණා. ඒ දැනට අපේ නිවහන වෙච්ච පුංචි ගුරු නිවාසය තියෙන්නේ සෝමාවතිය රක්ෂිතයේ මායිමේ වෙච්ච නිසයි. ඔය ගමන් බිමන් අතරේම සෝමාවතිය පුද බිමට ගොඩ වෙන්නත් අවස්ථා දෙකකදී ඉඩකඩ ලැබුණා. ඉතින් මේ සටහනේ පළකරන්න යන්නේ ඒ අවස්ථා වලදී එකතු කර ගත් පින්තුර ටිකකුයි. 
සෝමාවතිය පුද බිම සහ පින්තුර ගැන කතා කරන නිසාම මේ ගමන් වලදී මගේ අවධානය යොමු වෙච්ච දෙයක් ගැන සදහන් කරන්නත් ඕන. ඒ පුජා භුමිය පුරාම විවිධ දින වකවානු සටහන් කරමින් පලකරලා තිබුණු පින්තුර රැසක් ගැනයි. පුජා භුමිය පුරා එල්ලලා තිබ්බ මේ පින්තුර වල සදහන් කර තිබුනේ සෝමාවතිය ස්තුපයෙන් විහිදෙන රැස් මාලාවල් බවයි. එත් මේ පින්තුර වලින් බහුතරයක් හවසක හෝ උදයක කෙලින්ම හිරුට මුහුණලා පින්තුර ගැනීම නිසා ඇති වෙච්ච lens flare කියන දෙයයි සටහන් වෙලා තිබුනේ. ඒ වගේම රාත්‍රී කාලයේ ඩිජිටල් කැමරාවලින් පින්තුර ගැනීමේදී, කැමරාව හෙලවීම නිසා ඇතිවෙන විකෘති පින්තුරත් අද්භූත පින්තුර බව කියල පල කරලා තිබුනා. මුලින්ම මේ නොදැනුවත්කම නිසා කල දෙයක් විදිහට හිතුනත් පොටෝෂොප් මෘදුකාංග භාවිතා කරලා සමහර පින්තුර සංස්කරණ කරලා පිටසක්වල ජීවින් ආදී කතන්දරත් එකතු කරලා තිබුන දැක්කමයි හිතුනේ මේක අහිංසක සැදැහැවතුන් රවට්ටන්න හිතා මතා කරපු දෙයක් බව. ඒ විතරක් නෙමෙයි ඒ හැම තැනකම අහවල් විශ්වවිද්‍යාලයේ අහවල් පිඨයේ හිටපු වැඩබලන පිඨධිපති අහවල් ස්වාමින් වහන්සේ කියල ලොකුවට සදහන් කරලත් තිබුනා. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිතා මතාම මේ වගේ මුසාවාදා පුජා භුමියකම පළකරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියල නම් මට තේරෙන්නේ නෑ.
කොහොම කොහොම හරි ඒ කතාව පැත්තකින් තියලා මෙන්න බලමු සෝමාවතිය ස්තුපය සහ සෝමාවතිය රක්ෂිතය අවටදී මං එකතු කර ගත්ත පින්තුර ටික. 



















මේ පින්තුරේ පොඩි දෝෂයක් තියෙනවා. ක්ෂිතිජ රේඛාව ඇදයි. පලකරන්න ඔන්න මෙන්න කියලයි ඒක දැක්කේ 

ඔන්න අපි සෝමාවතිය රක්ෂිතයට ඇතුළු උනා. 


මහවැලි ගඟ හරහා
දිය හිඳුන මහවැලි ගං ඉවුරේ
විදුලින් වැටෙන් එහා රක්ෂිතයේත් මිනිස් ක්‍රියාකාරකම් - ඈතින් පෙනෙන්නේ දිඹුලාගල කදු වැටිය