නිවාඩුව අවසන් වෙලා ඇවිත් ගෙවිච්ච මාස දෙකක කාලය ඇතුලේ මං මගේ සුපුරුදු පින්තුර ඇල්ලීමේ විනෝදාංශයේ යෙදුනේ නැති තරම්. ඉදල හිටලා ජංගම දුරකථනයෙන් පින්තුරයක් දෙකක් ගත්තට, මගේ කැමරාවට නම් තාමත් නිවාඩු. ඒත් පහුගිය නිවාඩු කාලයේ එකතු කර ගත්ත පින්තුර ගොඩක් තියෙනවා තවම පළ නොකළ.
ඉතිං මේ පළ කරන්න හදන්නේ ඒ පින්තුර අතරින් කිහිපයක්. මේ පින්තුර සටහන් කර ගත්තේ මහවැලි ව්යාපාරයට අයත් හුදෙකලා ගම්මානයක පිහිටි, අපේ අලුත් නිවහන වෙච්ච පුංචි ගුරු නිවාසය අවටින්. දශක කිහිපයක් තිස්සේ ඇවිලිලා ගිය යුධ ගිනිවල උණුසුම තදින් දැනිච්ච මායිම් ගම්මානයක් මේක. යුධ හමුදා කදවුරක් මායිමේ පිහිටපු අපේ නිවහන වටේටම තියෙන්නේ අතහැර දාපු, ගරාවැටුණු නිවාස. යුධ බිය මැකිලා ගියත් අලි ඇතුන්ගේ තර්ජනයන් නිසා මං සැලසුම් කරගෙන හිටපු රාත්රී අහසේ දර්ශන ගන්න නම් ඉඩක් ලැබුනෙම නෑ.
 |
සෑම උදාසනකම දකින දසුනක්
 |
| හුදෙකලාවේ - පින්තුර කිහිපයක එකතුවක් panorama |
|
 |
| ප්රවාහනය |
 |
| මගේ නිවන මගේ පැල්පතයි |
 |
| රජ්ජුරුවෝ |
 |
| කැලෑ මල් වලත් රොන් තියෙනවා |
 |
| තවත් දිනකට හිරු උදාවක් |
 |
| දුම් බොන්නා |
 |
| අපේ නිවහනට එන මඟ |
 |
| මැද පෙරදිගදී බොහොම අමාරුවෙන් අල්ල ගත්ත ක්ෂිරපථය ගරා වැටුණු නිවාසයකට ඉහලින් බොහොම පහසුවෙන් අල්ල ගත්තා. |
 |
| රාත්රී අහස - අපේ නිවහනේ පෑල දොරින් |
 |
| අකුණු ගැහුවට වැස්සක් නම් ආවේ නෑ පැත්ත පලාතේ. |